Last Update  :  2024-05-07 23:25:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket දකුණු අප්‍රිකාවට කඩුලු 9 ක ජයක්

දකුණු අප්‍රිකාවට කඩුලු 9 ක ජයක්

editorial - 2019 ජුනි මස 28 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(සැකසුම - ශානුක අරවින්ද)

-----------------------------------------------------------------------------------------------------

ශ්‍රී ලංකාව පරදවා දකුණු අප්‍රිකාව කඩුලු 9 කින් ජයගනී. තරගයේ වීරයා ඩ්වේන් ප්‍රිටෝරියස්.

-----------------------------------------------------------------------------------------------------

ඕවර 37.2 කදී - 206/1

(හෂීම් අම්ලා 80, ෆෆ් ඩුප්ලෙසි 96, තිසර පෙරේරා 5.2-1-28-0)

   

38 වැනි ඕවරය යැවීම සඳහා තිසර පෙරේරා කැඳවයි. පන්දුව පිළිගැනීම සඳහා හෂීම් අම්ලා සූදානම්.

තිසරගේ හයවැනි ඕවරයේ දෙවැනි පන්දුවට ඩුප්ලෙසිගෙන් ෆයින් ලෙග් කළාපය හරහා හතරේ පහරක්.

-----------------------------------------------------------------------------------------------------

ඕවර 37 කදී - 201/1

(හෂීම් අම්ලා 79, ෆෆ් ඩුප්ලෙසි 92, ඉසුරු උදාන 5-0-29-0)

           

උදානගේ පස්වැනි ඕවරයට ලකුණු 5 ක් පමණයි.

-----------------------------------------------------------------------------------------------------

ඕවර 36 කදී - 196/1

(හෂීම් අම්ලා 74, ෆෆ් ඩුප්ලෙසි 92, ලසිත් මාලිංග 10-1-47-1)

           

මාලිංගගේ 10 වැනි ඕවරයේ තෙවැනි පන්දුවට ෆෆ් ඩුප්ලෙසිගෙන් ස්ට්‍රේට් ඩ්‍රයිව් පහරක්.

-----------------------------------------------------------------------------------------------------

ඕවර 35 කදී - 191/1

(හෂීම් අම්ලා 73, ෆෆ් ඩුප්ලෙසි 88, ඉසුරු උදාන 4-0-24-0)

           

35 වැනි ඕවරය යැවීම සඳහා ඉසුරු උදාන කැඳවයි. පන්දුව පිළිගැනීම සඳහා ෆෆ් ඩුප්ලෙසි සූදානම්.

උදානගේ සිවුවැනි ඕවරයේ අවසන් පන්දුවට ඩුප්ලෙසිගෙන් මිඩ් ඕන් කළාපය හරහා හතරේ පහරක්.

-----------------------------------------------------------------------------------------------------

ඕවර 34 කදී - 185/1

(හෂීම් අම්ලා 72, ෆෆ් ඩුප්ලෙසි 83, ලසිත් මාලිංග 9-1-42-1)

           

34 වැනි ඕවරය යැවීම සඳහා ලසිත් මාලිංග කැඳවයි. පන්දුව පිළිගැනීම සඳහා ෆෆ් ඩුප්ලෙසි සූදානම්.

මාලිංගගේ නමවැනි ඕවරයේ පස්වැනි පන්දුවට ඩුප්ලෙසිගෙන් ලෙග් ගලී කළාපය හරහා හතරේ පහරක්.

-----------------------------------------------------------------------------------------------------

ඕවර 33 කදී - 178/1

(හෂීම් අම්ලා 71, ෆෆ් ඩුප්ලෙසි 77, ජීවන් මෙන්ඩිස් 7-0-36-0)

           

මෙන්ඩිස්ගේ හයවැනි ඕවරයේ පස්වැනි පන්දුවට ෆෆ් ඩුප්ලෙසිගෙන් පොයින්ට් කළාපය හරහා හතරේ පහරක්.

-----------------------------------------------------------------------------------------------------

ඕවර 32 කදී - 169/1

(හෂීම් අම්ලා 69, ෆෆ් ඩුප්ලෙසි 70, තිස‍ර පෙරේරා 5-1-23-0)

           

තිසරගේ පස්වැනි ඕවරයට ලකුණු 3 ක් පමණයි.

-----------------------------------------------------------------------------------------------------

ඕවර 31 කදී - 166/1

(හෂීම් අම්ලා 68, ෆෆ් ඩුප්ලෙසි 68, ජීවන් මෙන්ඩිස් 6-0-27-0)

           

මෙන්ඩිස්ගේ හයවැනි ඕවරයට ලකුණු 7 ක් පමණයි.

එම ඕවරයේ අවසන් පන්දුවේදී අම්ලා කඩුල්ල මුවා කළ බවට ප්‍රධාන විනිසුරුවරයා සංඥා කළ අතර එම තීරණය විනිසුරු තීරණ විමසීමේ ක්‍රම‍ වේදයට යොමු කිරීමට අම්ලා පියවර ගත්තේය. පුනුරූපන නැරඹීමේදී පන්දුව පා ඉන්නෙන් පිටත පතිතවන බව නිරීක්ෂණය කළ තෙවැනි විනිසුරුවරයා අම්ලා නොදැවුණ ක්‍රීඩකයකු බවට සංඥා කළේය.

-----------------------------------------------------------------------------------------------------

ඕවර 30 කදී - 159/1

(හෂීම් අම්ලා 65, ෆෆ් ඩුප්ලෙසි 65, තිස‍ර පෙරේරා 4-1-20-0)

           

30 වැනි ඕවරය යැවීම සඳහා තිස‍ර පෙරේරා කැඳවයි. පන්දුව පිළිගැනීම සඳහා හෂීම් අම්ලා සූදානම්.

තිසරගේ සිවුවැනි ඕවරයට ලකුණු 5 ක් පමණයි.

-----------------------------------------------------------------------------------------------------

 

ඕවර 29 කදී - 154/1

(හෂීම් අම්ලා 62, ෆෆ් ඩුප්ලෙසි 63, ජීවන් මෙන්ඩිස් 5-0-20-0)

           

29 වැනි ඕවරය යැවීම සඳහා ජීවන් මෙන්ඩිස් කැඳවයි. පන්දුව පිළිගැනීම සඳහා ෆෆ් ඩුප්ලෙසි සූදානම්.

මෙන්ඩිස්ගේ පස්වැනි ඕවරයට ලකුණු 5 ක් පමණයි.

-----------------------------------------------------------------------------------------------------

ඕවර 28 කදී - 149/1

(හෂීම් අම්ලා 60, ෆෆ් ඩුප්ලෙසි 61, සුරංග ලක්මාල් 6-0-47-0)

           

28 වැනි ඕවරය යැවීම සඳහා සුරංග ලක්මාල් කැඳවයි. පන්දුව පිළිගැනීම සඳහා ෆෆ් ඩුප්ලෙසි සූදානම්.

