Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
අන්තර් පාසල් වයස 15 න් පහළ ‘සිංගර් කුසලාන’ ක්‍රිකට් තරගාවලියේ සඳලංකාව මැදි විදුහල සහ මහනුවර ධර්මරාජ විදුහල අතර සඳලංකාව විදුහල් ක්‍රීඩාංගණයේදී පැවැති I කොටසේ තරගයෙන් ඉනිමක සහ ලකුණු 57 ක ජයක් වාර්තා කිරීමට ධර්මරාජ විදුහල සමත් විය.
එහිදී දක්ෂ පන්දු යැවීමක නිතර වූ තිසරු වන්නිනායක ලකුණු 32 කට කඩුලු 10 ක්ද, දුලාර බන්දුලසේන ලකුණු 8 කට කඩුලු 8 ක්ද දවාගනිමින් ධර්මරාජ විදුහල ජයග්‍රහණය කරා ගෙන ගියහ. සචින්ත දිසානායක (89) සහ යසිරු ගමාරච්චි (60) අර්ධ ශතක ලබාගනිමින් පිත්තෙන් දස්කම් දැක්වූහ.
සඳලංකාව මැදි විදුහල් පළමු ඉනිම - ඕවර 27 කදී සියලු දෙනා දැවී 50
(තිසරු වන්නිනායක 28/6, දුලාර බන්දුලසේන 03/3)
ධර්මරාජ විදුහල් පළමු ඉනිම - ඕවර 32.1 කදී කඩුලු 2 ක් දැවී 164
(සචින්ත දිසානායක 89, යසිරු ගමාරච්චි 60)
සඳලංකාව මැදි විදුහල් දෙවැනි ඉනිම - ඕවර 21.2 කදී සියලු දෙනා දැවී 57
(රෂ්මික ජයලත් 28, දුලාර බන්දුලසේන 05/5, තිසරු වන්නිනායක 04/4)
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.