Last Update  :  2024-04-30 23:41:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket දකුණු අප්‍රිකානු පිලට 16 හැවිරිදි දැරියක්
එක්දින තරගාවලිය

දකුණු අප්‍රිකානු පිලට 16 හැවිරිදි දැරියක්

editorial - 2024 අප්‍රේ මස 06 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ශ්‍රී ලංකාව සහ දකුණු අප්‍රිකාව අතර පැවැත්වෙන තරග 3 කින් යුත් කාන්තා එක්දින තරගාවලිය සඳහා තෝරාගන්නා ලද 14 දෙනකුගෙන් සමන්විත සංචිතයට තවමත් 16 හැවිරිදි දැරියක වන කරාබෝ මේසෝ ඇතුළත් කර තිබේ. 

විස්සයි-20 තරගාවලියේදී ක්‍රීඩා කළ කෝල් ටි්‍රයෝන් පිටකොන්දේ ආබාධයක් හේතුවෙන් එක්දින තරගාවලියට ක්‍රීඩා නොකරයි. විස්සයි-20 තරගාවලියේදී ක්‍රීඩා කළ අනාරි ඩර්ක්සන් වෙනුවට ඩෙල්මි ටකර් කැඳවා තිබේ.
 
ශ්‍රී ලංකාව සහ දකුණු අප්‍රිකාව අතර පැවැත්වෙන මෙම එක්දින තරගාවලිය අන්තර්ජාතික ක්‍රිකට් සභාවේ කාන්තා එක්දින ශූරතාවලියට ඇතුළත් තරගාවලියකි. 2025 කාන්තා ලෝක කුසලාන තරගාවලිය සඳහා කණ්ඩායම් තෝරාගනු ලබන්නේ මෙම තරගාවලියේ ප්‍රසාද ලකුණු සටහන අනුවය. 

තරග 3 කින් සමන්විත එක්දින තරගාවලිය ලබන 9 වැනිදා ඊස්ට් ලන්ඩන් නුවරදී ආරම්භ වෙයි. දෙවැනි තරගය 13 වැනිදා කිම්බර්ලි නගරයේදීත්, තුන්වැන්න 17 වැනිදා පොචෙස්ට්‍රෝම් නගරයේදීත් පැවැත්වෙයි. 


දකුණු අප්‍රිකානු කාන්තා සංචිතය
ලෝරා වූල්වර්ත් (නායිකා), ඇන්කි බොෂ්, ටැස්මින් බි්‍රට්ස්, නඩීන් ඩි’ක්ලර්ක්, සිනාලෝ ජෆා, මෙරිසෑන් කැප්, අයබොන්ගා කාකා, මසබාටා ක්ලාස්, සුනේ ලූස්, එලිස්-මාරි මාර්ක්ස්, කරාබෝ මේසෝ, නොන්කුලුලෙකෝ ම්ලාබා, ටුමී සෙකුකුනේ සහ ඩෙල්මි ටකර්

- 213


අදහස් (0)

දකුණු අප්‍රිකානු පිලට 16 හැවිරිදි දැරියක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.