Last Update  :  2025-12-23 17:52:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket ඩැනියල් සොහොයුරෝ ශා.ජෝෂප් දිනවති

ඩැනියල් සොහොයුරෝ ශා.ජෝෂප් දිනවති

සංජය එරමුදුගොඩ - 2018 මාර් මස 25 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

මරදාන ශාන්ත ජෝෂප් විදුහල සහ බම්බලපිටිය ශාන්ත පීතර විදුහල අතර පැවැත්වෙන  ‘ශාන්තුවරුන්ගේ සටන’ වාර්ෂික මහ ක්‍රිකට් තරගයට සමගාමීව 44 වැනි වරට කොළඹ එස්.එස්.සී. ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී ඊයේ (24 වැනිදා) පැවැති සීමිත ඕවර තරගයෙන් ලකුණු 87 ක පහසු ජයක් වාර්තා කිරීමට ශාන්ත ජෝෂප් විදුහල සමත් විය.

ජයග්‍රහණය සඳහා ලකුණු 260 ක ඉලක්කයක් හඹාගිය ශාන්ත පීතර විදුහල් ඉනිම ඕවර 38.4 ක් අවසානයේ ලකුණු 172 කට සීමා කිරීමට ජෙහාන් ඩැනියල් සහ අෂේන් ඩැනියල් ඥාති සොහොයුරෝ සමත් වූහ. එහිදී ජෙහාන් ලකුණු 21 කට කඩුලු 4 ක්ද, අෂේන් ලකුණු 32 කට කඩුලු 4 ක්ද දවාගනිමින් පන්දුවෙන් දස්කම් දැක්වූහ.

ශාන්ත පීතර විදුහල වෙනුවෙන් සාර්ථක ලෙස පන්දුවට පහරදුන් සන්තුෂ් ගුණතිලකට (49) මෙන්ම රන්මිත් ජයසේනටද (48) ඉතා අවාසනාවන්ත ලෙස අර්ධ ශතක පෙනි පෙනී පිටියෙන් ඉවත්ව යෑමට සිදුවූහ.

කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදුන් ශාන්ත ජෝෂප් විදුහල ඕවර 49.2 ක් අවසානයේ සියලු දෙනා දැවී ලකුණු 259 ක් රැස්කළ අතර රෙවාන් කේලී (59) සහ නිපුන් සුමනසිංහ (53) එහිදී අර්ධ ශතක ලබාගැනීමට සමත් වූහ.

සන්තුෂ් ගුණතිලක, ශිවාන් පෙරේරා සහ මොහොමඞ් අමීන් ශාන්ත පීතර විදුහල වෙනුවෙන් කඩුලු 2 බැගින් දවාගත්හ.


ශාන්ත ජෝෂප් විදුහල - ඕවර 49.2 කදී සියලු දෙනා දැවී 259
(රෙවාන් කේලී 59, නිපුන් සුමනසිංහ 53, දුනිත් වෙල්ලාලගේ 37, ජෙහාන් ඩැනියල් 26, ලක්ෂාන් ගමගේ 26, දිලේෂ් පෙරේරා 19,  සන්තුෂ් ගුණතිලක 44/2, ශිවාන් පෙරේරා 32/2, මොහොමඞ් අමීන් 60/2)

ශාන්ත පීතර විදුහල - ඕවර 38.4 කදී සියලු දෙනා දැවී 172
(සන්තුෂ් ගුණතිලක 49, රන්මිත් ජයසේන 48, දිනිත් අංජුල 25, ජෙහාන් ඩැනියල් 21/4, අෂේන් ඩැනියල් 32/4)

 


අදහස් (0)

ඩැනියල් සොහොයුරෝ ශා.ජෝෂප් දිනවති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.