Last Update  :  2025-08-11 21:34:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket දකුණු අප්‍රිකාව කඩුලු 4 ට 106 යි

දකුණු අප්‍රිකාව කඩුලු 4 ට 106 යි

editorial - 2021 පෙබ මස 05 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

සත්කාරකයන්ගේ දක්ෂ පන්දු යැවීම හේතුවෙන් රාවල්පින්ඩිහිදී පැවැත්වෙන දෙවැනි ටෙස්ට් තරගය දෙවැනි දිනය වූ අද (5 වැනිදා) තරගය අවසන් කරන විට පළමු ඉනිම සඳහා පන්දුවට පහර දෙමින් සිටි දකුණු අප්‍රිකාව ලකුණු 106 කට කඩුලු 4 ක් අහිමිකරගෙන සිටියේය. ඒ අනුව පාකිස්තානය පළමු ඉනිම සඳහා රැස්කළ ලකුණු 272 ට වඩා ලකුණු 166 ක් පසු පසින් දකුණු අප්‍රිකාව මේ වනවිට පසුවන්නේය. වේගවත් ලකුණු රැස්කිරීමක නිරත වන නායක ක්වින්ටන් ඩි‘කොක් පන්දු 11 කදී හතරේ පහර 5 ක් සමගින් ලකුණු 24 ක් රැස්කර ඇති අතර ටෙම්බා බවුමා ලකුණු 15 ක් රැස්කරමින් අනෙක් අන්තයේ රැඳී සිටින්නේය.

දකුණු අප්‍රිකානු ලකුණු පුවරුව 26 ක් වනවිටදී ආරම්භක පිතිකරු ඩීන් එල්ගා පිටියෙන් ඉවත් කළ හසන් අලී ඉන් පසු යවන ලද පළමු පන්දුවෙන්ම රාසී වැන්ඩර් ඩසන්ද දවාගැනිමට සමත්විය. තෙවැනි කඩුල්ල ලෙස ෆෆ් ඩු ප්ලෙසීස් (17) පිටියෙන් ඉවත් කිරීමට ෆහීම් අෂ්රෆ් සමත්වූ අතර සිවුවැනි කඩුල්ල ලෙස ලකුණු 32 ක් ලබාගෙන සිටි ඒඩ්න් මාක්‍රම් දවාගැනීමට නවුමාන් අලී සමත්විය.

පාකිස්තාන පළමු ඉනිම ලකුණු 272 කට සීමා කිරීමට දකුණු අප්‍රිකාව සමත්විය. ලකුණු 56 කට කඩුලු 5 ක් දවාගත් දකුණතින් වේගපන්දු යවන ඇන්රිච් නෝයේ කඩුලු 5 බැගින් දවාගත් තෙවැනි අවස්ථාව ලෙස සටහන් වන්නේය. කේෂව් මහරාජ් කඩුලු 3 ක් දවාගත්තේය.

තරගයේ පළමු දිනය වූ ඊයේ තරගය නතර කරනවිට කඩුලු 3 කට ලකුණු 145 ක් රැස්කරගෙන සිටි පාකිස්තාන පළමු ඉනිමට අද දිනයේදී එක්කර ගැනීමට හැකිවූයේ තවත් ලකුණු 127 ක් පමණි.

පළමු දිනයේ තරගය නතර කරනවිට ලකුණු 77 ක් රැස්කරමින් නොදැවී කඩුල්ලේ රැඳී සිටි නායක බාබර් අසාම්ට අද දිනයේදී මුහුණදීමට හැකිවූයේ පන්දු 2 කට පමණි. පිට ඉන්නෙත් පිටතට ඇදීයන ලෙස ඇන්රිච් නෝයේ දැමූ පන්දුවකට කට් පහරක් එල්ල කිරීමට යාමේදී පිත්තේ ඉහළ දාරයේ වැදුණු පන්දුව දෙවැනි ස්ලිප්හි පන්දු රකිමින් සිටි ෆෆ් ඩු ප්ලෙසීස්ගේ හිසට ඉහළ ගියද දක්ෂ ලෙස ඔහු පන්දුව රැකගත්තේය.

බාබර් අසාම් දැවීයාමත් සමගින් සිව්වැනි කඩුල්ල සඳහා ෆවාඩ් අලාම් සමග පැවැති ලකුණු 123 ක සම්බන්ධතාවයද බිඳවැටුණි. මිනිත්තු 188 ක කාළයක් කඩුල්ලේ රැඳී සිටි බාබර් අසාම් දැවීයන විට පන්දු 127 කදී හතරේ පහර 12 ක් සමගින් ලකුණු 77 ක් රැස්කර සිටියේය.

තවත් ලකුණු 4 ක් පාකිස්තානු ඉනිමට එක්වන විටදී පස්වැනි කඩුල්ල ලෙස ලකුණු 45 ක් රැස්කර සිටි ෆවාඩ් අලාම් අවාසනාවන්ත ලෙස දුවද්දී දැවී යාමකට හසුවිය.

මොහොමඩ් රිස්වාන් සමගින් හයවැනි කඩුල්ල සඳහා ලකුණු 41 ක සම්බන්ධතාවයක් පැවැත්වූ ෆාහීම් අෂ්රාෆ් ඉන්පසු හුදකලා සටනක නිරත වෙමින් පාකිස්තානු ලකුණු පුවරුව ඉහළ දැමීමට උත්සහ දැරීය. පාකිස්තානු පළමු ඉනිම අවසන් වනතෙක් කඩුල්ලේ රැඳී සිටි ෆාහීම් අෂ්රාෆ් ලකුණු 78 ක් රැස්කිරීමට සමත්විය. මිනිත්තු 218 ක් පුරා කඩුල්ලේ රැඳී සිටි ඔහුගේ ඉනිමට හතරේ පහර 12 ක් ඇතුළත් විය.

පසුපෙළ පිතිකරුවන්ට ලකුණු 10 සීමාව පසුකිරීමට දකුණු අප්‍රිකානු පන්දු යවන්නන්ගෙන් අවස්ථාවක් හිමිනොවූහ.


පාකිස්තානය පළමු ඉනිම - සියලුදෙනා දැවී 272
(බාබර් අසාම් 77, ෆවාඩ් අලාම් 45, ෆාහීම් අෂ්රාෆ් නොදැවී 78, ඇන්රිච් නෝයේ 56/5, කේෂව් මහරාජ් 90/3)

දකුණු අප්‍රිකාව පළමු ඉනිම - කඩුලු 4 ක් දැවී 106
(ඒඩ්න් මාක්‍රම් 32, ටෙම්බා බවුමා නොදැවී 15, ක්වින්ටන් ඩි‘කොක් නොදැවී 24, හසන් අලී 29/2)

- 2079

 


අදහස් (0)

දකුණු අප්‍රිකාව කඩුලු 4 ට 106 යි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.