Last Update  :  2024-04-25 22:00:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket දසුන්ගේ ග්‍රේස් පිල අවසන් තරගයට

දසුන්ගේ ග්‍රේස් පිල අවසන් තරගයට

editorial - 2021 අගෝ මස 22 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(රොෂාන් ගුණරත්න)

ආරාධිත විස්සයි20 තරගාවලියේ 11 වැනි තරගය ලෙස මහනුවර පල්ලේකැලේ ක්‍රීඩාංගණයේදී අද (22 වැනිදා) පැවැති බ්ලූස් සහ ග්‍රේස් කණ්ඩායම් අතර තරගය වර්ෂාව හේතුවෙන් අතහැර දැමීමට විනිසුරුවෝ තීරණය කළහ.

මේ වන විටත් ග්‍රේස් පිල අවසන් මහ තරගයේ සිය ස්ථානය වෙන්කර ගෙන තිබේ. එහෙත් අවසන් මහ තරගයට සුදුසුකම් ලබාගැනීමට සඳහා බ්ලූස් පිලට රාත්‍රී තරගයේ විසඳුම ලැබෙන තෙක් බලාසිටීමට සිදුවනු ඇත.

යම් හෙයකින් රාත්‍රී තරගය විසඳුමකින් තොරව අවසන් වුවහොත් හෝ රෙඞ්ස් පිල පරාජයට පත්වුවහොත් පමණක් බ්ලූස් පිලට අවසන් මහ තරගයට සුදුසුකම් ලබාගැනීමට අවස්ථාව හිමිවනු ඇත. නමුත් ග්‍රීන්ස් පිලට එරෙහිව පැවැත්වෙන තරගය රෙඞ්ස් පිලට ජය ගැනීමට හැකිවුවහොත් අවසන් මහ තරගය සුදුසුකම් ලබාගැනීමේ අවස්ථාව ඔවුන්ට හිමිවනු ඇත.

ජයග්‍රහණය සඳහා බ්ලූස් පිල 157 ක ඉලක්කයක් හඹාගියද ඕවර 3.5 ක් අවසානයේ ක්‍රීඩාංගණයට වර්ෂාව පතිතවීම හේතුවෙන් තරගය නතර කිරීමට සිදුවිය. ඒවන විට බ්ලූස් පිල කඩුල්ලක් දැවී ලකුණු 33 ක් රැස්කර සිටියේය. තරගයේ තීරණයක් ලබාගැනීමට නම් අවම වශයෙන් ඕවර 5 ක් වත් යවා තිබිය යුතුය.

වර්ෂාව හේතුවෙන් තරගය නතර කරනවිට සධීර සමරවික්‍රම පන්දු 13 කදී හයේ පහරක් සහ හතරේ පහර 2 ක් සමගින් ලකුණු 20 ක් සහ නිශාන් මදුෂ්ක පන්දු 6 කදී ලකුණු 4 ක් රැස්කරමින් නොදැවී කඩුල්ලේ රැඳී සිටියහ. ධනංජය ලක්ෂාන් ලකුණු 7 ක් ලබාසිටියදී ඉතා අවාසනාවන්ත ලෙස දුවද්දී දැවීයාමකට හසුවිය.

කාසියේ වාසිය දිනාගත් බ්ලූස් පිල පළමුව පන්දුවට පහරදීම සඳහා ග්‍රේස් පිලට ආරාධනා කළ අතර චරිත් අසලංක සහ නුවනිඳු ප්‍රනාන්දුගේ අර්ධ ශතක හමුවේ ඕවර 20 අවසානයේ කඩුලු 4 ක් දැවී ලකුණු 156 ක් රැස්කිරීමට ග්‍රේස් පිල සමත්විය.

චරිත් අසලංක පන්දු 44 කදී හයේ පහර 3 ක් සහ හතරේ පහර 3 ක් සමගින් ලකුණු 57 ක් සහ නුවනිඳු ප්‍රනාන්දු පන්දු 36 කදී හයේ පහර 2 ක් සහ හතරේ පහර 3 ක් සමගින් නොදැවී ලකුණු 50 ක් රැස්කරමින් ග්‍රේස් පිලේ ලකුණු සංඛ්‍යාව ඉහළ දැමීමට සමත්වූහ.

කළණ පෙරේරා සිය ඕවර 4 ලකුණු 29 කට සීමාකරමින් කඩුලු 2 ක් දවාගැනීමට සමත්විය.


ග්‍රේස් පිල - ඕවර 20 කදී කඩුලු 4 ක් දැවී 156
(චරිත් අසලංක 57, නුවනිඳු ප්‍රනාන්දු නොදැවී 50, කළණ පෙරේරා 29/2)

බ්ලූස් පිල - ඕවර 3.5 කදී කඩුල්ලක් දැවී 33
(සධීර සමරවික්‍රම නොදැවී 20, නිශාන් මදුෂ්ක නොදැවී 4)

 


අදහස් (0)

දසුන්ගේ ග්‍රේස් පිල අවසන් තරගයට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.