අන්තර් සමාජ වයස 23න් පහළ ක‍්‍රිකට් තරගාවලියේ පළවැනි කොටසේ අවසන් තරගයේදී තම දෙවන ඉනිම ක‍්‍රීඩා කරන ද්‍රවිඩ සංගම් පිල අද (31 වැනිදා) තරගය නතර කරනවිට කඩුලූ 5 ක් දැවී ලකුණු 237 ක් ලබා සිටියේය.
පන්දු 139 කදී හතරේ පහර 17ක් සමගින් නොදැවී ලකුණු 111 ක් ලබාගත් රොමේෂ් බුද්ධික සහ මතීෂ පෙරේරා එක්ව 5 වැනි කඩුල්ල සදහා ලකුණු 110 ක අඛණ්ඩ සම්බන්ධතාවයක් ගොඩන`ගමින් තරගයේ දෙවැනි දිනය අවසන් වන විට කඩුලූ 5 ක් අතැතිව ලකුණු 279 ක් ඉදිරියට ද්‍රවිඩ සංගම් පිල කැඳවාගෙන ගියේය.
මුවර්ස් පිලට පළමු ඉනිම අවසානයේ සියලූ දෙනා දැවී ලබා ගැනීමට හැකිවුයේ ලකුණු 181ක් පමණි. තීක්ෂිල ද සිල්වා නොදැවී ලකුණු 54 ක් ලබා ගනිමින් මුවර්ස් පිල ඉදිරියට ගෙන යාමට උත්සාහ දැරුවද පසුපෙළ පිතිකරුවන්ගෙන් ඔහුට අපේක්‍ෂිත සහයෝගය නොලැබිණ.
ද්‍රවිඩ සංගම් පිල වෙනුවෙන් දක්ෂ පන්දු යැවීමක නිරතවු සිනෙත් මනිෂ්ක ලකුණු 44 කට කඩුලූ 6ක් ලබාගනිම්න් මුවර්ස් පිල අසීරු අඩියකට ඇද දැම්මේය.
තුන්දින තරගයක් වන මෙම තරගය කොළඹ ආර්. පේ‍්‍රමදාස ක‍්‍රීඩාංගණයේදී පැවැත්වේ.
ද්‍රවිඩ සංගමය පළමු ඉනිම ඕවර 72 කදී සියලූ දෙනා දැවී 223
(පුලින තරංග 36, රොමේෂ් බුද්ධික 30, දෙනුවන් රාජකරුණා 52, චාමිකර එදිරිසිංහ 25, ඉරෝෂ් සමරසූරිය 45/4, කෞෂල්‍ය ගජසිංහ 48/2)
මුවර්ස් පළමු ඉනිම ඕවර 35.1 කදී සියලූ දෙනා දැවී 181
(ශෙහාන් ජයසූරිය 36, කුසල් මෙන්ඩිස් 31, තීක්ෂිල ද සිල්වා නොදැවී 54, සිනෙත් මනිෂ්ක 44/6, පුලින තරංග 40/3)
ද්‍රවිඩ සංගමය දෙවන ඉනිම ඕවර 50 කදී කඩුලූ 5ක් දැවී 237
(මනෝජ් සරත්චන්ද්‍ර 31, කිත්රුවන් විතානගේ 34, රොමේෂ් බුද්ධික නොදැවී 111, මතීෂ පෙරේරා නොදැවී 41, ඉරෝෂ් සමරසූරිය 44/2, සනිත ද මෙල් 43/2)
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.