ලක්මාල්ගේ හයවැනි ඕවරයේ තෙවැනි පන්දුවට ඔහුගේ හිසට ඉහළින් හයේ පහරක් එල්ල කළ ෆෆ් ඩුප්ලෙසිගෙන් සිවුවැනි පන්දුවට ඩීප් මිඩ් විකට් කළාපය හරහා හතරේ පහරක්.

-----------------------------------------------------------------------------------------------------

ඕවර 27 කදී - 136/1

(හෂීම් අම්ලා 59, ෆෆ් ඩුප්ලෙසි 49, ධනංජය ද සිල්වා 4-0-18-0)

           

ධනංජයගේ සිවුවැනි ඕවරයට ලකුණු 5 ක් පමණයි.

-----------------------------------------------------------------------------------------------------

ඕවර 26 කදී - 131/1

(හෂීම් අම්ලා 58, ෆෆ් ඩුප්ලෙසි 47, ලසිත් මාලිංග 8-1-35-1)

           

මාලිංගගේ අටවැනි ඕවරයට එක් ලකුණක් පමණයි.

-----------------------------------------------------------------------------------------------------

ඕවර 25 කදී - 130/1

(හෂීම් අම්ලා 57, ෆෆ් ඩුප්ලෙසි 47, ධනංජය ද සිල්වා 3-0-13-0)

           

25 වැනි ඕවරය යැවීම සඳහා ධනංජය ද සිල්වා කැඳවයි. පන්දුව පිළිගැනීම සඳහා ෆෆ් ඩුප්ලෙසි සූදානම්. 

ධනංජයගේ තෙවැනි ඕවරයට ලකුණු 4 ක් පමණයි.

-----------------------------------------------------------------------------------------------------

ඕවර 24 කදී - 126/1

(හෂීම් අම්ලා 55, ෆෆ් ඩුප්ලෙසි 45, ලසිත් මාලිංග 7-1-34-1)

           

මාලිංගගේ හත්වැනි ඕවරය නිළකුණු ඕවරයක් බවට පත්වෙයි.

-----------------------------------------------------------------------------------------------------

ඕවර 23 කදී - 126/1

(හෂීම් අම්ලා 55, ෆෆ් ඩුප්ලෙසි 45, ඉසුරු උදාන 3-0-18-0)

           

උදානගේ තෙවැනි ඕවරයේ සිවුවැනි පන්දුවට ෆෆ් ඩුප්ලෙසිගෙන් තර්ඩ් මෑන් කළාපය හරහා හතරේ පහරක්.

-----------------------------------------------------------------------------------------------------

ඕවර 22 කදී - 119/1

(හෂීම් අම්ලා 53, ෆෆ් ඩුප්ලෙසි 40, ලසිත් මාලිංග 6-0-34-1)

           

22 වැනි ඕවරය යැවීම සඳහා ලසිත් මාලිංග කැඳවයි. පන්දුව පිළිගැනීම සඳහා ෆෆ් ඩුප්ලෙසි කැඳවයි.

මාලිංගගේ හයවැනි ඕවරයට ලකුණු 4 ක් පමණයි.

-----------------------------------------------------------------------------------------------------

ඕවර 21 කදී - 115/1

(හෂීම් අම්ලා 52, ෆෆ් ඩුප්ලෙසි 37, ඉසුරු උදාන 2-0-11-0)

           

උදානගේ දෙවැනි ඕවරයට ලකුණු 4 ක් පමණයි.

-----------------------------------------------------------------------------------------------------

ඕවර 20 කදී - 111/1

(හෂීම් අම්ලා 51, ෆෆ් ඩුප්ලෙසි 35, ජීවන් මෙන්ඩිස් 4-0-15-0)

           

පන්දු 56 කදී හතරේ පහර 5 ක් සමග හෂීම් අම්ලා සිය 39 වැනි එක්දින අර්ධ ශතකය ලබාගනී.

මෙන්ඩිස්ගේ සිවුවැනි ඕවරයට ලකුණු 6 ක් පමණයි.

-----------------------------------------------------------------------------------------------------

ඕවර 19 කදී - 105/1

(හෂීම් අම්ලා 49, ෆෆ් ඩුප්ලෙසි 31, ඉසුරු උදාන 1-0-07-0)

           

19 වැනි ඕවරය යැවීම සඳහා වමතින් මඳ‍ වේග පන්දු යවන ක්‍රීඩක ඉසුරු උදාන කැඳවයි. පන්දුව පිළිගැනීමට ෆෆ් ඩුප්ලෙසි සූදානම්.

උදානගේ පළමු ඕවරයට ලකුණු 7 ක් පමණයි.

-----------------------------------------------------------------------------------------------------

ඕවර 18 කදී - 98/1

(හෂීම් අම්ලා 46, ෆෆ් ඩුප්ලෙසි 28, ජීවන් මෙන්ඩිස් 3-0-09-0)

           

මෙන්ඩිස්ගේ තෙවැනි ඕවරයට ලකුණු 4 ක් පමණයි.

-----------------------------------------------------------------------------------------------------

ඕවර 17 කදී - 94/1

(හෂීම් අම්ලා 44, ෆෆ් ඩුප්ලෙසි 26, සුරංග ලක්මාල් 5-0-34-0)

           

ලක්මාල්ගේ පස්වැනි ඕවරයේ පස්වැනි පන්දුවට ෆෆ් ඩුප්ලෙසිගෙන් ස්කුවෙයාර් ලෙග් කළාපය හරහා හතරේ පහරක්.

-----------------------------------------------------------------------------------------------------

ඕවර 16 කදී - 81/1

(හෂීම් අම්ලා 43, ෆෆ් ඩුප්ලෙසි 19, ජීවන් මෙන්ඩිස් 2-0-05-0)

           

මෙන්ඩිස්ගේ දෙවැනි ඕවරයට ලකුණු 2 ක් පමණයි.

-----------------------------------------------------------------------------------------------------

ඕවර 15 කදී - 79/1

(හෂීම් අම්ලා 42, ෆෆ් ඩුප්ලෙසි 18, සුරංග ලක්මාල් 4-0-21-0)

           

ලක්මාල්ගේ සිවුවැනි ඕවරයේ පස්වැනි පන්දුවට හෂීම් අම්ලාගෙන් පොයින්ට් කළාපය හරහා හතරේ පහරක්.

-----------------------------------------------------------------------------------------------------

ඕවර 14 කදී - 72/1

(හෂීම් අම්ලා 36, ෆෆ් ඩුප්ලෙසි 17, ජීවන් මෙන්ඩිස් 1-0-03-0)

           

14 වැනි ඕවරය යැවීම සඳහා පා දඟ පන්දු යවන ක්‍රීඩක ජීවන් මෙන්ඩිස් කැඳවයි. පන්දුව පිළිගැනීමට ෆෆ් ඩුප්ලෙසි සූදානම්.‍

මෙන්ඩිස්ගේ පළමු ඕවරයට ලකුණු 3 ක් පමණයි.

