Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
බටහිර ඉන්දීය කොදෙව් පිලට එරෙහිව පැවැති විස්සයි20 තරගාවලිය 3-2 ක් ලෙස ජයගැනීමට දකුණු අප්‍රිකාව සමත්විය. ශාන්ත ජෝර්ජස්හි ජාතික ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැති පස්වැනි සහ අවසන් තරගය ලකුණු 25 කින් ජයගනිමින් තරගාවලියේ ජයග්‍රහණයද තමන් සතුකර ගැනීමට දකුණු අප්‍රිකානු ක්‍රීඩකයෝ සමත්වූහ.
කාසියේ වාසිය දිනා පළමු පන්දුවට පහරදුන් දකුණු අප්‍රිකාව ඕවර 20 අවසානයේදී කඩුලු 4 ක් දැවී ලකුණු 168 ක් රැස්කිරීමට සමත්විය. පළමු කඩුල්ල ලෙස නායක ටෙම්බා බවුමා ලකුණු නොලඹා දැවීයාමත් සමගින් කුයින්ටන් ඩි‘කොක් සහ ඒඩ්න් මාක්‍රම් අර්ධ ශතක ලබාගනිමින් දකුණු අප්‍රිකානු ඉනිම ගොඩනැගීමට සමත්වූහ.
කුයින්ටන් ඩි‘කොක් පන්දු 42 කදී හයේ පහර 2 ක් සහ හතරේ පහර 4 ක් සමගින් ලකුණු 60 ක් රැස්කරන විට ඒඩ්න් මාක්‍රම් පන්දු 48 කදී හයේ පහර 4 ක් සහ හතරේ පහර 3 ක් සමගින් ලකුණු 70 ක් ලබාගත්තේය.
කොදෙව් නායක කිරන් පොලාඩ් නියමිත ඕවර සංඛ්‍යාව යැවීම සඳහා පන්දු යවන්නන් 7 දෙනෙකු යොදාගත් නමුත් සාර්ථක ප්‍රතිඵලයක් අත්කර ගැනීමට ෆිඩෙල් එඩ්වඩ් පමණක් සමත්විය. ෆිඩෙල් එඩ්වඩ් ලකුණු 19 කට කඩුලු 2 ක් දවාගත්තේය.
ජයග්‍රහණය සඳහා ලකුණු 169 ක ඉලක්කයක් හඹාගිය බටහිර ඉන්දීය කොදෙව් පිලට ඕවර 0 අවසානයේ කඩුලු 9 ක් දැවී රැස්කිරීමට හැකිවූයේ ලකුණු 143 ක් පමණි.
එවින් ලෙවිස් පන්දු 34 කදී හයේ පහර 3 ක් සහ හතරේ පහර 5 ක් සමගින් ලකුණු 52 ක් රැස්කරමින් පිත්තෙන් දස්කම් දැක්වීය. ශිම්රන් හෙට්මයර් පන්දු 31 කදී හයේ පහර 2 ක් සහ හතරේ පහරක් සමගින් ලකුණු 33 ක් සහ නිකලස් පූරන් පන්දු 14 කදී හයේ පහර 2 ක් සමගින් ලකුණු 20 ක් ලබාගැනීමට සමත්වූහ.
ලුන්ගි න්ගිඩි කඩුලු 3 ක් ද, කගිසෝ රබාඩා සහ වියාන් මල්ඩර් කඩුලු 2 බැගින් දවාගනිමින් දකුණු අප්‍රිකානු පිලේ ජයග්‍රහණයට දායක වූහ.
ඒඩ්න් මාක්‍රම් තරගයේ දක්ෂතම ක්‍රීඩකයාට හිමි සම්මානය දිනාගන්නා විට තබ්‍රේස් ශම්සි තරගාවලියේ දක්ෂතම ක්‍රීඩකයාමට හිමි සම්මානය දිනාගත්තේය.
දකුණු අප්‍රිකාව - ඕවර 20 කදී කඩුලු 4 ක් දැවී 168
(කුයින්ටන් ඩි‘කොක් 60, ඒඩ්න් මාක්‍රම් 70, ෆිඩෙල් එඩ්වඩ් 19/2)
බටහිර ඉන්දීය කොදෙව් - ඕවර 20 කදී කඩුලු 9 ක් දැවී 143
(එවින් ලෙවිස් 52, ශිම්රන් හෙට්මයර් 33, නිකලස් පූරන් 20, ලුන්ගි න්ගිඩි 32/3, කගිසෝ රබාඩා 24/2, වියාන් මල්ඩර් 31/2)
- 2079
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.