Last Update  :  2025-12-27 20:29:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket දේවපතිරාජය මුල් ඉනිමෙන් ජයගනී

දේවපතිරාජය මුල් ඉනිමෙන් ජයගනී

ශනුක අරවින්ද - 2015 ජන මස 24 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

රත්ගම දේවපතිරාජ විදුහල සහ කළුතර තිස්ස විදුහල අතර බලපිටියේදී පැවැති වයස 19 න් පහළ ‘සිංගර් කුසලාන’ අන්තර් පාසල් කි‍්‍රකට් තරගයෙන් පළමු ඉනිමේ ජයක් අත්කර ගැනීමට රත්ගම දේවපතිරාජ විදුහල සමත් විය.

ජයග‍්‍රහණය සඳහා ලකුණු 229 ක ඉලක්කයක් හඹාගිය තිස්ස විදුහල, තරගය නතර කරන විටදී කඩුලූ 6 ක් දැවී ලකුණු 116 ක් ලබා සිටියේය. 

දේවපතිරාජ විදුහලේ පළමු ඉනිමේදී දක්ෂ පිතිහරඹයක නිරත වූ උප නායක ප‍්‍රසන්න කරුණාවංශ පන්දු 175 කදී ලකුණු 100 ක් රැස්කිරීමට සමත් වූ අතර ඔහුගේ ශතකයට හයේ පහර 2 ක් සහ හතරේ පහර 16 ක් ඇතුළත් විය. 

දේවපතිරාජ විදුහල වෙනුවෙන් අගනා පන්දු යැවීමක නිරත වූ රවීන් යසස්, තිස්ස විදුහල් පළමු ඉනිමේදී ලකුණු 24 කට කඩුලූ 5 ක් දවාගත්තේය. 

දේවපතිරාජ විදුහල පළමු ඉනිම - සියලූ දෙනා දැවී 241
(ප‍්‍රසන්න කරුණාවංශ 100, රවීන් යසස් 31, තිසර දිල්ෂාන් 21, නිමේෂ් චතුරංග නොදැවී 23, දිමුතු මධුසංක 58/3, මලිඳු රවිෂාන් 18/3, චරිත් දුෂාන්ත 54/2)

තිස්ස විදුහල පළමු ඉනිම - සියලූ දෙනා දැවී 176
(නවීන් ධනුෂ්ක 55, සඳුන් චතුරංග 37, ගඟුල් රවින 24, රවීන් යසස් 24/5, ප‍්‍රසන්න කරුණාවංශ 45/2, පැතුම් මධුසංක 35/2)

දේවපතිරාජ විදුහල දෙවැනි ඉනිම - කඩුලූ 7 ක් දැවී 164 
(රමිඳු නිකේෂල 57, ප‍්‍රසන්න කරුණාවංශ නොදැවී 32, අවිෂ්ක චේනුක 26, නිලංක රුක්ෂිත 25, නවෝද් ප‍්‍රබෝධන 41/2, නවීන් ධනුෂ්ක 46/2)
  
තිස්ස විදුහල දෙවැනි ඉනිම - කඩුලූ 6 ක් දැවී 116
(ගඟුල් රවින 40, සඳුන් චතුරංග 25, සංඛ චතුරංග 16, සසිඳු සත්සර 5/4)

-036


අදහස් (0)

දේවපතිරාජය මුල් ඉනිමෙන් ජයගනී

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.