-----------------------------------------------------------------------------------------------------

ඕවර 13 කදී - 69/1

(හෂීම් අම්ලා 35, ෆෆ් ඩුප්ලෙසි 16, සුරංග ලක්මාල් 3-0-14-0)

           

ලක්මාල්ගේ තෙවැනි ඕවරයේ දෙවැනි පන්දුවට ෆෆ් ඩුප්ලෙසිගෙන් ඩීප් එක්ස්ට්‍රා කවර් කළාපය හරහා හතරේ පහරක්.

-----------------------------------------------------------------------------------------------------

ඕවර 12 කදී - 62/1

(හෂීම් අම්ලා 34, ෆෆ් ඩුප්ලෙසි 10, තිසර පෙරේරා 3-1-15-0)

           

තිසරගේ තෙවැනි ඕවරයට ලකුණු 4 ක් පමණයි.

-----------------------------------------------------------------------------------------------------

ඕවර 11 කදී - 58/1 

(හෂීම් අම්ලා 31, ෆෆ් ඩුප්ලෙසි 09, සුරංග ලක්මාල් 2-0-07-0)

           

11 වැනි ඕවරය යැවීම සඳහා සුරංග ලක්මාල් කැඳවයි. පන්දුව පිළිගැනීම සඳහා හෂීම් අම්ලා සූදානම්.

ලක්මාල්ගේ දෙවැනි ඕවරයට ලකුණු 5 ක් පමණයි.

-----------------------------------------------------------------------------------------------------

ඕවර 10 කදී - 53/1 

(හෂීම් අම්ලා 26, ෆෆ් ඩුප්ලෙසි 09, තිසර පෙරේරා 2-1-11-0)

           

තිසරගේ දෙවැනි ඕවරයේ තෙවැනි පන්දුවට අම්ලාගෙන් කවර් කළාප‍ය හරහා හතරේ පහරක් සහ අවසන් පන්දුවට ෆෆ් ඩුප්ලෙසිගෙන් ස්වීපර් කවර් කළාපය හරහා හතරේ පහරක්.

-----------------------------------------------------------------------------------------------------

ඕවර 9 කදී - 42/1

(හෂීම් අම්ලා 19, ෆෆ් ඩුප්ලෙසි 05, ලසිත් මාලිංග 5-0-30-1)

           

මාලිංගගේ පස්වැනි ඕවරයට ලකුණු 6 ක් පමණයි.

-----------------------------------------------------------------------------------------------------

ඕවර 8 කදී - 36/1

(හෂීම් අම්ලා 16, ෆෆ් ඩුප්ලෙසි 03, තිසර පෙරේරා 1-1-00-0)

           

අටවැනි ඕවරය යැවීම සඳහා දකුණතින් මඳ වේග පන්දු යවන තිසර පෙරේරා කැඳවයි. පන්දුව පිළිගැනීම සඳහා ෆෆ් ඩුප්ලෙසි සූදානම්.

තිසරගේ පළමු ඕවරය නිළකුණු ඕවරයක් වෙයි.

-----------------------------------------------------------------------------------------------------

ඕවර 7 කදී - 36/1

(හෂීම් අම්ලා 16, ෆෆ් ඩුප්ලෙසි 03, ලසිත් මාලිංග 4-0-24-1)

           

මාලිංගගේ සිවුවැනි ඕවරයට ලකුණු 2 ක් පමණයි.

-----------------------------------------------------------------------------------------------------

ඕවර 6 කදී - 34/1

(හෂීම් අම්ලා 15, ෆෆ් ඩුප්ලෙසි 02, සුරංග ලක්මාල් 1-0-02-0)

           

හයවැනි ඕවරය යැවීම සඳහා දකුණතින් මඳ වේග පන්දු යවන ක්‍රීඩක සුරංග ලක්මාල් කැඳවයි. පන්දුව පිළිගැනීම සඳහා හෂීම් අම්ලා සූදානම්.

ලක්මාල්ගේ පළමු ඕවරයට ලකුණු 3 ක් පමණයි.

-----------------------------------------------------------------------------------------------------

 

ඕවර 5 කදී - 31/1

(හෂීම් අම්ලා 15, ෆෆ් ඩුප්ලෙසි 00, ලසිත් මාලිංග 3-0-22-1)

           

මාලිංගගේ තෙවැනි ඕවරයේ පස්වැනි පන්දුව කඩුල්ලේ දැවටීමෙන් ක්වින්ටින් ඩි'කොක් ලකුණු 15 කට දැවී යයි. (හතරේ පහර 3 යි)

තෙවැනි පිතිකරු ලෙස ෆෆ් ඩුප්ලෙසි පිටියට පිවිසෙයි.

-----------------------------------------------------------------------------------------------------

 

ඕවර 4 කදී - 28/0

(හෂීම් අම්ලා 12, ක්වින්ටින් ඩි'කොක් 15, ධනංජය ද සිල්වා 2-0-09-0)

           

ධනංජයගේ දෙවැනි ඕවරයේ පළමු පන්දුවේදී කවර් කළාපය හරහා හතරේ පහරක් එල්ල කළ ක්වින්ටින් ඩි'කොක්ගෙන් පස්වැනි පන්දුවේදී ස්ලිප් ක්‍රීඩකයා අසලින් හතරේ පහරක්.

-----------------------------------------------------------------------------------------------------

ඕවර 3 කදී - 20/0

(හෂීම් අම්ලා 12, ක්වින්ටින් ඩි'කොක් 07, ලසිත් මාලිංග 2-0-19-0)

           

මාලිංගගේ දෙවැනි ඕවරයේ පළමු පන්දුවේදී ක්වින්ටින් ඩි'කොක්ගෙන් ස්ට්‍රේට් ඩ්‍රයිව් පහරක් සහ පස්වැනි පන්දුවේදී ඩීප් මිඩ් විකට් කළාපය හරහා හතරේ පහරක්.

-----------------------------------------------------------------------------------------------------

ඕවර 2 කදී - 10/0

(හෂීම් අම්ලා 08, ක්වින්ටින් ඩි'කොක් 02, ධනංජය ද සිල්වා 1-0-01-0)

           

දෙවැනි ඕවරය යැවීම සඳහා පිට දඟ පන්දු යවන ක්‍රීඩක ධනංජය ද සිල්වා කැඳවයි. පන්දුව පිළිගැනීම සඳහා ඩි'කොක් සූදානම්.

ධනංජයගේ පළමු ඕවරයට එක් ලකුණක් පමණයි.

-----------------------------------------------------------------------------------------------------

ඕවර 1 කදී - 09/0

(හෂීම් අම්ලා 08, ක්වින්ටින් ඩි'කොක් 01, ලසිත් මාලිංග 1-0-09-0)

           

දකුණු අප්‍රිකානු ඉනිම ආරම්භ කිරීම සඳහා හෂීම් අම්ලා සහ ක්වින්ටින් ඩි'කොක් පිටියට පිවිසෙති.

