අම්බලන්ගොඩ ශ්‍රී දේවානන්ද විද්‍යාලය සහ අම්බලන්ගොඩ ධර්මාශෝක විද්‍යාලය අතර කරන්දෙණිය විද්‍යාලයීය ක්‍රීඩාංගණයේදී ‘සුනිල සංග්‍රාමය’ වාර්ෂික මහ ක්‍රිකට් තරග සමගාමීව පැවැති සීමිත ඕවර තරගය වර්ෂාව හේතුවෙන් විසඳුමකින් තොරව අද (6 වැනිදා) අවසන්විය.
දිවා ආහාරයට තරගය නතර කිරීමෙන් පසුව පස්වරු 2.05 ට පමණ ඇතිවූ අධික වර්ෂාව හේතුවෙන් පස්වරු 2.40 ට පමණ තරගය අතහැර දැමීමට විනිසුරුවරුන් විසින් තීරණය කළහ.
කාසියේ වාසිය දිනාගත් ධර්මාශෝක විද්‍යාලය පළමුව පන්දුවට පහරදීම සදහා ශ්‍රී දේවානන්ද විද්‍යාලයට ආරාධනා කළ අතර ඕවර 35.1 ක් තුළ ලකුණු 165 කට සියලුදෙනා දැවී ගියහ.
දසුන් ද සිල්වා (72) අර්ධ ශතකයක් රැස්කරමින් ශ්‍රී දේවානන්ද විද්‍යාලයීය ලකුණු පුවරුව ඉහළ දැමීමට උත්සහ ගත්තද සෙසු පිතිකරුවන්ගේ අසාර්ථකත්වය හේතුවෙන් අඩු ලකුණු සංඛ්‍යාවකට සීමාවිය.
ලකුණු 23 කට කඩුලු 5 ක් දවාගනිමින් දිනුක දිල්ශාන් ධර්මාශෝක විද්‍යාලය වෙනුවෙන් පන්දුවෙන් දස්කම් දැක්වීය.
ජයග්‍රහණය සදහා ලකුණු 166 ක ඉලක්කයක් හඹාගිය ධර්මාශෝක විද්‍යාලය දිවා ආහාරය සදහා තරගය නතර කරනවිට ඕවර 7 කදී ලකුණු 31 කට කඩුල්ලක් අහිමිකර ගෙන සිටියේය.
ශ්‍රී දේවානන්ද විද්‍යාලය - ඕවර 35.1 කදී සියලුදෙනා දැවී ලකුණු 165
(දසුන් ද සිල්වා 72, දිනුක දිල්ශාන් 23/5)
ධර්මාශෝක විද්‍යාලය - ඕවර 7 කදී කඩුල්ලක් දැවී ලකුණු 31
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.