Last Update  :  2025-09-08 14:33:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket ති‍්‍රත්ව - නාලන්දා අවසන් පූර්ව තරගය හෙට

ති‍්‍රත්ව - නාලන්දා අවසන් පූර්ව තරගය හෙට

සංජය එරමුදුගොඩ - 2016 මාර් මස 28 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

මහනුවර ති‍්‍රත්ව විදුහල සහ කොළඹ නාලන්දා විදුහල අතර පැවැත්වෙන අන්තර් පාසල් වයස 19 න් පහළ ‘සිංගර් කුසලාන’ සීමිත  ඕවර කි‍්‍රකට් තරගාවලියේ දෙවැනි අවසන් පූර්ව තරගය හෙට (29 වැනිදා) පෙරවරු 10.00 සිට කොළඹ ආර්. පේ‍්‍රමදාස කී‍්‍රඩාංගණයේදී පැවැත්වේ.

කොළඹ තර්ස්ටන් විදුහල පරාජය කරමින් අර්ධ අවසන් පූර්ව වටයට පිවිසි නාලන්දා විදුහල, එහිදී ගාල්ල ශාන්ත ඇලවීෂියස් විදුහල පරාජය කරමින් අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබාගත්තේය.

කොළඹ ලූම්බිණි විදුහල පරාජය කරමින් අර්ධ අවසන් පූර්ව වටයට පිවිසි ති‍්‍රත්ව විදුහල එහිදී බම්බලපිටිය ශාන්ත පීතර විදුහල පරාජය කරමින් අවසන් පූර්ව වටයට පිවිසියේය.

නාලන්දා විදුහල් කණ්ඩායමේ නායකයා ලෙස දසුන් සෙනෙවිරත්න කටයුතු කරන අතර ති‍්‍රත්ව විදුහල් කණ්ඩායමේ නායකයා ලෙස රවීන් සේයර් කටයුතු කරයි.

 


අදහස් (0)

ති‍්‍රත්ව - නාලන්දා අවසන් පූර්ව තරගය හෙට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.