පළමු ඕවරය යැවීම සඳහා දකුණතින් වේග පන්දු යවන ක්‍රීඩක ලසිත් මාලිංග කැඳවයි. පන්දුව පිළිගැනීම සඳහා ඩි'කොක් සූදානම්.

මාලිංගගේ පළමු ඕවරයේ සිවුවැනි සහ පස්වැනි පන්දුවලදී අම්ලාගෙන් කවර් සහ ඩීම් මිඩ් විකට් කළාප හරහා පිට පිටම හතරේ පහර 2 ක්.

-----------------------------------------------------------------------------------------------------

ජයග්‍රහයණය සඳහා දකුණු අප්‍රිකාවට ලකුණු 204 ක ඉලක්කයක්.

-----------------------------------------------------------------------------------------------------

ඕවර 49.3 කදී - 203/10

(සුරංග ලක්මාල් 05, ක්‍රිස් මොරිස් 9.3-0-46-3)

     

මොරිස්ගේ 10 වැනි ඕවරයේ දෙවැනි පන්දුවේදී ලසිත් මාලිංගගෙන් පොයින්ට් කළාපය හරහා හතරේ පහරක්.

එම ඕවරයේම‍ තෙවැනි පන්දුවේදී මිඩ් ඕ‍ෆ් කළාපයේ පන්දු රකිමින් සිටි ෆෆ් ඩුප්ලෙසි අතට උඩ පන්දුවක් දෙමින් ලසිත් මාලිංග ලකුණු 4 කට දැවී යයි. (හතරේ පහර 1 යි)

-----------------------------------------------------------------------------------------------------

ඕවර 49 කදී - 198/9

(සුරංග ලක්මාල් 04, ලසිත් මාලිංග 00, කගිසෝ රබාඩා 10-2-36-2)

           

රබාඩාගේ 10 වැනි ඕවරයේ තෙවැනි පන්දුවේදී ඔහු අතටම උඩ පන්දුවක් දෙමින් ඉසුරු උදාන ලකුණු 17 කට දැවී යයි. (හතරේ පහර 1 යි)

11 වැනි පිතිකරු ලෙස ලසිත් මාලිංග පිටියට පිවිසෙයි.

එම ඕවරයේම සිවුවැනි පන්දුවේදී සුරංගල ලක්මාල් (03) ලබාදුන් උඩ පන්දුවක් මිඩ් ඕන් කළාපයේ පන්දු රකිමින් සිටි ෆ‍ෆ් ඩුප්ලෙසි අතින් ගිළිහෙයි.

-----------------------------------------------------------------------------------------------------

ඕවර 48 කදී - 195/8

(ඉසුරු උදාන 16, සුරංග ලක්මාල් 02, ක්‍රිස් මොරිස් 9-0-41-2)

           

48 වැනි ඕවරය යැවීම සඳහා ක්‍රිස් මොරිස් කැඳවයි. පන්දුව පිළිගැනීම සඳහා සුරංග ලක්මාල් සූදානම්.

මොරිස්ගේ නමවැනි ඕවරයට ලකුණු 3 ක් පමණයි.

-----------------------------------------------------------------------------------------------------

ඕවර 47 කදී - 192/8

(ඉසුරු උදාන 14, සුරංග ලක්මාල් 01, කගිසෝ රබාඩා 9-2-33-1)

           

47 වැනි ඕවරය යැවීම සඳහා කගිසෝ රබාඩා කැඳවයි. පන්දුව පිළිගැනීම සඳහා සුරංග ලක්මාල් සූදානම්.

රබාඩාගේ නමවැනි ඕවරයට ලකුණු 4 ක් පමණයි.

-----------------------------------------------------------------------------------------------------

ඕවර 46 කදී - 188/8

(ඉසුරු උදාන 11, සුරංග ලක්මාල් 00, ඇන්ඩිල් පෙලුක්වායෝ 8-0-38-1)

           

පෙලුක්වායෝගේ අටවැනි ඕවරයේ තෙවැනි පන්දුවේදී ඩීප් මිඩ් විකට් කළාපයේ පන්දු රකිමින් සිටි කගිසෝ රබාඩා අතට උඩ පන්දුවක් දෙමින් තිසර පෙරේරා ලකුණු 21 කට දැවී යයි.

10 වැනි පිතිකරු ලෙස සුරංග ලක්මාල් පිටියට පිවිසෙයි.

එම ඕවරයේම අවසන් පන්දුවට ඉසුරු උදානගෙන් මිඩ් ඕෆ් කළාපය හරහා හතරේ පහරක්.

-----------------------------------------------------------------------------------------------------

ඕවර 45 කදී - 182/7

(තිසර පෙරේරා 20, ඉසුරු උදාන 06, ඉම්රාන් තාහිර් 10-0-36-0)

           

තාහීර්ගේ 10 වැනි ඕවරයට ලකුණු 3 ක් පමණයි.

-----------------------------------------------------------------------------------------------------

ඕවර 44 කදී - 179/7

(තිසර පෙරේරා 18, ඉසුරු උදාන 05, ඇන්ඩිල් පෙලුක්වායෝ 7-0-32-0)

           

පෙලුක්වායෝගේ හත්වැනි ඕවරයට ලකුණු 5 ක් පමණයි.

-----------------------------------------------------------------------------------------------------

ඕවර 43 කදී - 174/7

(තිසර පෙරේරා 16, ඉසුරු උදාන 02, ඉම්රාන් තාහිර් 9-0-33-0)

           

තාහීර්ගේ නමවැනි ඕවරයට ලකුණු 3 ක් පමණයි.

-----------------------------------------------------------------------------------------------------

ඕවර 42 කදී - 171/7

(තිසර පෙරේරා 13, ඉසුරු උදාන 02, ඇන්ඩිල් පෙලුක්වායෝ 6-0-27-0)

           

42 වැනි ඕවරය යැවීම සඳහා ඇන්ඩිල් පෙලුක්වායෝ කැඳවයි. පන්දුව පිළිගැනීම සඳහා තිසර පෙරේරා සූදානම්.

පෙලුක්වායෝගේ හයවැනි ඕවරයට ලකුණු 4 ක් පමණයි.

-----------------------------------------------------------------------------------------------------

ඕවර 41 කදී - 167/7

(තිසර පෙරේරා 11, ඉසුරු උදාන 01, ඉම්රාන් තාහිර් 8-0-30-0)

           

41 වැනි ඕවරය යැවීම සඳහා ඉම්රාන් තාහිර් කැඳවයි. පන්දුව පිළිගැනීම සඳහා ඉසුරු උදාන සූදානම්.

තාහීර්ගේ අටවැනි ඕවරයට ලකුණු 4 ක් පමණයි.

