Last Update  :  2025-12-31 19:00:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket තර්ස්ටන් විද්‍යාලයට මුල් ඉනිමේ ජයක්
13න් පහළ පළමු කොටසේ ක්‍රිකට්

තර්ස්ටන් විද්‍යාලයට මුල් ඉනිමේ ජයක්

editorial - 2025 දෙසැ මස 31 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(රජන්ත බමුණුකොටුව)

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ අනුග්‍රහය ඇතිව ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය විසින් සංවිධානය කරනු ලබන වයස අවුරුදු 13න් පහළ පළමු කොටසේ අන්තර් පාසල්  ක්‍රිකට් තරගාවලියේ අර්ධ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලැබීමට කොළඹ තර්ස්ටන් විද්‍යාලය සමත්විය.

කොළඹ තර්ස්ටන් විද්‍යාල ක්‍රීඩාංගණයේ පැවැති තෙවැනි වටයේ තරගයේදී කැළණිය ගුරුකුල විද්‍යාලයට එරෙහිව පළමු ඉනිමේ ජය ලැබීය.

මෙවර තරගාවලියේදී කණ්ඩායම් 77ක් කාණ්ඩ 11ක් යටතේ පළමු වටයේදී තරග වැදුණු අතර, එහිදී දස්කම් දැක්වූ පාසල් කණ්ඩායම් 32ක් දෙවැනි වටයේ සිට පිළිමළුන් පිටුදැකීමේ ක්‍රමයට තරග වදිති.

 

කොළඹ තර්ස්ටන් විද්‍යාලය - පළමු ඉනිම ඕවර 50 කදී කඩුලු 8 ට 138 යි
(ළිඳුල ජනන්දිත් 44, සෙන්දිනු යුත්මාල් 16/3, ෂෙරොන් මෙතුශ්‍යාල් 26/2)

කැළණිය ගුරුකුල විද්‍යාලය - පළමු ඉනිම ඕවර 28.4 කදී සියලු දෙනා දැවී 27 යි
(පන්දුවාර 28.4  යසිරු සංචල 0/3, විභිත වින්දිය 3/2, යෙනුක බිනාල් 5/2)  


අදහස් (0)

තර්ස්ටන් විද්‍යාලයට මුල් ඉනිමේ ජයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.