Last Update  :  2025-09-08 14:33:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket ති‍්‍රත්ව විදුහල අවසන් පූර්ව වටයට

ති‍්‍රත්ව විදුහල අවසන් පූර්ව වටයට

සංජය එරමුදුගොඩ - 2016 මාර් මස 27 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

අන්තර් පාසල් වයස 19 න් පහළ ‘සිංගර් කුසලාන’ සීමිත ඕවර ක‍්‍රිකට් තරගාවලියේ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබාගැනීමට මහනුවර ති‍්‍රත්ව විදුහල සමත් විය.

කොළඹ ශා. පීතර විදුහලට එරෙහිව කටුනායක නිදහස් වෙළඳ කලාපීය ක‍්‍රීඩාංගණයේදී අද (27 වැනිදා) පැවැති අර්ධ අවසන් පූර්ව වටයේ තරගයෙන් ලකුණු 173 ක විශිෂ්ඨ ජයක් ලබාගනිමින් මහනුවර ති‍්‍රත්ව විදුහල අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබාගත්තේය.

ලකුණු 328 ක ඉලක්කයක් හඹාගිය ශා. පීතර විදුහල විදුහලට ලබාගත හැකිවූයේ සියලූදෙනා දැවී ලකුණු 154 ක් පමණි. දක්ෂ පන්දු යැවීමක නිරතවූ රවීන් සේයර් ලකුණු 21 කට කඩුලූ 3 ක්ද සහ ළහිරු කුමාර ලකුණු 29 කට කඩුලූ 3 ක්ද දවාගැනීමට සමත්වූහ.

කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහරදුන් මහනුවර ති‍්‍රත්ව විදුහල වෙනුවෙන් වේගවත් ඉනිමක් ක‍්‍රීඩා කල ඩිලාන් ජයලත් පන්දු 82 කදී හතරේ පහර 11 ක් සහ හයේ පහර 7 ක් සමගින් ලකුණු 129 ක් රැස්කරමින් පිත්තෙන් දස්කම් දැක්වූයේය.

නුශාන් වීරසිංහ (62) සහ හසිත බෝයගොඩ (70) වේගවත් අර්ධ ශතක රැස්කරමින් ලකුණු 327 ක ඉලක්කයක් කරා තම විදුහල රැගෙන යාමට සමත්වූහ.

සිව්වන කඩුල්ල සදහා ලකුණු 167 ක සම්බන්ධතාවක් පැවැත්වීමට ඩිලාන් ජයලත් (129) සහ හසිත බෝයගොඩ (70) සමත්වූහ.


මහනුවර ති‍්‍රත්ව විදුහල - ඕවර 50 කදී කඩුලූ 6 ක් දැවී 327
(ශවිදු අමරසිංහ 20, නුශාන් වීරසිංහ 62, ඩිලාන් ජයලත් 129, හසිත බෝයගොඩ 70, තනීෂ වීරකෝන් 62/2)

කොළඹ ශා. පීතර විදුහල - ඕවර 47.1 කදී සියලූ දෙනා දැවී 154
(ලක්ෂිණ රොඞ්රිගු 20, රන්මිත් ජයසේන 35, විනූ මොහොට්ටි 42, රවීන් සේයර් 21/3, ළහිරු කුමාර 29/3)

 


අදහස් (0)

ති‍්‍රත්ව විදුහල අවසන් පූර්ව වටයට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.