-----------------------------------------------------------------------------------------------------

ඕවර 40 කදී - 163/7

(තිසර පෙරේරා 08, ඉසුරු උදාන 00, ක්‍රිස් මොරිස් 8-0-38-2)

           

මොරිස්ගේ අටවැනි ඕවරයේ පස්වැනි පන්දු‍වේදී ෆයින් ලෙග් කළාපයේ පන්දු රකිමින් සිටි ඩ්වේන් ප්‍රිටෝරියස් අතට උඩ පන්දුවක් දෙමින් ජීවන් මෙන්ඩිස් ලකුණු 18 කට දැවී යයි. (හයේ පහර 1 යි, හතරේ පහර 1යි)

නමවැනි පිතිකරු ලෙස ඉසුරු උදාන පිටියට පිවිසෙයි.

-----------------------------------------------------------------------------------------------------

ඕවර 39 කදී - 159/6

(ජීවන් මෙන්ඩිස් 16, තිසර පෙරේරා 07, ජේ.පී. ඩුමිනි 2-0-15-1)

            

ඩුමිනිගේ දෙවැනි ඕවරයේ තෙවැනි පන්දු‍වට ජීවන් මෙන්ඩිස්ගෙන් ඩීප් මිඩ් විකට් කළාපය හරහා හතරේ පහරක්.

-----------------------------------------------------------------------------------------------------

 

ඕවර 38 කදී - 145/6

 

(ජීවන් මෙන්ඩිස් 11, තිසර පෙරේරා 03, ක්‍රිස් මොරිස් 7-0-34-1)

         

38 වැනි ඕවරය යැවීම සඳහා ක්‍රිස් මොරිස් කැඳවයි. පන්දුව පිළිගැනීම සඳහා තිසර පෙරේරා සූදානම්.

මොරිස්ගේ හත්වැනි ඕවරයේ පස්වැනි පන්දු‍වට ජීවන් මෙන්ඩිස්ගෙන් ඩීප් ස්කුවෙයාර් ලෙග් කළාපයට ඉහළින් හයේ පහරක්.

-----------------------------------------------------------------------------------------------------

 

ඕවර 37 කදී - 136/6

 

(ජීවන් මෙන්ඩිස් 04, තිසර පෙරේරා 01, ජේ.පී. ඩුමිනි 1-0-01-1)

         

37 වැනි ඕවරය යැවීම සඳහා පිට දඟ පන්දු යවන ක්‍රීඩක ජේ.පී. ඩුමිනි කැඳවයි. පන්දුව පිළිගැනීම සඳහා ධනංජය ද සිල්වා සූදානම්.

ඩුමිනිගේ පළමු ඕවරයේ පළමු පන්දුව කඩුල්ලේ දැවටීමෙන් ධනංජය ද සිල්වා ලකුණු 24 කට දැවී යයි. (හතරේ පහර 2 යි)

අටවැනි පිතිකරු ලෙස තිසර පෙරේරා පිටියට පිවිසෙයි.

-----------------------------------------------------------------------------------------------------

ඕවර 36 කදී - 135/5

(ධනංජය ද සිල්වා 24, ජීවන් මෙන්ඩිස් 04, කගිසෝ රබාඩා 8-2-29-1)

         

රබාඩාගේ අටවැනි ඕවරය නිළකුණු ඕවරයක් බවට පත්වෙයි.

-----------------------------------------------------------------------------------------------------

ඕවර 35 කදී - 135/5

(ධනංජය ද සිල්වා 24, ජීවන් මෙන්ඩිස් 04, ඇන්ඩිල් පෙලුක්වයෝ 5-0-23-0)

         

35 වැනි ඕවරය යැවීම සඳහා ඇන්ඩිල් පෙලුක්වයෝ කැඳවයි. පන්දුව පිළිගැනීම සඳහා ජීවන් මෙන්ඩිස් සූදානම්.

පෙලුක්වයෝගේ හත්වැනි ඕවරයේ දෙවැනි පන්දුවට ධනංජය ද සිල්වාගෙන් පොයින්ට් කළාපය හරහා හතරේ පහරක්.

-----------------------------------------------------------------------------------------------------

ඕවර 34 කදී - 128/5

(ධනංජය ද සිල්වා 19, ජීවන් මෙන්ඩිස් 02, කගිසෝ රබාඩා 7-1-29-1)

         

34 වැනි ඕවරය යැවීම සඳහා කගිසෝ රබාඩා කැඳවයි. පන්දුව පිළිගැනීම සඳහා ධනංජය ද සිල්වා සූදානම්.

රබාඩාගේ හත්වැනි ඕවරය නිළකුණු ඕවරයක් බවට පත්වෙයි.

-----------------------------------------------------------------------------------------------------

ඕවර 33 කදී - 128/5

(ධනංජය ද සිල්වා 19, ජීවන් මෙන්ඩිස් 02, ඉම්රාන් තාහිර් 7-0-26-0)

         

තාහිර්ගේ හත්වැනි ඕවරයට එක් ලකුණක් පමණයි.

-----------------------------------------------------------------------------------------------------

ඕවර 32 කදී - 127/5

(ධනංජය ද සිල්වා 18, ජීවන් මෙන්ඩිස් 02, ඩ්වේන් ප්‍රිටෝරියස් 10-2-25-3)

         

ප්‍රිටෝරියස්ගේ 10 වැනි ඕවරයට ලකුණු 4 ක් පමණි.

-----------------------------------------------------------------------------------------------------

ඕවර 31 කදී - 123/5

(ධනංජය ද සිල්වා 15, ජීවන් මෙන්ඩිස් 02, ඉම්රාන් තාහිර් 6-0-25-0)

         

තාහිර්ගේ හයවැනි ඕවරයේ අවසන් පන්දුවට ධනංජය ද සිල්වාගෙන් ඩීප් එක්ස්ට්‍රා කවර් කළාපය හරහා හතරේ පහරක්.

-----------------------------------------------------------------------------------------------------

ඕවර 30 කදී - 115/5

(ධනංජය ද සිල්වා 08, ජීවන් මෙන්ඩිස් 01, ඩ්වේන් ප්‍රිටෝරියස් 9-2-22-3)

         

ප්‍රිටෝරියස්ගේ නමවැනි ඕවරයට එක් ලකුණක් පමණි.

-----------------------------------------------------------------------------------------------------

ඕවර 29 කදී - 114/5

(ධනංජය ද සිල්වා 07, ජීවන් මෙන්ඩිස් 01, ඉම්රාන් තාහිර් 5-0-17-0)

         

තාහිර්ගේ පස්වැනි ඕවරයට ලකුණු 3 ක් පමණයි.

