Last Update  :  2025-12-22 21:13:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket දකුණු පළාත කඩුලු 7කින් ජයගනී

දකුණු පළාත කඩුලු 7කින් ජයගනී

සංජය එරමුදුගොඩ - 2018 ජුනි මස 15 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන වයස 19 න් පහළ අන්තර් පළාත් සීමිත ඕවර ක්‍රිකට් තරගාවලියේ අද (15 වැනිදා) පැවැති තරගයකදී ඌව පළාත් කණ්ඩායමට එරෙහිව කඩුලු 7 ක ජයක් අත්කර ගැනීමට දකුණු පළාත් කණ්ඩායම සමත් විය. මෙම තරගය කටුනායක මේරියන්ස් ක්‍රීඩාංගණයේදී පැවැත්විණ.

වර්ෂාව හේතුවෙන් තරගයේ ඉනිමක් ඕවර 36 කට සීමා වූ අතර ජයග්‍රහණය සඳහා ලකුණු 166 ක ඉලක්කයක් හඹාගිය දකුණු පළාත් ක්‍රීඩකයෝ පන්දු 15 ක් ඉතිරිව තිබියදී කඩුලු 3 ක් පමණක් දැවී එම ඉලක්කයක පසුකර ගියහ.

එහිදී නොදැවී ලකුණු 82 ක් රැස්කළ නවෝද් පරණවිතාන දකුණු පළාත් කණ්ඩායමේ ජයග්‍රහණය ඉක්මන් කළේය.


ඌව පළාත - ඕවර 36 කදී කඩුලු 7 කට 165
(තිෂාන් කලිඳු නොදැවී 67, ඉෂාන් සංගීත් 26, චේතක දෙනුවන් 24, නිපුන් මාලිංග 26/2, දිල්ෂාන් මධුෂංක 41/2)

දකුණු පළාත - ඕවර 27.3 කදී කඩුලු 3 කට 172
(නාවෝද් පරණවිතාන නොදැවී 82, විනුර දුල්සර 44)

 


අදහස් (0)

දකුණු පළාත කඩුලු 7කින් ජයගනී

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.