Last Update  :  2025-08-14 18:24:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket තුන්වැනි දිනයට වැස්සෙන් බාධා

තුන්වැනි දිනයට වැස්සෙන් බාධා

editorial - 2020 ජුලි මස 18 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

එංගලන්තය සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම් අතර ඕල්ඩ් ට්‍රැෆර්ඩ්හිදී  පැවැත්වෙන දෙවන ටෙස්ට් තරගයේ තුන්වැනි දිනය වන අද (18 වැනිදා) තරගය ආරම්භ කිරීම වර්ෂාව හේතුවෙන් ප්‍රමාද වී තිබේ. තණතීරුව මෙන්ම එය අවට හතරැස් කොටුව සම්පූර්ණයෙන්ම ආවරණය කර තිබෙන අතර වර්ෂාව දිගටම ඇද හැලෙමින් තිබිණ.

දිවා ආහාරයට පෙර තරගය ආරම්භ වීමේ ලකුණු බෙහෙවින් ඈතට ඇදී ගොස් තිබේ.

දෙවැනි දිනයේ තරගය නතර කරන විට බටහිර ඉන්දීය කොදෙව් පිල කඩුල්ලක් දැවී ලකුණු 32 ක් ලබා සිටියේය. ක්‍රේග් බ්‍රැත්වෙයිට් නොදැවී ලකුණු 6 ක් ලබා සිටි අතර මුරකරු පිතිකරු ලෙසින් පැමිණි අල්සාරි ජෝශප් නොදැවී ලකුණු 14 ක් ලබා සිටියේය.

එංගලන්තය සිය පළමු ඉනිම වෙනුවෙන් කඩුලු 9 ක් දැවී  ලකුණු 469 ලබාගත්තේය. එංගලන්ත ඉනිම තුන් ඉරියව් ක්‍රීඩක බෙන් ස්ටොක්ස්ගේ (176) සහ ආරම්භක පිතිකරු ඩොම් සිබ්ලිගේ (120) ශතක දෙක මත පදනම් වූ අතර මේ දෙදෙනා එක්ව සිව්වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 260 ක් රැස් කළහ.

පසුගිය සතියේ සදම්ප්ටන්හිදී පැවති පළමු ටෙස්ට් තරගයේදී බටහිර ඉන්දීය කොදෙව් පිල කඩුලු 4 ක ජයක් ලබාගත් හෙයින් කොදෙව්වෝ මේ වන විටත් 1-0 ක් ලෙස තරගාවලියේ ඉදිරියෙන් සිටිති.

බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම මෙම තරගාවලියේ ඉතිරි ටෙස්ට් තරග දෙකෙන් එකක් ජයග්‍රහණය කළහොත් ඔවුන් වසර 32 කට පසුව  එංගලන්තයේදී ලබාගන්නා පළමු වැනි ටෙස්ට් තරගාවලි ජයග්‍රහණය එය වනු ඇත. ඒ 1988 දී කොදෙව් නායක විවියන් රිචඩ්ස්ගේ නායකත්වය යටතේදී ලබාගත් ජයෙන් පසුවය.

- 213

 


අදහස් (0)

තුන්වැනි දිනයට වැස්සෙන් බාධා

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.