Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
(ශානුක අරවින්ද)
එළබෙන සිම්බාබ්වේ සංචාරය සහ ආසියානු කුසලාන තරගාවලිය වෙනුවෙන් ශ්‍රී ලංකා විස්සයි-20 සංචිතය තෝරා ගැනීම සඳහා ශ්‍රී ලංකා විස්සයි-20 ලීගය නමින් තේරීම් තරගාවලියක් පැවැත්වීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පියවර ගෙන තිබේ.
බ්ලූස් (නිල්), ග්‍රීන්ස් (කොල) සහ ග්‍රේස් (අළු) ලෙස කණ්ඩායම් 3 ක් තරග වදින මෙම ශ්‍රී ලංකා විස්සයි-20 ලීගය මෙම මස 7 වැනිදා සිට 16 වැනිදා දක්වා කොළඹ එස්.එස්.සී. ක්‍රීඩාංගණයේදී පැවැත්වේ.
එහි මූලික වටයේදී සෑම කණ්ඩායමක්ම සෙසු කණ්ඩායම් දෙකට එරෙහිව තරග 2 කට බැගින් ක්‍රීඩා කරන අතර මූලික වටය අවසානයේ ලකුණු සටහනේ පළමු සහ දෙවැනි ස්ථානවලට පත්වන කණ්ඩායම් දෙක අවසන් මහ තරගයට සුදුසුකම් ලබනු ඇත.
මෙම තරගාවලියේ සෑම තරගයක්ම පස්වරු 1.30 ආරම්භ වීමට නියමිත අතර එක් එක් කණ්ඩායම් නියෝජනය කරන ක්‍රීඩකයන්ගේ නම් ලැයිස්තුව ඉදිරියේදී එළිදැක්වීමට නියමිතය.
තරග කාලසටහන
අගෝ. 7 - බ්ලූස් පිල සහ ග්‍රීන්ස් පිල අතර
අගෝ. 8 - ග්‍රේස් පිල සහ බ්ලූස් පිල අතර
අගෝ. 10 - ග්‍රේස් පිල සහ ග්‍රීන්ස් පිල අතර
අගෝ. 11 - ග්‍රීන්ස් පිල සහ බ්ලූස් පිල අතර
අගෝ. 13 - බ්ලූස් පිල සහ ග්‍රේස් පිල අතර
අගෝ. 14 - ග්‍රීන්ස් පිල සහ ග්‍රේස් පිල අතර
අගෝ. 16 - අවසන් මහ තරගය
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.