ජයවර්ධනපුර විශ්ව විද්‍යාලය සංවිධානය කරන ජ’පුර ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය මේ මස 7 සහ 8 යන දිනවලදී එම විශ්ව විද්‍යාල ක්‍රීඩාංගණයේදී පැවැත්වේ.
දිවයිනේ ඕනෑම රාජ්‍ය විශ්ව විද්‍යාලකට මෙම තරගාවලිය සඳහා කණ්ඩායම් ඉදිරිපත් කළ හැකි අතර මේ වන විට කණ්ඩායම් 20 කට අධික සංඛ්‍යාවක් ඒ සඳහා ලියාපදිංචි වී සිටිති. එක් විශ්ව විද්‍යාලයකින් තරගාවලියට සහභාගි විය හැකි උපරිම කණ්ඩායම් සංඛ්‍යාව 3 කි. මේ මස 7 වැනිදා පෙරවරු 9.00 දක්වා තරගාවලිය සඳහා අයැදුම්පත් භාර ගැනේ.
තරගාවලියේ මූලික වටයේ තරග 7 වැනිදා පරාජිතයන් පිටුදැකීමේ ක්‍රමයට අනුව පැවැත්වෙන අතර අර්ධ අවසන් පූර්ව තරගයේ සිට (අවසන් කණ්ඩායම් 8 අතර) 8 වැනිදා ලීග් ක්‍රමයට අනුව තරග පැවැත්වේ. එම කණ්ඩායම් අතරින් ඉහළම දක්ෂතා දක්වන කණ්ඩායම් දෙක අවසන් මහ තරගයට සුදුසුකම් ලබති.
එහිදී ශූරතාව දිනාගන්නා කණ්ඩායමට ශූරතා කුසලාන සමගින් රුපියල් 50,000 ක මුදල් ත්‍යාගයක්ද, අනු ශූරතාව හිමිකරගන්නා කණ්ඩායමට අනු ශූරතා කුසලාන සමගින් රුපියල් 25,000 ක මුදල් ත්‍යාගයක්ද පිරිනැමේ.
තරගාවලියේ ත්‍යාග ප්‍රදානෝත්සවය ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කළ ක්‍රීඩකයන් වන දිමුත් කරුණාරත්න සහ විකුම් සංජයගේ ප්‍රධානත්වයෙන් පැවැත්වේ. එහිදී තරගාවලියේ දක්ෂතම පිතිකරුවා, දක්ෂතම පන්දු යවන්නා, අවසන් තරගයේ වීරයා සහ තරගාවලියේ වීරයා සඳහාද කුසලාන සහ සහතිකපත් පිරිනැමීමට සංවිධායකයෝ සූදානමින් සිටිති.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.