Last Update  :  2024-05-04 10:30:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket දකුණු අප්‍රිකා - සිම්බාබ්වේ තරගය විසඳුමකින් තොරයි
සිම්බාබ්වේ - දකුණු අප්‍රිකා තරගය

දකුණු අප්‍රිකා - සිම්බාබ්වේ තරගය විසඳුමකින් තොරයි

editorial - 2022 ඔක් මස 24 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

දකුණු අප්‍රිකාව සහ සිම්බාබ්වේ අතර හෝබාට්හිදී අද (24 වැනිදා) පැවැති විස්සයි-20 ලෝක කුසලාන තරගාවලියේ සුපිරි 12 දෙනාගේ වටයේ තරගය වර්ෂාව හේතුවෙන් විසඳුමකින් තොරව නිමාවට පත්විය. තරගය ජය පැරදුමකින් තොරව අවසන් වීම හේතුවෙන් කණ්ඩායම් දෙකටම එක් ලකුණු බැගින් පිරිනැමිණ.

වර්ෂාව හේතුවෙන් තරගයේ ඉනිමක් ඕවර 9 කට සීමා කෙරුණ අතර කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදුන් සිම්බාබ්වේ කණ්ඩායම එහිදී කඩුලු 5 ක් දැවී ලකුණු 80 ක් ලබාගත්තේය. වේගවත් පිතිහරඹයක නිරත වූ වෙස්ලි මධිවේරි පන්දු 18 කදී හයේ පහරක් සහ හතරේ පහර 4 ක් සමග නොදැවී ලකුණු 35 ක් රැස්කිරීමට සමත් විය.

ලකුණු 19 කට කඩුලු 4 ක් බිඳවැටුණ අවස්ථාවේදී මිල්ටන් ශුම්බා (18) සමග එක්වූ මධිවේරි, පස්වැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 32 කදී ලකුණු 60 ක සම්බන්ධතාවක් ගොඩනගමින් සිම්බාබ්වේ ඉනිමේ ලකුණු සංඛ්‍යාව ඉහළට එසවීය. පන්දු 20 කට මුහුණදුන් ශුම්බාගේ ඉනිමට හතරේ පහර 2 ක් ඇතුළත් විය.

ජයග්‍රහණය සඳහා ලකුණු 81 ක ඉලක්කයක් හඹාගිය දකුණු අප්‍රිකානු කණ්ඩායම වර්ෂාව හේතුවෙන් තරගය නතර කරන විට ඕවර 3 ක් අවසානයේ කිසිවකු නොදැවී ලකුණු 51 ක් ලබා සිටියේය. ආරම්භක පිතිකරු ක්වින්ටින් ඩි’කොක් පන්දු 18 කදී හයේ පහරක් සහ හතරේ පහර 8 ක් සමග ලකුණු 47 ක් ලබා නොදැවී කඩුල්ලේ රැදී සිටියේය.


සිම්බාබ්වේ - ඕවර 9 කදී කඩුලු 5 ක් දැවී 80
(වෙස්ලි මධිවේරි නොදැවී 35, මිල්ටන් ශුම්බා 18, ලුංගි න්ගිඩි 20/2)

දකුණු අප්‍රිකාව - ඕවර 3 කදී කිසිවකු නොදැවී 51
(ක්වින්ටින් ඩි’කොක් නොදැවී 47)

-036


අදහස් (0)

දකුණු අප්‍රිකා - සිම්බාබ්වේ තරගය විසඳුමකින් තොරයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.