Last Update  :  2024-05-03 20:36:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket ජයිස්වාල්ගේ ශතකය රාජස්ථාන් දිනවයි
අයි.පී.එල්. - 2024

ජයිස්වාල්ගේ ශතකය රාජස්ථාන් දිනවයි

editorial - 2024 අප්‍රේ මස 22 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ 38 වැනි තරගය ලෙස රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායම සහ මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම අතර ජායිපූර් නුවර සවායි මාන්සිං ක්‍රීඩාංගණයේදී අද (22 වැනිදා) පැවැති තරගයෙන් කඩුලු 9 ක ජයක් වාර්තා කිරීමට රාස්ථාන් කණ්ඩායම සමත් විය. මෙවර තරගාවලියේදී රාජස්ථාන් කණ්ඩායම ලැබූ හත්වැනි ජය මෙන්ම මුම්බායි කණ්ඩායම ලැබූ සිවුවැනි පරාජයද මෙය විය. 

ජයග්‍රහණය සඳහා ලකුණු 180 ක ඉලක්කයක් හඹාගිය රාජස්ථාන් ක්‍රීඩකයෝ ඕවර 18.4 ක් අවසානයේ කඩුල්ලක් පමණක් දැවී ඉලක්කය පසුකර ගියහ. එහිදී වේගවත් පිතිහරඹයක නිරත වූ ආරම්භක පිතිකරු යෂස්වි ජයිස්වාල් පන්දු 60 කදී හයේ පහර 7 ක් සහ හතරේ පහර 9 ක් සමග නොදැවී ලකුණු 104 ක් රැස්කරමින් සිය කණ්ඩායම ජයග්‍රහණය කරා ගෙන ගියේය. 

ජොස් බට්ලර් (35) සමග එක්ව පළමු කඩුල්ල වෙනුවෙන් පන්දු 48 කදී ලකුණු 74 ක සම්බන්ධතාවක් ගොඩනැගූ ජයිස්වාල්, ඉන් නොනැවතී සංජු සැම්සන් (නොදැවී 38) සමග එක්ව දෙවැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 65 කදී ලකුණු 109 ක නොබිඳුණු සම්බන්ධතාවක්ද ගොඩනගමින් රාජස්ථාන් කණ්ඩායමේ ජයග්‍රාහී මාවත එළිපෙහෙලි කළේය. 

කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදුන් මුම්බායි කණ්ඩායම ඕවර 20 අවසානයේ කඩුලු 9 ක් දැවී ලකුණු 179 ක් ලබාගත් අතර එහිදී මුම්බායි ඉනිමේ වැඩිම ලකුණු ලාභියා බවට පත්වූ තිලක් වර්මා පන්දු 45 කින් ලකුණු 65 ක් රැස්කළේ හයේ පහර 3 ක් සහ හතරේ පහර 5 ක් සමගිනි. නෙහාල් වධීරා (49) සමග එක්ව 5 වැනි කඩුල්ල සඳහා පන්දු 52 කදී ලකුණු 99 ක් එක් කිරීමටද වර්මා සමත් විය.  

එහිදී විශිෂ්ඨ පන්දු යැවීමක නිරත වූ සන්දීප් ශර්මා සිය ඕවර 4 ලකුණු 18 කට සීමා කරමින් කඩුලු 5 ක් දවාගැනීමට සමත් විය. එය අයි.පී.එල්. තරගයකදී ඔහු පන්දුවෙන් දැක්වූ ඉහළම දක්ෂතාවද විය. පළමු ඕවරයේදීම රෝහිත් ශර්මාගේ (6) කඩුල්ල දවාගත් ටේ‍රන්ට් බෝල්ට්, සිය පන්දු යැවීම නිමා කළේ ලකුණු 32 කට කඩුලු 2 ක් ලෙසිනි.   

මුම්බායි ඉන්දියන්ස් පිල - ඕවර 20 කදී කඩුලු 9 ක් දැවී 179 
(තිලක් වර්මා 65, මොහොමඩ් නබී 23, නෙහාල් වධීරා 49, සන්දීප් ශර්මා 18/5, ටේ‍රන්ට් බෝල්ට් 32/2) 

රාජස්ථාන් රෝයල්ස් පිල - ඕවර 18.4 කදී කඩුල්ලක් දැවී 183  
(යෂස්වි ජයිස්වාල් නොදැවී 104, ජොස් බට්ලර් 35, සංජු සැම්සන් නොදැවී 38)

-036


අදහස් (0)

ජයිස්වාල්ගේ ශතකය රාජස්ථාන් දිනවයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.