-----------------------------------------------------------------------------------------------------

ඕවර 28 කදී - 111/5

(ධනංජය ද සිල්වා 05, ජීවන් මෙන්ඩිස් 00, ඩ්වේන් ප්‍රිටෝරියස් 8-2-21-3)

         

ප්‍රිටෝරියස්ගේ අටවැනි ඕවරයේ පළමු පන්දුවේදී එක්ස්ට්‍රා කවර් කළාපයේ පන්දු රකිමින් සිටි ක්‍රිස් මොරිස් අතට උඩ පන්දුවක් දෙමින් කුසල් මෙන්ඩිස් ලකුණු 23 කට දැවී යයි. (හතරේ පහර 2 යි)

හත්වැනි පිතිකරුවා ලෙස ජීවන් මෙන්ඩිස් පිටියට පිවිසෙයි.

ප්‍රිටෝරියස්ගේ අටවැනි ඕවරයද නිළකුණු ඕවරයක් බවට පත්වෙයි.

-----------------------------------------------------------------------------------------------------

ඕවර 27 කදී - 111/4

(කුසල් මෙන්ඩිස් 23, ධනංජය ද සිල්වා 05, ඉම්රාන් තාහිර් 4-0-14-0)

         

තාහිර්ගේ සිවුවැනි ඕවරයට ලකුණු 5 ක් පමණයි.

-----------------------------------------------------------------------------------------------------

ඕවර 26 කදී - 106/4

(කුසල් මෙන්ඩිස් 19, ධනංජය ද සිල්වා 04, ඩ්වේන් ප්‍රිටෝරියස් 7-1-21-2)

         

26 වැනි ඕවරය යැවීම සඳහා ඩ්වේන් ප්‍රිටෝරියස් කැඳවයි. පන්දුව පිළිගැනීම සඳහා ධනංජය ද සිල්වා සූදානම්.

ප්‍රිටෝරියස්ගේ හත්වැනි ඕවරය නිළකුණු ඕවරයක් බවට පත්වෙයි.

-----------------------------------------------------------------------------------------------------

ඕවර 25 කදී - 106/4

(කුසල් මෙන්ඩිස් 19, ධනංජය ද සිල්වා 04, ඉම්රාන් තාහිර් 3-0-09-0)

         

තාහිර්ගේ තෙවැනි ඕවරයට ලකුණු 2 ක් පමණයි.

-----------------------------------------------------------------------------------------------------

ඕවර 24 කදී - 104/4

(කුසල් මෙන්ඩිස් 18, ධනංජය ද සිල්වා 03, ක්‍රිස් මොරිස් 6-0-25-1)

           

මොරිස්ගේ හයවැනි ඕවරයට ලකුණු 2 ක් පමණයි.

-----------------------------------------------------------------------------------------------------

 

ඕවර 23 කදී - 102/4

 

(කුසල් මෙන්ඩිස් 18, ධනංජය ද සිල්වා 01, ඉම්රාන් තාහිර් 2-0-07-0)

         

තාහිර්ගේ දෙවැනි ඕවරයට ලකුණු 2 ක් පමණයි.

-----------------------------------------------------------------------------------------------------

ඕවර 22 කදී - 100/4

(කුසල් මෙන්ඩිස් 17, ධනංජය ද සිල්වා 00, ක්‍රිස් මොරිස් 5-0-23-1)

           

මොරිස්ගේ පස්වැනි ඕවරයේ පළමු පන්දුවට ඇන්ජලෝ මැතිව්ස්ගෙන් මිඩ් ඕන් කළාපය හරහා හතරේ පහරක්.

එම ඕවරයේම පස්වැනි පන්දුව පිත්තේ අැතුළත දාරයේ වැදී කඩුල්ල මතට අැදී ඒම නිසා ඇන්ජලෝ මැතිව්ස් ලකුණු 11 කට දැවී යයි. (හතරේ පහර 1 යි)

හයවැනි පිතිකරු ලෙස ධනංජය ද සිල්වා පිටියට පිවිසෙයි.

-----------------------------------------------------------------------------------------------------

ඕවර 21 කදී - 96/3

(කුසල් මෙන්ඩිස් 17, ඇන්ජලෝ මැතිව්ස් 07, ඉම්රාන් තාහිර් 1-0-05-0)

           

21 වැනි ඕවරය යැවීම සඳහා පා ද‍ඟ පන්දු යවන ක්‍රීඩක ඉම්රාන් තාහිර් කැඳවයි. පන්දුව පිළිගැනීම සඳහා ඇන්ජලෝ මැතිව්ස් සූදානම්.

තාහිර්ගේ පළමු ඕවරයේ දෙවැනි පන්දුවට කුසල් මෙන්ඩිස්ගෙන් ස්කුවෙයාර් ලෙග කළාපය හරහා හතරේ පහරක්.

-----------------------------------------------------------------------------------------------------

ඕවර 20 කදී - 91/3

(කුසල් මෙන්ඩිස් 13, ඇන්ජලෝ මැතිව්ස් 06, ක්‍රිස් මොරිස් 4-0-19-0)

           

මොරිස්ගේ සිවුවැනි ඕවරයට ලකුණු 4 ක් පමණයි.

-----------------------------------------------------------------------------------------------------

ඕවර 19 කදී - 87/3

(කුසල් මෙන්ඩිස් 10, ඇන්ජලෝ මැතිව්ස් 05, කගිසෝ රබාඩා 6-0-29-1)

           

රබාඩාගේ හයවැනි ඕවරයට එක් ලකුණක් පමණයි.

-----------------------------------------------------------------------------------------------------

ඕවර 18 කදී - 86/3

(කුසල් මෙන්ඩිස් 09, ඇන්ජලෝ මැතිව්ස් 05, ක්‍රිස් මොරිස් 3-0-15-0)

           

18 වැනි ඕවරය යැවීම සඳහා ක්‍රිස් මොරිස් කැඳවයි. පන්දුව පිළිගැනීම සඳහා ඇන්ජලෝ මැතිවුස් සූදානම්.

මොරිස්ගේ තෙවැනි ඕවරයට එක් ලකුණක් පමණයි.

-----------------------------------------------------------------------------------------------------

ඕවර 17 කදී - 85/3

(කුසල් මෙන්ඩිස් 09, ඇන්ජලෝ මැතිව්ස් 05, කගිසෝ රබාඩා 5-0-28-1)

           

17 වැනි ඕවරය යැවීම සඳහා කගිසෝ රබාඩා කැඳවයි. පන්දුව පිළිගැනීම සඳහා කුසල් මෙන්ඩිස් සූදානම්.

රබාඩාගේ පස්වැනි ඕවරයට ලකුණු 2 ක් පමණයි.

-----------------------------------------------------------------------------------------------------

ඕවර 16 කදී - 83/3

(කුසල් මෙන්ඩිස් 08, ඇන්ජලෝ මැතිව්ස් 04, ඩ්වේන් ප්‍රිටෝරියස් 6-0-21-2)

           

ප්‍රිටෝරියස්ගේ හයවැනි ඕවරයටත් එක් ලකුණක් පමණයි.

