Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ජයග්‍රහණය සඳහා ලකුණු 370 ක ඉලක්කයක් හඹායන දකුණු අප්‍රිකාව, රාවල්පින්ඩිහිදී පැවැත්වෙන දෙවැනි ටෙස්ට් තරගය සිව්වැනි දිනට ඊයේ (7 වැනිදා) නතර කරන විට සිය දෙවැනි ඉනිම සඳහා කඩුල්ලක් දැවී ලකුණු 127 ක් රැස්කර සිටියේය. ඒ අනුව දකුණු අප්‍රිකාවට ජයග්‍රහණය සඳහා තවත් ලකුණු 243 අවශ්‍යව ඇත.
ඒඩ්න් මාක්‍රම් ලකුණු 59 ක් සහ රසී වැන්ඩර් ඩසන් ලකුණු 48 ක් රැස්කරමින් නොදැවී කඩුල්ලේ රැඳී සිටින අතර දෙවැනි කඩුල්ල සඳහා මේ වනවිට ලකුණු 94 ක සම්බන්ධතාවයක්ද ගොඩනැගූහ.
සිව්වැනි දිනට (6 වැනිදා) තරගය නතර කරන විට ලකුණු 129 කට කඩුලු 6 ක් අහිමිකරගෙන සිටි පාකිස්තානුවෝ ඊයේ දිනයේදී තවත් ලකුණු 169 ක් දෙවැනි ඉනිමට එක්කර ගැනීමට සමත්වූහ.
පාකිස්තානු දෙවැනි ඉනිම අවසන් වනතෙක් නොදැවී කඩුල්ලේ රැඳී සිටි මොහොමඩ් රිස්වාන් සිය මංගල ටෙස්ට් ශතකය ලබාගැනීමට සමත්විය. මිනිත්තු 292 ක කාලයක් කඩුල්ලේ රැඳී සිටි මොහොමඩ් රිස්වාන් පන්දු 204 කට මුහුණදෙමින් හතරේ පහර 15 ක් සමගින් ලකුණු 115 ක් රැස්කළේය.
පසුපෙළ පිතිකරුවන් වූ යසීර් ෂා (23) සමගින් එක්ව 8 වැනි කඩුල්ල සඳහා ලකුණු 53 ක සම්බන්ධතාවයක් පැවැත්වූ මොහොමඩ් රිස්වාන් ඉන් නොනැවතී 9 වැනි කඩුල්ල සඳහා නවුමාන් අලී සමගින් එක්ව තවත් ලකුණු 97 ක සම්බන්ධතාවයක් පැවැත්වීය.
මිනිත්තු 102 ක් පුරා කඩුල්ලේ රැඳී සිටි නවුමාන් අලී පන්දු 78 කදී හයේ පහර 2 ක් සහ හතරේ පහර 6 ක් සමගින් ලකුණු 45 ක් රැස්කරමින් පාකිස්තානු දෙවැනි ඉනිමේ ලකුණු සංඛ්‍යාව ඉහළ දැමීමට දායක විය.
ජෝර්ජ් ලින්ඩි ඉනිමක හොඳම පන්දු යැවීම වාර්තා කරමින් ලකුණු 64 කට කඩුලු 5 ක් දවාගත් අතර කේෂව් මහාරාජ් කඩුලු 3 ක් සහ කගිසෝ රබාඩා කඩුලු 2 ක් දවාගනිමින් පාකිස්තානු පිතිකරුවන් මෙල්ල කිරීමට සමත්වූහ.
පාකිස්තානය - පළමු ඉනිම 272 යි
දකුණු අප්‍රිකාව - පළමු ඉනිම 201 යි
පාකිස්තානය - දෙවැනි ඉනිම 298 යි
(අසාර් අලි 33, මොහොමඩ් රිස්වාන් නොදැවී 115, ෆාහිම් අශ්රෆ් 29, යසීර් ෂා 23, නවුමාන් අලී 45, ජෝර්ජ් ලින්ඩි 64/5, කේෂව් මහාරාජ් 118/3, කගිසෝ රබාඩා 34/2)
දකුණු අප්‍රිකාව - දෙවැනි ඉනිම කඩුල්ලක් දැවී 127 යි
(ඒඩ්න් මාක්‍රම් නොදැවී 59, රසී වැන්ඩර් ඩසන් නොදැවී 48
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.