Last Update  :  2025-05-13 15:33:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket තිරිමාන්නත් මුල්ග්‍රේව් පිලට

තිරිමාන්නත් මුල්ග්‍රේව් පිලට

editorial - 2021 අගෝ මස 18 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ශ්‍රී ලංකා වමත් පිතිකරු ලහිරු තිරිමාන්න මුල්ග්‍රේව් ක්‍රීඩා සමාජය සමගින් එක්වීම සඳහා මේ මස ඕස්ට්‍රේලියාව බලා යෑමට නියමිත බව වාර්තා වේ.

ඒ අනුව මේ වනවිට 32 හැවිරිදි වියෙහි පසුවන තිරිමාන්න මෙවර දේශීය තරගාවලියට ක්‍රීඩා නොකරනු ඇති බව දැනගන්නට තිබේ.

ඔහු ටෙස්ට් ක්‍රීඩකයෙකු ලෙස සලකන අතර අපේ කණ්ඩායම ක්‍රීඩා කරන ටෙස්ට් තරගාවලියක් ළඟකදී නොමැති බැවින් අපි ඔහුට ඕස්ට්‍රේලියාවේ සංචාරය කිරීමට අවසර දුන් බව ක්‍රිකට් ආයතනයේ ඉහළ පෙළේ නිලධාරියෙකු පවසා ඇත.

කෙසේ වෙතත්, නොවැම්බර් මාසයේ ශ්‍රී ලංකාවේදී පැවැත්වෙන බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට එරෙහි ටෙස්ට් තරග තුනකින් යුත් තරගාවලියේදී තිරිමාන්නව සලකා බැලිය හැකි බව එම නිලධාරියා පැවසීය.

ස්ථාවර පදිංචිය ලබාගැනීමේ අරමුණින් තිරිමාන්න ඕස්ටේ්‍රලියාව බලායන අතර ඒ අතරතුර ඇති විවේකයේදී ඔහු මුල්ග්‍රේව් ක්‍රීඩා සමාජයට ක්‍රීඩා කරනු ඇත.

සනත් ජයසූරිය මහතා මුල්ග්‍රේව් ක්‍රීඩා සමාජයේ පුහුණුකරු වශයෙන් කටයුතු කරන අතර තිලකරත්න ඩිල්ෂාන් එම කණ්ඩායමේ නායකයා ලෙස කටයුතු කරයි. උපුල් තරංගේ සේවයද එම ක්‍රීඩා සමාජය ලබාගෙන ඇත.

- 2079


අදහස් (0)

තිරිමාන්නත් මුල්ග්‍රේව් පිලට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.