Last Update  :  2024-05-18 14:16:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket දසුන්-ෂෙහාන්-වනිඳු-ළහිරු ශ්‍රී ලංකා සංචිතයට

දසුන්-ෂෙහාන්-වනිඳු-ළහිරු ශ්‍රී ලංකා සංචිතයට

editorial - 2019 ජුලි මස 24 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

බංග්ලාදේශයට එරෙහිව පැවැත්වෙන තරග 3 කින් සමන්විත එක්දින තරගාවලිය සඳහා නම් කරන ලද ශ්‍රී ලංකා අවසන් සංචිතයට දෙරට අතර පැවැති පෙරහුරු තරගයේදී දක්ෂතා දැක්වූ දසුන් ශානක, ෂෙහාන් ජයසූරිය, වනිඳු හසරංග සහ ළහිරු කුමාර යන ක්‍රීඩකයෝ කැඳවා සිටිති.

මෙම තරගාවලිය සඳහා මින් පෙර ක්‍රීඩකයන් 24 කින් සමන්විත සංචිතයක් නම් කර තිබූ අතර එම සංචිතයේ සිටි ක්‍රීඩකයන් අතරින් නිරෝෂන් දික්වැල්ල, ධනුෂ්ක ගුණතිලක, ඇන්ජලෝ පෙරේරා, ඕෂධ ප්‍රනාන්දු, අමිල අපොන්සු, ළහිරු මධුෂංක සහ ලක්ෂාන් සඳකැන් යන ක්‍රීඩකයන් අවසන් සංචිතය තේරීමේදී ඉවතට විසි වී ඇත.

ලෝක කුසලාන තරගාවලියට සහභාගි වූ ක්‍රීඩකයන් අතරින් සුරංග ලක්මාල්, ජීවන් මෙන්ඩිස්, මිලින්ද සිරිවර්ධන සහ ජෙෆ්රි වැන්ඩසේ ශ්‍රී ලංකා සංචිතයෙන් ඉවත්කර තිබේ.

ශ්‍රී ලංකා සංචිතයට ඇතුළත්ව සිටින ක්‍රීඩකයන් අතරින් ලසිත් මාලිංග පළමු එක්දින තරගයට පමණක් ක්‍රීඩා කරන අතර දෙවැනි සහ තෙවැනි තරග සඳහා පමණක් දසුන් ශානක සංචිතයට ඇතුළත් කර තිබේ.


ශ්‍රී ලංකා සංචිතය
දිමුත් කරුණාරත්න (නායක), කුසල් පෙරේරා, අවිෂ්ක ප්‍රනාන්දු, කුසල් මෙන්ඩිස්, ඇන්ජලෝ මැතිව්ස්, ළහිරු තිරිමාන්න, ෂෙහාන් ජයසූරිය, ධනංජය ද සිල්වා, වනිඳු හසරංග, අකිල ධනංජය, ලසිත් මාලිංග, නුවන් ප්‍රදීප්, ළහිරු කුමාර, තිසර පෙරේරා, ඉසුරු උදාන, කසුන් රාජිත සහ දසුන් ශානක

-036

 


අදහස් (0)

දසුන්-ෂෙහාන්-වනිඳු-ළහිරු ශ්‍රී ලංකා සංචිතයට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.