කළුතර තිස්ස මැදි විදුහල සහ කළුතර විද්‍යාලය අතර 60 වැනි ‘මැංගුස් සටන’ වාර්ෂික මහ ක්‍රිකට් තරගයට සමගාමීව පානදුර මහජන ක්‍රීඩාංගණයේදී ඊයේ (25 වැනිදා) පැවැති සීමිත ඕවර තරගයෙන් කඩුලු 4 ක් ජයක් වාර්තා කිරීමට තිස්ස මැදි විදුහල සමත් විය.
ජයග්‍රහණය සඳහා ලකුණු 162 ක ඉලක්කයක් හඹාගිය තිස්ස මැදි විදුහල් ක්‍රීඩකයෝ ඕවර 33.2 ක් අවසානයේ කඩුලු 6 ක් දැවී එම ඉලක්කය පසුකර ගියහ. එහිදී නොදැවී ලකුණු 41 ක් රැස්කළ රොහාන් සංජය, තිස්ස මැදි විදුහලේ ජයග්‍රහණය තහවුරු කළේය. නිලුපුල් දර්ශන ලකුණු 43 ක්ද, රමේෂ් මධුෂංක ලකුණු 34 ක්ද රැස්කරමින් සිය කණ්ඩායමේ ජයග්‍රහණය සඳහා මනා අඩිතාලමක් දැමූහ.
කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදුන් කළුතර විද්‍යාලයට ඕවර 49.3 ක් අවසානයේ සියලු දෙනා දැවී රැස්කරගත හැකි වූයේ ලකුණු 161 ක් පමණි. එහිදී දක්ෂ පන්දු යැවීමක නිරත වූ තාරක සඳරුවන් ලකුණු 35 කට කඩුලු 4 ක් දවාගනිමින් කළුතර විද්‍යාලයේ පිතිකරුවන් පීඩනයට පත් කළේය.
කළුතර විද්‍යාලය - ඕවර 49.3 කදී සියලු දෙනා දැවී 161
(අවිෂ්ක ලක්ෂාන් 31, චනුර ද සිල්වා 24, කවිඳු ජයවික්‍රම 24, දුනිත් ජයතුංග 21, තාරක සඳරුවන් 35/4)
කළුතර තිස්ස මැදි විදුහල - ඕවර 33.2 කදී කඩුලු 6 ක් දැවී 166
(නිලුපුල් දර්ශන 43, රොහාන් සංජය නොදැවී 41, රමේෂ් මධුෂංක 34, කෝසල රවිඳු 22, අවිෂ්ක ලක්ෂාන් 27/3, කවිඳු ජයවික්‍රම 33/2)
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.