Last Update  :  2024-04-20 13:35:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket දෙවැනි තරගයත් වැස්සට සේදෙයි
අයි.සී.සී. කාන්තා ශූරතාවලිය

දෙවැනි තරගයත් වැස්සට සේදෙයි

editorial - 2023 මැයි මස 02 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(දමින්ද විජේසූරිය)

ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර අද (02 වැනිදා) පැවැත්වීමට නියමිතව තිබූ දෙවැනි කාන්තා එක්දින අන්තර්ජාතික තරගයත්, එකම පන්දුවක් හෝ නොයවාම අතහැර දමන ලදි. අද උදෑසන සිට පැවැති ධාරාණිපාත වර්ෂාව හේතුවෙන් බොරැල්ල පී. සරවනමුත්තු ක්‍රීඩාංගණය ඉක්මනින් යථා තත්ත්වයට පත්කරගත නොහැකි තරමට ජලයෙන් යටවී ගියෙන් දහවල් 12.00 ට ක්‍රීඩාංගණය පරීක්‍ෂා කළ විනිසුරුවරු, තරගය අතහැර දැමූහ.

තරගාවලියේ පළමු තරගයත් වර්ෂාවට සේදී ගිය බැවින්, මේ වන විට තරග දෙකක්ම පැවැත්වීමට නොහැකිවීම නිසා තරගාවලියේ තරග දෙකක ප්‍රසාද ලකුණු දෙපිලටම බෙදී ගොස් තිබේ.

අන්තර්ජාතික ක්‍රිකට් සභාවේ කාන්තා ශූරතාවලියට (2022 - 2025) ඇතුළත් මෙම තරගාවලියේදී ශ්‍රී ලංකා කාන්තාවන් තරග 8 ක් ක්‍රීඩා කර ඇති නමුත් ජයගෙන ඇත්තේ එකම තරගයක් පමණි. පසුගිය 29 වැනිදා සහ අද පැවැති තරග දෙකම වර්ෂාවට සේදී යාම නිසා දෙපිලටම බෙදීගිය ප්‍රසාද ලකුණු 1 ක් බැගින් එකතු වූ හෙයින් තරග 8 කදී ප්‍රසාද ලකුණු 4 ක් ශ්‍රී ලංකා කාන්තාවන්ට හිමිවී තිබේ.

ප්‍රසාද ලකුණු පුවරුවේදී ශ්‍රී ලංකා කාන්තාවන්ට හිමිවී ඇත්තේ 8 වැනි ස්ථානයයි. තරග 5 කට පමණක් ක්‍රීඩා කර ඇති බංග්ලාදේශ කාන්තාවන් ද ප්‍රසාද ලකුණු 4 ක් හිමිකරගෙන ඇතත් එයත් විසඳුමකින් තොරවූ තරග 4 කිනි. මූලික වටය තරග 3 ක් බැගින් යුත් තරගාවලි 8 කින් සමන්විතය.

2025 කාන්තා ලෝක කුසලාන තරගාවලියට එක එල්ලේම සුදුසුකම් ලබාගන්නේ අන්තර්ජාතික ක්‍රිකට් සභාවේ කාන්තා ශූරතාවලියේ (2022 - 2025) මූලික වටය අවසානයේදී, ප්‍රසාද ලකුණු පුවරුව අනුව ඉහළින්ම සිටින කණ්ඩායම් 6 සහ සත්කාරක ඉන්දියාව පමණි. ප්‍රසාද ලකුණු පුවරුවේ හත්වැනි කණ්ඩායමේ සිට පහළින් සිටින කණ්ඩායම් වලට 2025 ලෝක කුසලාන තරගාවලියට සහභාගි වීමට සිදුවන්නේ සුදුසුකම් ලබාගැනීමේ තරගාවලියකින් පසුවය.


අදහස් (0)

දෙවැනි තරගයත් වැස්සට සේදෙයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.