Last Update  :  2025-08-14 18:24:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket ජාතික ක්‍රිකට් සංචිතයේ 40ක් පුහුණුවීම් අරඹති

ජාතික ක්‍රිකට් සංචිතයේ 40ක් පුහුණුවීම් අරඹති

යොහාන් භාසුර - 2020 ජුලි මස 23 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් සංචිතයේ පුහුණුවීම් තව දුරටත් සාමාන්‍ය තත්ත්වයට පත්කරමින් කණ්ඩායම් වශයෙන් විශේෂ පුහුණු ක්‍රමවේදයක් ආරම්භ කර තිබේ. මෙහිදී එකවර ක්‍රීඩකයන් සියලුම දෙනාම පුහුණුවීම් සඳහා සහභාගි නොවන අතර කුඩා කණ්ඩායම් ලෙස සාමාන්‍ය පුහුණුවීම්වලට ක්‍රීඩකයන් යොමු කෙරේ. මෙම පුහුණුවීම් කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණ පුහුණු දැළ තුළදී පෙරේදා (21) සිට ආරම්භ විය.

ජාතික සංචිතය නියෝජනය කරන ක්‍රීඩකයන් 40 කට ආසන්න සංඛ්‍යාවක් ක්‍රීඩකයන් 10 ක පමණ කණ්ඩායම් හතරක් ‘ඒ’ සිට ‘ඩී’ ලෙස නම් කර පුහුණුවීම් ආරම්භ කර තිබේ. තවත් කනිෂ්ඨ ක්‍රීඩකයන් 12 ක පමණ ‘ඊ’ කණ්ඩායම ලෙස පුහුණුවීම් ආරම්භ කර තිබේ.

මෙම කණ්ඩායම් කිසි විටක එකිනෙක හමුනොවන ලෙස සෞඛ්‍ය ආරක්‍ෂිත ක්‍රමවේදයන්ට අනුව පුහුණුවීම් ක්‍රියාත්මක වන බව ශ්‍රී ලංකා කණ්ඩායමට සම්බන්ධ නිලධාරියෙක් පැවසීය.
“‘ඒ’ කණ්ඩායම ජිම් එක තුළ ව්‍යායාම කරන විට ‘බී’ කණ්ඩායම ක්‍රීඩාංගණය තුළ එළිමහන් ව්‍යායාම කරනවා. පුහුණු තණතීරුවල පුහුණුවීම් ද මාරුවෙන් මාරුවට කණ්ඩායමකට පැය දෙකකට ආසන්න කාලයක් ලෙස බෙදලා තියෙනවා”

“පල්ළෙකැලේ ක්‍රීඩාංගණයේදී ක්‍රීඩකයන් 30 ක් පමණ පුහුණුවීම් කරද්දී මේ ආකාරයට තිබුණේ නෑ. එහිදී සහභාගි වූ ක්‍රීඩකයන් මීට වඩා සම්බන්ධයක් තිබුණා. මෙහිදී වෙන්නේ ක්‍රීඩකයන් 10 ක් හෝ 12 ක් පමණක් හමුවීමක්’”යැයි එම නිලධාරියා වැඩි දුරටත් පැවසීය.

මෙම පුහුණු සැසිවලට ජාතික කණ්ඩායම්වල නායකයන් වන දිමුත් කරුණාරත්න සහ ලසිත් මාලිංග ඇතුළු සියලු ක්‍රීඩකයෝ සහභාගි වෙති.

 


අදහස් (0)

ජාතික ක්‍රිකට් සංචිතයේ 40ක් පුහුණුවීම් අරඹති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.