-----------------------------------------------------------------------------------------------------

ඕවර 15 කදී - 82/3

(කුසල් මෙන්ඩිස් 07, ඇන්ජලෝ මැතිව්ස් 04, ඇන්ඩිල් පෙලුක්වායෝ 4-0-16-0)

           

පෙලුක්වායෝගේ සිවුවැනි ඕවරයට ලකුණු 5 ක් පමණයි.

-----------------------------------------------------------------------------------------------------

ඕවර 14 කදී - 77/3

(කුසල් මෙන්ඩිස් 06, ඇන්ජලෝ මැතිව්ස් 01, ඩ්වේන් ප්‍රිටෝරියස් 5-0-20-2)

           

ප්‍රිටෝරියස්ගේ පස්වැනි ඕවරයට එක් ලකුණක් පමණයි.

-----------------------------------------------------------------------------------------------------

ඕවර 13 කදී - 76/3

(කුසල් මෙන්ඩිස් 06, ඇන්ජලෝ මැතිව්ස් 00, ඇන්ඩිල් පෙලුක්වායෝ 3-0-11-0)

           

පෙලුක්වායෝගේ තෙවැනි ඕවරයේ දෙවැනි පන්දුවට කුසල් මෙන්ඩිස්ගෙන් ස්කුවෙයාර් ලෙග් කළපය හරහා හතරේ පහරක්.

-----------------------------------------------------------------------------------------------------

ඕවර 12 කදී - 72/3

(කුසල් මෙන්ඩිස් 02, ඇන්ජලෝ මැතිව්ස් 00, ඩ්වේන් ප්‍රිටෝරියස් 4-0-19-2)

           

ප්‍රිටෝරියස්ගේ සිවුවැනි ඕවරයේ තෙවැනි පන්දුව පිත්තේ අැතුළත දාරයේ වැදී කඩුල්ල මතට අැදී ඒම නිසා කුසල් පෙරේරා ලකුණු 30 කට දැවී යයි. (හතරේ පහර 4 යි)

පස්වැනි පිතිකරු ලෙස ඇන්ජලෝ මැතිව්ස් පිටියට පිවිසෙයි.

-----------------------------------------------------------------------------------------------------

ඕවර 11 කදී - 70/2

(කුසල් පෙරේරා 30, කුසල් මෙන්ඩිස් 01, ඇන්ඩිල් පෙලුක්වායෝ 2-0-08-0)

           

පෙලුක්වායෝගේ දෙවැනි ඕවරයට ලකුණු 3 ක් පමණයි.

-----------------------------------------------------------------------------------------------------

ඕවර 10 කදී - 67/2

(කුසල් පෙරේරා 28, කුසල් මෙන්ඩිස් 00, ඩ්වේන් ප්‍රිටෝරියස් 3-0-17-1)

           

ප්‍රිටෝරියස්ගේ තෙවැනි ඕවරයේ ද‍ෙවැනි පන්දුවට කුසල් මෙන්ඩිස්ගෙන් ෆයින් ලෙග් කළාපය හරහා පහරක් සහ සිවුවැනි පන්දුවට අවිෂ්ක ප්‍රනාන්දුගෙන් මිඩ් විකට් කළාපය හරහා හතරේ පහරක්.

එම ඕවරයේම පස්වැනි පන්දුවේදී මිඩ් ඕන් කළාපයේ පන්දු රකිමින් සිටි ෆ‍ෆ් ඩුප්ලෙසි අතට උඩ පන්දුවක් දෙමින් අවිෂ්ක ප්‍රනාන්දු ලකුණු 30 කට දැවී යයි. (හතරේ පහර 4 යි)

සිවුවැනි පිතිකරු ලෙස කුසල් මෙන්ඩිස් පිටියට පිවිසෙයි.

-----------------------------------------------------------------------------------------------------

ඕවර 9 කදී - 56/1

(කුසල් පෙරේරා 23, අවිෂ්ක ප්‍රනාන්දු 26, ඇන්ඩිල් පෙලුක්වායෝ 1-0-05-0)

           

නමවැනි ඕවරය යැවීම සඳහා දකුණතින් මඳ වේග පන්දු යවන ක්‍රීඩක ඇන්ඩිල් පෙලුක්වායෝ කැඳවයි. පන්දුව පිළිගැනීම සඳහා කුසල් පෙරේරා සූදානම්.

පෙලුක්වායෝගේ පළමු ඕවරයට ලකුණු 5 ක් පමණයි.

-----------------------------------------------------------------------------------------------------

ඕවර 8 කදී - 52/1

(කුසල් පෙරේරා 20, අවිෂ්ක ප්‍රනාන්දු 24, ඩ්වේන් ප්‍රිටෝරියස් 2-0-07-0)

           

ප්‍රිටෝරියස්ගේ දෙවැනි ඕවරයේ සිවුවැනි පන්දුවට අවිෂ්ක ප්‍රනාන්දුගෙන් ෆයින් ලෙග් කළාපය හරහා පහරක්.

-----------------------------------------------------------------------------------------------------

ඕවර 7 කදී - 45/1

(කුසල් පෙරේරා 19, අවිෂ්ක ප්‍රනාන්දු 19, කගිසෝ රබාඩා 4-0-26-1)

           

රබාඩා‍ෙගේ සිවුවැනි ඕවරයේ සිවුවැනි පන්දුවට කුසල් පෙරේරාගෙන් මිඩ් ඕෆ් කළාපය හරහා  පහරක්.

-----------------------------------------------------------------------------------------------------

ඕවර 6 කදී - 37/1

(කුසල් පෙරේරා 13, අවිෂ්ක ප්‍රනාන්දු 18, ඩ්වේන් ප්‍රිටෝරියස් 1-0-01-0)

           

හයවැනි ඕවරය යැවීම සඳහා දකුණතින් මඳ වේග පන්දු යවන ක්‍රීඩක ඩ්වේන් ප්‍රිටෝරියස් කැඳවයි. පන්දුව පිළිගැනීම සඳහා කුසල් පෙරේරා සූදානම්.

ප්‍රිටෝරියස්ගේ පළමු ඕවරයට එක් ලකුණක් පමණයි.

-----------------------------------------------------------------------------------------------------

ඕවර 5 කදී - 36/1

(කුසල් පෙරේරා 12, අවිෂ්ක ප්‍රනාන්දු 18, කගිසෝ රබාඩා 3-0-18-1)

           

රබාඩා‍ෙගේ තෙවැනි ඕවරයේ අවසන් පන්දුවට අවිෂ්ක ප්‍රනාන්දුගෙන් ස්ට්‍රේට් ඩ්‍රයිව් පහරක්.

-----------------------------------------------------------------------------------------------------

ඕවර 4 කදී - 26/1

(කුසල් පෙරේරා 11, අවිෂ්ක ප්‍රනාන්දු 13, ක්‍රිස් මොරිස් 2-0-14-0)

           

මොරිස්ගේ දෙවැනි ඕවරයේ පළමු පන්දුවට කුසල් පෙරේරාගෙන් කවර් කළාපය හරහා හතරේ පහරක්.

