Last Update  :  2025-05-01 21:35:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket චෙන්නායි පිලට අවසන් වටයේ දොරටු වැසෙයි
අයි.පී.එල්. - 2025

චෙන්නායි පිලට අවසන් වටයේ දොරටු වැසෙයි

editorial - 2025 මැයි මස 01 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ 49 වැනි තරගය ලෙස චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම සහ පන්ජාබ් කිංග්ස් කණ්ඩායම අතර චෙන්නායි නුවර එම්.ඒ. චිදම්බරම් ක්‍රීඩාංගණයේදී ඊයේ (30 වැනිදා) පැවැති තරගයෙන් කඩුලු 4 ක ජයක් වාර්තා කිරීමට පන්ජාබ් කණ්ඩායම සමත් විය. 

පන්ජාබ් කණ්ඩායම මෙවර තරගාවලියේදී ලැබූ හයවැනි ජය මෙය වූ අතර මෙම ජයත් සමග ලකුණු සටහනේ දෙවැනි ස්ථානය දක්වා ඉහළ නැගීමටද ඔවුන්ට හැකි වූහ. කෙසේ වුවත් එහිදී ලැබූ පරාජයත් සමග චෙන්නායි කණ්ඩායමට තරගාවලියේ අවසන් වටයට සුදුසුකම් ලැබීමට තිබූ අවසන් අවස්ථාවද ගිළිහී ගියේය. 

ඒ අනුව මෙවර අයි.පී.එල්. තරගාවලියේ මූලික වටයෙන්ම ඉවතට විසිවූ පළමු කණ්ඩායම බවට චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම පත්විය. මේ දක්වා සහභාගි වූ තරග 10 න් 8 ක්ම පරාජය වූ ඔවුන් ජයගෙන ඇත්තේ තරග 2 ක් පමණි. මෙතෙක් ක්‍රීඩා කළ තරගාවලි 16 දී චෙන්නායි කණ්ඩායම අවසන් වටයට සුදුසුකම් ලැබීමට අපොහොසත් වූ සිවුවැනි අවස්ථාව ලෙසද මෙය සටහන් විය. 

ජයග්‍රහණය සඳහා ලකුණු 191 ක ඉලක්කයක් හඹාගිය පන්ජාබ් කණ්ඩායම පන්දු 2 ක් ඉතිරිව තිබියදී කඩුලු 6 ක් දැවී ඉලක්කය සපුරාගත්හ. වේගවත් පිතිහරඹයක නිරත වූ ශ්‍රෙයාස් අයියර් පන්දු 41 කදී හයේ පහර 4 ක් සහ හතරේ පහර 5 ක් සමග ලකුණු 72 ක් රැස්කරමින් සිය කණ්ඩායමේ ජයග්‍රහණය ඉක්මන් කළේය. 

ආරම්භක පිතිකරු ප්‍රභ්සිම්රන් සිං පන්දු 36 කදී හයේ පහර 3 ක් සහ හතරේ පහර 5 ක් සමග ලකුණු 54 ක් රැස්කළ අතර දෙවැනි කඩුල්ල වෙනුවෙන් ශ්‍රෙයාස් සමග එක්ව පන්දු 50 කදී ලකුණු 72 ක සම්බන්ධතාවක් ගොඩනැගීමටද ඔහු සමත් විය. ඛලීල් අහමඩ් සහ මතීෂ පතිරණ කඩුලු 2 බැගින් දවාගත්ද, චෙන්නායි කණ්ඩායම පරාජයෙන් ගළවා ගැනීමට තරම් එය ප්‍රමාණවත් නොවීය. 

පළමුවෙන් පන්දුවට පහරදුන් චෙන්නායි කණ්ඩායම ඕවර 19.2 අවසානයේ සියලු දෙනා දැවී ලකුණු 190 ක් ලබාගත් අතර චෙන්නායි ඉනිමේ වැඩිම ලකුණු ලාභියා බවට පත්වූ සෑම් කරන් පන්දු 47 කින් ලකුණු 88 ක් රැස්කළේ හයේ පහර 4 ක් සහ හතරේ පහර 9 ක් සමගිනි. ඩෙවෝල්ඩ් බ්‍රේවිස් පන්දු 26 කදී හයේ පහරක් සහ හතරේ පහර 2 ක් සමගින් ලකුණු 43 ක් රැස්කළේය.     

දක්ෂ පන්දු යැවීමක නිරත වූ යුස්වේන්ද්‍ර චාහල් ලකුණු 32 කට කඩුලු 4 ක් දවාගත්තේ කඩුලු ත්‍රිත්වයක්ද සමගිනි. මෙය ඔහු අයි.පී.එල්. තරගයකදී දවාගත් දෙවැනි කඩුලු ත්‍රිත්වයද විය. චෙන්නායි ඉනිමේ 18 වැනි ඕවරය යැවූ චාහල් එහි සිවුවැනි, පස්වැනි සහ අවසන් පන්දුවලදී පිළිවෙළින් දීපක් හූඩා, අන්ෂුල් කම්බෝජ් සහ නූර් අහමඩ් දවාගනිමින් කඩුලු ත්‍රිත්වයට හිමිකම් කීවේය. vv


චෙන්නායි සුපර් කිංග්ස් පිල - ඕවර 19.2 කදී සියලු දෙනා දැවී 190  
(සෑම් කරන් 88, රවින්ද්‍ර ජදේජා 17, ඩෙවෝල්ඩ් බ්‍රේවිස් 32, යුස්වේන්ද්‍ර චාහල් 32/4, අර්ෂ්දීප් සිං 25/2, මාර්කෝ ජැන්සන් 30/2) 

පන්ජාබ් කිංග්ස් පිල - ඕවර 19.4 කදී කඩුලු 6 ක් දැවී 194 
(ප්‍රයන්ෂ් ආර්යා 23, ප්‍රභ්සිම්රන් සිං 54, ශ්‍රෙයාස් අයියර් 72, ශාෂන්ක් සිං 23, ඛලීල් අහමඩ් 28/2, මතීෂ පතිරණ 45/2) 


 

-036 


අදහස් (0)

චෙන්නායි පිලට අවසන් වටයේ දොරටු වැසෙයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.