Last Update  :  2024-03-29 19:47:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket ඩුප්ලෙසි - කෝලි - සිරාජ් බැංගලෝර් පිල දිනවති
අයි.පී.එල් 2023

ඩුප්ලෙසි - කෝලි - සිරාජ් බැංගලෝර් පිල දිනවති

editorial - 2023 අප්‍රේ මස 21 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ඉන්දීය ප්‍රීමියර් ලීග් තරගාවලියේ පන්ජාබ් කිංග්ස් කණ්ඩායමට එරෙහිව ඊයේ (20 වැනිදා) මොහාලිහි පන්ජාබ් ක්‍රිකට් සංගම් ක්‍රීඩාංගණයේදී පැවැති තරගයෙන් ලකුණු 24 ක ජයක් වාර්තා කිරීමට රෝයල් චැලේන්ජර්ස් බැංගලෝර් කණ්ඩායම සමත් විය. මෙවර තරගාවලියේදී බැංගලෝර් කණ්ඩායම ලැබූ තෙවැනි ජය මෙය විය.

ජයග්‍රහණය සඳහා ලකුණු 175 ක ඉලක්කයක් හඹාගිය පන්ජාබ් කණ්ඩායමට මොහොමඩ් සිරාජ් ප්‍රමුණ බැංගලෝර් පන්දු යවන්නන්ගේ දක්ෂ පන්දු යැවීම හමුවේ ඕවර 18.2 ක් අවසන් වන විට සියලු දෙනා දැවී ලබාගත හැකි වූයේ ලකුණු 150 ක් පමණි. එහිදී සිරාජ් ලකුණු 21 කට කඩුලු 4 ක්ද, වනිඳු හසරංග ලකුණු 39 කට කඩුලු 2 ක්ද දවාගත්හ.

පළමුවෙන් පන්දුවට පහරදුන් බැංගලෝර් කණ්ඩායම ඕවර 20 අවසානයේ කඩුලු 4 ක් දැවී ලකුණු 174 ක් ලබාගත් අතර එහිදී පළමු කඩුල්ල වෙනුවෙන් නායක ෆෆ් ඩුප්ලෙසි (84) සහ විරාට් කෝලි (59) එක්ව පන්දු 97 කදී ලකුණු 137 ක වේගවක් සම්බන්ධතාවක් ගොඩනැගූහ.

පන්දු 56 කට මුහුණදුන් ඩුප්ලෙසි හයේ පහර 5 කින් සහ හතරේ පහර 5 කින් සිය ඉනිම සැරසූ අතර පන්දු 47 කදී වාර්තා වූ කෝලිගේ ඉනිමට හයේ පහරක් සහ හතරේ පහර 5 ක් ඇතුළත් විය. හර්ප්‍රීත් බ්‍රාර් ලකුණු 31 කට කඩුලු 2 ක් දවාගැනීමට සමත් වුවද සෙසු පන්ජාබ් පන්දු යවන්නෝ බැංගලෝර් පිතිකරුවන්ගේ ප්‍රහාරයට ලක්වූහ.


රෝයල් චැලේන්ජර්ස් බැංගලෝර් පිල - ඕවර 20 කදී කඩුලු 4 ක් දැවී 174
(විරාට් කෝලි 59, ෆෆ් ඩුප්ලෙසි 84, හර්ප්‍රීත් බ්‍රාර් 31/2)

පන්ජාබ් කිංග්ස් පිල - ඕවර 18.2 කදී සියලු දෙනා දැවී 150
(ප්‍රභාසිම්රන් සිං 46, ජිතේෂ් ශර්මා 41, මොහොමඩ් සිරාජ් 21/4, වනිඳු හසරංග 39/2)

-036

 


අදහස් (0)

ඩුප්ලෙසි - කෝලි - සිරාජ් බැංගලෝර් පිල දිනවති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.