Last Update  :  2025-12-23 17:52:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket දෙනුවන් - කෙනුල තියුණු සටනක

දෙනුවන් - කෙනුල තියුණු සටනක

Nisanka Sandeepani - 2018 මාර් මස 21 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

‘ඩයලොග් 4G- සන්ඬේ ටයිම්ස්’ වසරේ ජනප්‍රියම පාසල් ක්‍රිකට් ක්‍රීඩකයා තේරීමේ තරගයේ 24 වැනි සතිය නිමාවන විට නැගී එන පාසල් කාණ්ඩයේ පෙරමුණ සඳහා ඉතා තියුණු සටනක් හටගෙන තිබේ. එම කාණ්ඩයේ පෙරමුණ ගෙන සිටින කොළඹ කේරි විදුහලේ දෙනුවන් පෙරේරා ඡන්ද 18,552 ක් ලබා සිටින අතර දෙවැනි ස්ථානයේ රැදී සිටින රත්නපුර ශාන්ත ඇලවීෂියස් විදුහලේ කෙනුල ගුණරත්න ලබා සිටින ඡන්ද සංඛ්‍යාව 18,232 කි. 
 
ගෙවී ගිය සතියේදී ඡන්ද 1,591 ක් ලබාගැනීමට දෙනුවන් සමත්ව ඇති අතර එහිදී කෙනුල ලබාගෙන ඇති ඡන්ද සංඛ්‍යාව 3,099 කි. ඒ අනුව එම සතිය තුළදී ඔවුන් දෙදෙනා අතර පැවැති පරතරය ඡන්ද 1828 සිට ඡන්ද 320 ක් දක්වා අඩු වී තිබේ. 
 
සමස්ත ලංකා පාසල් කාණ්ඩයේදී ගල්කිස්ස සාන්ත තෝමස් විදුහලේ ඩෙලන් පීරිස් ඡන්ද 30,591 ක් ලබා තවදුරටත් පෙරමුණේ රැදී සිටියද, ගෙවී ගිය සතිය තුළදී ඔහුට ලබාගත හැකි වී ඇත්තේ ඡන්ද 523 ක් පමණි. 
 
ඉකුත් සතිය නිමාවන තෙක් සමස්ත ලංකා පාසල් කාණ්ඩයේ දෙවැනි ස්ථානයේ රැදී සිටි බම්බලපිටිය ශාන්ත පීතර විදුහලේ සචින් සිල්වා තෙවැනි ස්ථානයට ඇද දමමින් එම කාණ්ඩයේ දෙවැනි ස්ථානය අත්කර ගැනීමට කොළඹ ඩී.එස්. සේනානායක විදුහලේ විහන් ගුණසේකර සමත්ව සිටියි. ගෙවී ගිය සතියේදී ලබාගත් ඡන්ද 3002 ත් සමගින් සිය මුළු ඡන්ද සංඛ්‍යාව 20,782 ක් දක්වා ඉහළ දමාගැනීමට විහන් ගුණසේකර සමත්ව ඇති අතර මුළු ඡන්ද 18,802 ක් ලබා සිටින සචින් සිල්වා ගෙවී ගිය සතියේදී ලබා ගෙන ඇත්තේ ඡන්ද 5 ක් පමණි. 
 
බාලිකා පාසල් කාණ්ඩයේ පෙරමුණ ගෙන සිටින නුගේගොඩ අනුලා විදුහලේ හර්ෂිතා සමරවික්‍රම සිය ඡන්ද සංඛ්‍යාව 20,498 ක් දක්වා වර්ධනය කරගෙන ඇති අතර එම කාණ්ඩයේ දෙවැනි ස්ථානයේ පසුවන ගම්පහ රත්නාවලී විදුහලේ පබසරා රණබාහු ලබා සිටින ඡන්ද සංඛ්‍යාව 8,101 කි. ඒ අනුව ඔවුන් දෙදෙනා අතර පළමු සහ දෙවැනි ස්ථාන සඳහා පවතින පරතරය ඡන්ද 12,397 කි. 
 
මෙම තරගයට අදාළ කූපන්පත් මේ මස 25 වැනිදා දක්වා විජය පුවත්පත් සමාගමේ ලංකාදීප, අද, ඬේලි මිරර් සහ ඬේලි එෆ්.ටී. යන දිනපතා පුවත්පත්වලද, ‘සන්ඬේ ටයිම්ස්’ සහ ‘දේශය’ යන සති අන්ත පුවත්පත්වලද පළවේ. කූපන්පත් මාලාවේ අවසන් කූපනය මාර්තු 25 වැනිදා ද සන්ඬේ ටයිම්ස් පුවත්පතේ පළවනු ඇත. 
 
තමන් කැමතිම පාසල් ක්‍රිකට් ක්‍රීඩකයා වෙනුවෙන් මනාප පළ කිරීම සඳහා මේ මාස 29 වැනිදා දක්වා පාඨකයන්ට අවස්ථාව තිබේ. මාර්තු 29 වැනිදා, බ්‍රහස්පතින්දා, දහවල් 12.00 ට කූපන්පත් බාරගැනීම අවසන් වේ. කෙසේ වුවත් www.dialog.lk/cricket යන වෙබ් අඩවියට පිවිසීමෙන් අන්තර් ජාලය ඔස්සේ මනාප පළ කිරීමේ අවස්ථාව අප්‍රේල් මස 5 වැනිදා පාඨකයන්ට හිමිවේ. 
 
25 වැනි සති අන්තයේ කූපන්පත් වලින් ලැබෙන ඡන්ද ප්‍රතිඵල ඊළඟ ෂතියේදී පළකෙරෙන නමුත් 26 වැනි සති අන්තයේ කූපන්පත් වලින් ලැබෙන ඡන්ද ප්‍රතිඵල ප්‍රකාශයට පත්කරනු ලබන්නේ අප්‍රේල් මස 1 වැනිදාය. කූපන්පත් මගින් යොමු කෙරෙන මනාප සහ අන්තර් ජාලය මගින් පළකරන මනාප සතිපතා ගණනය කෙරෙන අතර එහි නිල ප්‍රතිඵල ‘සන්ඬේ ටයිම්ස්’ පුවත්පතේ මෙන්ම ‘සන්ඬේ ටයිම්ස්’ වෙබ් අඩවියේද ‘ලංකදීප’ පුවත් පතේ සහ ‘කෙළිමඬළ’ වෙබ් අඩවියේත් පළකෙරේ. 
 
 
පාඨකයන් වෙනුවෙන් පැවැත්වෙන තරගයේ පසු ගිය සතියේ ජයග්‍රාහකයෝ 
 
1 එස්.එල්.ඒ. නවරත්න, ‘රුවනර’, ඉස්වැටියවත්ත, නාරම්මල 
2 විහඟ පතිරණ, 17, නාරම්මල පාර, අලව්ව 
3 සුබාෂිණි හරිස්චන්ද්‍ර, මීවිටිය, නාවලපිටිය 
4 හිතේෂ් චේතිය, 188/11, පළමු වීදිය, බටහේන පාර, සූරියගම, කඩවත 
 
-036 

 


අදහස් (0)

දෙනුවන් - කෙනුල තියුණු සටනක

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.