-----------------------------------------------------------------------------------------------------

ඕවර 3 කදී - 20/1

(කුසල් පෙරේරා 06, අවිෂ්ක ප්‍රනාන්දු 12, කගිසෝ රබාඩා 2-0-12-1)

           

රබාඩා‍ගේ දෙවැනි ඕවරයේ තෙවැනි පන්දුවට අවිෂ්ක ප්‍රනාන්දුගෙන් බැක්වඩ් පොයින්ට් සහ කවර් කළාප අතරින් හතරේ පහරක්.

-----------------------------------------------------------------------------------------------------

ඕවර 2 කදී - 14/1

(කුසල් පෙරේරා 06, අවිෂ්ක ප්‍රනාන්දු 06, ක්‍රිස් මොරිස් 1-0-08-0)

           

දෙවැනි ඕවරය යැවීම සඳහා දකුණතින් මඳ වේග පන්දු යවන ක්‍රීඩක ක්‍රිස් මොරිස් කැඳවයි. පන්දුව පිළිගැනීම සඳහා අවිෂ්ක ප්‍රනාන්දු සූදානම්.

මොරිස්ගේ පළමු ඕවරයේ පස්වැනි පන්දුවට කුසල් පෙරේරාගෙන් කවර් කළාපය හරහා හතරේ පහරක්.

-----------------------------------------------------------------------------------------------------

ඕවර 1 කදී - 06/1

(කුසල් පෙරේරා 02, අවිෂ්ක ප්‍රනාන්දු 03, කගිසෝ රබාඩා 1-0-06-1)

           

ශ්‍රී ලංකා ඉනිම ආරම්භ කිරීම සඳහා නායක දිමුත් කරුණාරත්න සහ කුසල් පෙරේරා පිටියට පිවිසෙති.

පළමු ඕවරය යැවීම සඳහා දකුණතින් වේග පන්දු යවන ක්‍රීඩක කගිසෝ රබාඩා කැඳවයි. පන්දුව පිළිගැනීම සඳහා දිමුත් සූදානම්.

රබාඩාගේ පළමු පන්දුවේදීම දෙවැනි ස්ලිප් ක්‍රීඩකයා ලෙස පන්දු රකිමින් සිටි ෆ‍ෆ් ඩුප්ලෙසි ‍අතට උඩ පන්දුවක් දෙමින් දිමුත් කරුණාරත්න ලකුණු නොළබා දැවී යයි.

තෙවැනි පිතිකරු ලෙස අවිෂ්ක ප්‍රනාන්දු පිටියට පිවිසෙයි.

-----------------------------------------------------------------------------------------------------

එංගලන්තය පරාජය කරමින් ලබාගත් අනපේක්‍ෂිත ජයග්‍රහණයෙන් දිරිමත් වී සිටින ශ්‍රී ලංකා චෙස්ටර් ලී ස්ටී්‍රට් හිදී අද පැවැත්වෙන ලෝක කුෂලාන තරගයේදී දකුණු අප්‍රිකානු කණ්ඩායම හමුවන්නේ බලාපොරොත්තු නොමැතිවම නොවේ. මේ වන විටත් අවසන් පූර්ව වටය පිවිසීමේ අවස්ථාව අහිමි වී සිටින දකුණු අප්‍රිකානු පිලට එරෙහිව අද පැවැත්වෙන තරගය ජයගැනීමට ශ්‍රී ලංකා පිල සමත් වුවහොත් ප්‍රසාද ලකුණු පුවරුවේ 5 වැනි ස්ථානයට ළඟා වීමට ශ්‍රී ලංකා පිලට හැකිවේ.

 

ශ්‍රී ලංකාව සහ දකුණු අප්‍රිකාව අතර තරගය ආරම්භ වීමට පෙර ප්‍රසාද ලකුණු පුවරුව

ශ්‍රී ලංකා පිල හමුවේ ඇති අභියෝගය වන්නේ පිට පිටම පස් වතාවක් පරාජය වූ කණ්ඩායමකට එරෙහිව එක දවසකදී තමන්ගේ ක්‍රීඩාව ඉදිරියට ගැනීමයි. ශ්‍රී ලංකාව සහ දකුණු අප්‍රිකාව අතර පසුගිය මාර්තු මාසයේදී දකුණු අප්‍රිකාවේදී පැවැති එක්දින තරගාවලියේදී ශ්‍රී ලංකාවට 5-0 ක පරාජයක් අත්විය.

කෙසේ වෙතත් අද තරගය සඳහා තමන්ට වාසනාව ගෙන්නේ යයි ශ්‍රී ලංකා කණ්ඩායම සිතන කහ පැහැති ඇඳුම භාවිතා කිරීමට අන්තර්ජාතික ක්‍රිකට් සභාවෙන් අවසරය හිමිවී තිබේ.

ශ්‍රී ලංකා පිල එංගලන්තය පරාජය කළේත් මෙම කහ පැහැ බැනියමෙන් සැරසී ක්‍රීඩා කරමිනි.

-----------------------------------------------------------------------------------------------------

දකුණු අප්‍රිකාව පන්දු යැවීම තෝරාගනී

ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ 35 වැනි තරගය ලෙස ශ්‍රී ලංකාව සහ දකුණු අප්‍රිකාව අතර අද චෙස්ටර්ලේ ස්ට්‍රීට්හිදී පැවැත්වෙන තරගයේ කාසියේ වාසිය දිනූ දකුණු අප්‍රිකානු කණ්ඩායමේ නායක ෆ‍ෆ් ඩුප්ලෙසි පළමුවෙන් පන්දු යැවීමට තීරණය කළේය.

දකුණු අප්‍රිකානු කණ්ඩායම
ෆෆ් ඩු‘ප්ලෙසී (නායක), කුයින්ටන් ඩි’කොක්, හසීම් අම්ලා, ඒඞ්න් මාක්‍රම්,  රාසී වැන්ඩසන්, ජේ.පී.ඩුමිනි, ඇන්ඩිල් පෙලුක්වායෝ, ක්‍රිස් මොරිස්, කගීසෝ රබාඩා, ඞ්වයින් ප්‍රීටෝරියස්, ඉම්රාන් තහීර්

ශ්‍රී ලංකා කණ්ඩායම
දිමුත් කරුණාරත්න (නායක), කුසල් පෙරේරා, අවිශ්ක ප්‍රනාන්දු, කුසල් මෙන්ඩිස්, ඇන්ජලෝ මැතිව්ස්, ජීවන් මෙන්ඩිස්, ධනංජය ද සිල්වා, තිසර පෙරේරා, ඉසුරු උදාන, ලසිත් මාලිංග, සුරංග ලක්මාල්


අදහස් (0)

දකුණු අප්‍රිකාවට කඩුලු 9 ක ජයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.