Last Update  :  2025-08-11 21:34:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket ද. අප්‍රිකානු පළමු ඉනිම 220 කට සීමා වෙයි

ද. අප්‍රිකානු පළමු ඉනිම 220 කට සීමා වෙයි

editorial - 2021 ජන මස 26 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

යසීර් ෂා ඇතුළු පාකිස්තානු පන්දු යවන්නන්ගේ දක්ෂ පන්දු යැවීම හමුවේ කරච්චිහිදී අද (26 වැනිදා) ආරම්භවූ පළමු ටෙස්ට් තරගයේදී කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහරදුන් දකුණු අප්‍රිකානු පළමු ඉනිම ලකුණු 220 කට සීමා විය.

ආරම්භක පිතිකරු ඩීන් එල්ගා පමණක් අර්ධ ශතකයක් ලබාගැනීමට සමත්වූ අතර පන්දු 106 ක් පුරා කඩුල්ලේ රැඳී සිටි ඔහු හතරේ පහර 9 ක් සමගින් ලකුණු 58 ක් ලබාගත්තේය.

පසුපෙළ පිතිකරුවන් වූ ජෝර්ජ් ලින්ඩේ ලකුණු 35 ක් සහ කගිසෝ රබාඩා නොදැවී ලකුණු 21 ක් ලබාගනිමින් දකුණු අප්‍රිකානු පළමු ඉනිමේ ලකුණු සංඛ්‍යාව වැඩි කිරීමට සමත්වූහ.

දිවා ආහාරය වනවිට කඩුලු 2 ක් දැවී ලකුණු 94 ක් රැස්කර ගනිමින් තරමක සාර්ථකත්වයක් පෙන්නුම් කිරීමට දකුණු අප්‍රිකානු පිතිකරුවන් සමත්වූහ. නමුත් නොසිතූ අයුරින් තේ පානය සඳහා තරගය නතර කරන විට ලකුණු 85 ක් තුල තවත් කඩුලු 4 ක් ඔවුන්ට අහිමිව ගියේය. තේ පානයෙන් පසුව පැයකට අඩු කාලයකදී ඉතිරි කඩුලු 4 ත් දවාගනිමින් දකුණු අප්‍රිකානුවන් මෙල්ල කිරීමට පාකිස්තානු පන්දු යවන්නෝ සමත්වූහ.

යසීර් ෂා කඩුලු 3 ක් ද නවුමාන් අලී සහ සහීන් ෂා කඩුලු 2 බැගින් දවාගනිමින් දකුණු අප්‍රිකානු පළමු ඉනිම අඩු ලකුණු සංඛ්‍යාවකට සීමා කිරීමට සමත්වූහ.

පිළිතුරු ඉනිම ඇරඹූ පාකිස්තානු කණ්ඩායම පළමු දිනය සඳහා තරගය නතර කරනවිට ලකුණු 33 කට කඩුලු 4 ක් අහිමිකර ගෙන සිටියේය. අසාර් අලී ලකුණු 5 ක් සහ ෆවාඩ් අලාම් ලකුණු 5 ක් රැස්කර නොදැවී කඩුල්ලේ රැඳී සිටිති.

ආරම්භයේ සිටම දකුණු අප්‍රිකානු පන්දු යවන්නන් හමුවේ දැඩි අපහසුතාවයකින් පන්දුවට පහරදුන් පාකිස්තනු කණ්ඩායම කඩුලු 4 ක් අහිමිකර ගැනීමත් සමගින් අසීරූ අඩියකට වැටී ඇත. කගිසෝ රබාඩා කඩුලු 2 ක් දවාගත් අතර ඇන්රිච් නෝයේ සහ කේෂව් මහරාජ් අතර කඩුල්ල බැගින් බෙදී ගියේය.


දකුණු අප්‍රිකාව - පළමු ඉනිම - සියලුදෙනා දැවී 220
(ඩීන් එල්ගා 58, ෆෆ් ඩු ප්ලෙසිස් 23, ජෝර්ජ් ලින්ඩේ 35, කගිසෝ රබාඩා නොදැවී 21, යසීර් ෂා 54/3, නවුමාන් අලී 38/2, සහීන් ෂා 49/2)

පාකිස්තානය - පළමු ඉනිම - කඩුලු 4 ක් දැවී 33
(කගිසෝ රබාඩා 08/2)

- 2079

 


අදහස් (0)

ද. අප්‍රිකානු පළමු ඉනිම 220 කට සීමා වෙයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.