Last Update  :  2025-12-25 10:45:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket ගුරුකුල විදුහලට පැති තීරු පුහුණු සංකීර්ණයක්

ගුරුකුල විදුහලට පැති තීරු පුහුණු සංකීර්ණයක්

සංජය එරමුදුගොඩ - 2016 අගෝ මස 03 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

කැලණිය ගුරුකුල විදුහලේ ඉදි කළ ක්‍රිකට් පැති තීරු පුහුණු සංකීර්ණය විදුහල්පති අනිල් ගීතලාල් අබේගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් විවෘත කෙරිණ.

විදුහලේ ආදී ක්‍රිකට් සංගමය විසින් ඉදි කරන ලද මෙම ක්‍රිකට් පුහුණු සංකීර්ණය පැති තීරු තුනකින් සමන්විතය.

ගුරුකුල විදුහල් ක්‍රීඩකයන්ට වසර ගණනාවක පටන් පුහුණුවී්ම් සඳහා අඩුපාඩුවක්ව පැවැති මෙම පැති තීරු සැදීමට රුපියල් ලක්‍ෂ 17 ක පමණ මුදලක් වැය වු  බව එම විදුහල් ක්‍රිකට් පුහුණුකරු ලාල් සේනාධීර මහතා පැවසීය.

ආදී ක්‍රිකට් සංගමයේ සභාපති, රනුක සමන්ත, ලේකම්, දිනුෂ ධර්ම ශ්‍රී සහ භාණ්ඩාගාරික, රවී ධම්මික යන මහත්වරු මෙහි මූලිකත්වය ගෙන කටයුතු කළහ.

 

ඡායාරූප - සජීක ජයසිංහ

 


අදහස් (0)

ගුරුකුල විදුහලට පැති තීරු පුහුණු සංකීර්ණයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.