Last Update  :  2025-09-08 14:33:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket ති‍්‍රත්ව විදුහල අවසන් මහ තරගයට

ති‍්‍රත්ව විදුහල අවසන් මහ තරගයට

සංජය එරමුදුගොඩ - 2016 මාර් මස 30 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

අන්තර් පාසල් වයස 19 න් පහළ ‘සිංගර් කුසලාන’ සීමිත  ඕවර කි‍්‍රකට් තරගාවලියේ අවසන් මහ තරගයට සුදුසුකම් ලබාගැනීමට මහනුරව ති‍්‍රත්ව විදුහල පෙරේදා (28 වැනිදා) සමත් විය.

කොළඹ නාලන්දා විදුහලට එරෙහිව කොළඹ ආර්. පේ‍්‍රමදාස කී‍්‍රඩාංගණයේදී පැවැති අවසන් පූර්ව වටයේ තරගයෙන් ලකුණු 109 ක ජයක් අත්කරගනිමින් ති‍්‍රත්ව විදුහල අවසන් මහ තරගයට සුදුසුකම් ලබාගත්තේය.

ජයග‍්‍රහණය සඳහා ලකුණු 287 ක ඉලක්කයක් හඹාගිය නාලන්දා විදුහල් කණ්ඩායම ලකුණු 177 කට සීමා කිරීමට ති‍්‍රත්ව විදුහල් කණ්ඩායමේ පන්දුයවන්නෝ සමත් වූ අතර දක්ෂ පන්දු යැවීමක නිතර වූ ශනෝගීත් ශන්මුගනාදන් සහ ළහිරු කුමාර කඩුලූ 4 බැගින් දවාගත්හ.

කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදුන් ති‍්‍රත්ව විදුහල් කණ්ඩායමේ තෙවැනි කඩුල්ල වෙන්වෙන් ලකුණු 145 ක සම්බන්ධතාවක් ගොඩනැගීමට ඩිලාන් ජයලත් (92) සහ ශනෝගීත් ශන්මුගනාදන් (87) සමත් වූහ.

පන්දු 86 කදී වාර්තා වූ ඩිලාන් ජයලත්ගේ අර්ධ ශතකයට හයේ පහර 2 ක් සහ හතරේ පහර 11 ක් ඇතුළත් වූ අතර පන්දු 103 කදී වාර්තා වූ ශනෝගීත් ශන්මුගනාදන්ගේ අර්ධ ශතකයට හතරේ පහර 11 ක් ඇතුළත් විය.

ති‍්‍රත්ව විදුහල සහ මොරටුව ශාන්ත සෙබස්තියන් විදුහල අතර පැවැත්වෙන අවසන් මහ තරගය අනිද්දා (1 වැනිදා) කොළඹ ආර්. පේ‍්‍රමදාස කී‍්‍රඩාංගණයේදී පැවැත්වේ.


ති‍්‍රත්ව විදුහල - ඕවර 50 කදී කඩුලූ 6 ක් දැවී 286  
(ඩිලාන් ජයලත් 92, ශනෝගීත් ශන්මුගනාදන් 87, තෂිල ඩොඩන්වල 27, හසිත බෝයගොඩ 24, නිම්නක රත්නායක 37/3, කළණ පෙරේරා 53/3)

නාලන්ද විදුහල -  ඕවර 44.5 කදී සියලූ දෙනා දැවී 177
(කවිඳු බණ්ඩාර 46, මධුෂාන් හසරංග 33, දසුන් සෙනෙවිරත්න, 25, ශනෝගීත් ශන්මුගනාදන් 30/4, ළහිරු කුමාර 32/4)

 


අදහස් (0)

ති‍්‍රත්ව විදුහල අවසන් මහ තරගයට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.