Last Update  :  2026-03-25 18:00:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket ටෙස්ට් තරග දෙකම පල්ලෙකැලේදී

ටෙස්ට් තරග දෙකම පල්ලෙකැලේදී

ශානුක අරවින්ද - 2021 මාර් මස 19 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ලෝක ටෙස්ට් ශූරතාවලියට අයත් තරග දෙකකට සහභාගි වීම සඳහා බංග්ලාදේශ ක්‍රිකට් කණ්ඩායම අප්‍රේල් මස 12 වැනිදා දිවයිනට පැමිණීමට නියමිතය. එම තරග දෙකම පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වේ.

දෙරට අතර පළමු ටෙස්ට් තරගය අප්‍රේල් මස 21 වැනිදා සිට 25 වැනිදා දක්වාද, දෙවැනි ටෙස්ට් තරගය අප්‍රේල් මස 29 වැනිදා සිට මැයි මස 3 වැනිදා දක්වාද පැවැත්වීමට නියමිතය. මෙම තරගාවලිය ඉකුත් වසරේ (2020) ඔක්තෝබර් සහ නොවැම්බර් මාසවලදී පැවැත්වීමට නියමිතව තිබුණද කොරෝනා වසංගතය හේතුවෙන් එය කල් දැමීමට සිදුවිය.

දිවයිනට පැමිණීමෙන් අනතුරුව බංග්ලදේශ කණ්ඩායම කොටස් දෙකකට බෙදී කටුනායක මේරියන්ස් ක්‍රීඩාංගණයේදී පුහුණු තරගයක්ද ක්‍රීඩා කරනු ඇත.

තරගාවලියට සහභාගි වන බංග්ලාදේශ සහ ශ්‍රී ලංකා සංචිත ඉදිරීයේදී නම් කිරීමට නියමිතය


අදහස් (0)

ටෙස්ට් තරග දෙකම පල්ලෙකැලේදී

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.