අන්තර් සමාජ වයස 23න් පහළ ක‍්‍රිකට් තරගාවලියේ පළමුවැනි කොටසේ අවසන් තරගයේදී ලකුණු 257 කින් මුවර්ස් පිල පරදවා ශූරතාව දිනා ගැනීමට ද්‍රවිඩ සංගම් පිල අද (01 වැනිදා) සමත්විය.
ලකුණු 485 ක ඉලක්කයක් හඹාගිය මුවර්ස් පිලට සියලූ දෙනා දැවී ලබාගත හැකිවුයේ ලකුණු 227 ක් පමණි. මෙම තරගය කොළඹ ආර්. පේ‍්‍රමදාස ක‍්‍රීඩාංගණයේදී අද නිමාවට පත්විය. තම දෙවන ඉනිම ක‍්‍රීඩා කරමින් සිටි ද්‍රවිඩ සංගම් පිල ඊයේ තරගය නතර කරනවිට කඩුලූ 5ක් දැවී ලකුණු 256 ක් ලබා සිටි අතර දෙවැනි ඉනිමේදී ලකුණු 442 ක් ලබාගනිමින් තරගයෙන් ජයගැනීම සඳහා ලකුණු 485 ක රැස්කරන ලෙස මුවර්ස් පිලට අභියෝග කළේය.
ද්‍රවිඩ සංගමය වෙනුවෙන් දෙවැනි ඉනිමේදී ලකුණු 187 ක් ලබාගත් රොමේෂ් බුද්ධික පිත්තෙන් දස්කම් දක්වනවිට ලකුණු 145 ක් සහ ලකුණු 27ට කඩුලූ 5ක් දවාගනිමින් පිත්තෙන් මෙන්ම පන්දුවෙන්ද දස්කම් දැක්වීමට මතීෂ පෙරේරා සමත්විය.
රොමේෂ් බුද්ධික සහ ලබාගත් මතීෂ පෙරේරා එක්ව 5 වැනි කඩුල්ල සදහා ලකුණු 283 ක සම්බන්ධතාවයක් ගොඩනගා ගනිම්න් ද්‍රවිඩ සංගම් පිල ජයග‍්‍රයණය කරා ගෙන ගියහ.
මුවර්ස් පිල වෙනුවෙන් දක්ෂ පන්දු යැවීමක නිරතවු චමත් ගුණසිංහ ලකුණු 53 කට කඩුලූ 6ක් ලබාගත්තද ද්‍රවිඩ සංගම් පිලේ ලකුණු ලබා ගැනීම අඩාල කිරීමට ඔහුට නොහැකි විය.
ද්‍රවිඩ සංගමය - පළමු ඉනිම ඕවර 72 කදී සියළුදෙනා දැවී 223
(පුලින තරංග 36, රොමේෂ් බුද්ධික 30, දෙනුවන් රාජකරුණා 52, චාමිකර එදිරිසිංහ 25, ඉරෝෂ් සමරසූරිය 45/4, කෞෂල්‍ය ගජසිංහ 48/2)
මුවර්ස් - පළමු ඉනිම ඕවර 35.1 කදී සියළුදෙනා දැවී 181
(ශෙහාන් ජයසූරිය 36, කුසල් මෙන්ඩිස් 31, තීක්ෂිල ද සිල්වා නොදැවී 54, තිනෙත් මනිෂ්ක 44/6, පුලින තරංග 40/3)
ද්‍රවිඩ සංගමය - දෙවැනි ඉනිම ඕවර 86.2 කදී සියළුදෙනා දැවී 442
(මනෝජ් සරත්චන්ද්‍ර 31, කිත්රුවන් විතානගේ 34, රොමේෂ් බුද්ධික 187, මතීෂ පෙරේරා 145, චමත් ගුණසිංහ 53/6, සනිත ද මෙල් 54/2, ඉරෝෂ් සමරසූරිය 75/2)
මුවර්ස් - දෙවැනි ඉනිම ඕවර 47 කදී සියළුදෙනා දැවී 227
(කුසල් මෙන්ඩිස් 44, කෞෂල්‍ය ගජසිංහ 33, කෝසල ප‍්‍රනාන්දු 71, මතීෂ පෙරේරා 27/5, තිනෙත් මනිෂ්ක 21/2)
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.