Last Update  :  2025-12-25 10:45:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket ගුරුකුල-ධර්මාලෝක තරගය හෙට-අනිද්දා

ගුරුකුල-ධර්මාලෝක තරගය හෙට-අනිද්දා

රොෂාන් ගුණරත්න - 2016 මාර් මස 22 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

පෑලියගොඩ විද්‍යාලංකාර පිරිවෙනෙන් බිහිවූ ප‍්‍රධාන පාසල් දෙකක් වූ කැලණිය ගුරුකුල විද්‍යාලය සහ කැලණිය ශ්‍රී ධර්මාලෝක විද්‍යාලය අතර 28 වැනි මහ ක‍්‍රිකට් තරගය මේ මස 23, 24 යන දෙදින ආර්. පේ‍්‍රමදාස ක‍්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතය. ගම්පහ දිස්ත‍්‍රික්කයේ පැරණිතම මහ ක‍්‍රිකට් තරගය වන්නේ මෙම විද්‍යාල දෙක අතර තරගයයි.


විදුහල් දෙක අතර සුහදතාව වර්ධනය කරගැනීමේ මූලික අරමුණ ඇතිව පැවැත්වෙන මෙම තරගය ඉතා සුහදශීලීවත් ගුරු සිසු ආචාර්ධර්ම ආරක්ෂා කර ගනිමින් පැවැත්වීම විදුහල්පතිවරුගේ මෙන්ම ආචාර්ය මණ්ඩලයේත් ආදි සිසුන්ගේත් අපේක්ෂාවයි.


1988 වසරේදී සිට පැවැත්වෙන මෙම තරගාවලියේ තරග 27කින් තරග 02ක් ගුරුකුල විද්‍යාලය ජය ලබා ඇත. තරග 25ක් විසඳුමකින් තොරව අවසන්වී තිබේ. මෙවර වයස 19 න් පහළ ක‍්‍රිකට් තරගාවලියේ I වැනි කොටසේ පෙර අර්ධ අවසන් පුර්ව වටයට සුදුසුකම් ලබා සිටින ගුරුකුල විදුහල් කණ්ඩායම මෙවර පාසල් තරගවාරයේදී තරග 13 කට සහභාගිවී තරග හතරක්ම ජය ලබා තරග දෙකක් පරාජය වී තිබේ. සෙසු තරග විස`දුමකින් තොරව අවසන්ව ඇත.


ශ‍්‍රී ධර්මාලෝක විදුහල් කණ්ඩායම මෙවර පාසල් ක‍්‍රිකට් තරගවාරයේදී II වැනි කොටසේ තරග නවයකට සහභාගිවී තරගයක් ජය ගෙන තරග හතක් විසදුමකින් තොරව නිම කර තිබේ. ඔවුන් තරගයක් පරාජය ලබා සිටී.


දෙවිදුහල් අතර 25 වැනි වරටත් සංවිධානය කරන වාර්ෂික එක්දින තරගය අපේ‍්‍රල් මස 3 වැනිදා කොළඹ ආර්.පේ‍්‍රමදාස ක‍්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතය. තරග 12 ක් ජය ලබා ගුරුකුල විදුහල ඉදිරියෙන් සිටින අතර ධර්මාලෝක විදුහල තරග 11 ක් ජයගෙන තිබේ. එක්දින තරග දෙකක් අත්හිටුවීමට සිදුවිය.


මෙවර ගුරුකුල විදුහල් පිලේ නායකයා ලෙස ජයමාල් වන්නිආරච්චි ද ධර්මාලෝක විදුහලේ නායකයා ලෙස තරිඳු මධුශංක ද කටයුතු කරයි.


ගුරුකුල විද්‍යාලයේ නායකයා වන ජයමාල් වන්නිආරච්චි හතරවැනි වසරේ වර්ණලාභියෙකි. මේ වන විට ලකුණු 800 සීමාව, පසුකර සිටින ජයමාල්ගේ ඉලක්කය මෙම පාසල් වාරයේදී ලකුණු 1000ට ළඟා වීමයි. ජයමාල් මෙවර පාසල් තරග වාරයේදී කඩුලූ 57 ක් ලබාගෙන සිටින අතර දකුණතින් මැදපෙළ පිතිකරුවකු ලෙසත් වේග පන්දු යවන්නකු ලෙසත් කටයුතු කරයි. උපනායක තරිඳු තාරක ද හතරවැනි වසරේ වර්ණලාභියකු වේ. ලකුණු 700 ඉක්මවා ඇති අතර කඩුලූ 39 ලබා ඇත. ඔහුද තුන් ඉරියව්වෙන්ම දස්කම් දක්වන ක‍්‍රීඩකයෙකි.


එම පිලේ උදාර රවින්ද්‍ර හා අශින්ත මල්ෂාන් දෙදෙනාද ලකුණු 500 ඉක්මවා ඇති ක‍්‍රීඩකයෝ දෙදෙනෙකි.


ධර්මාලෝක විදුහලේ නායකයා ලෙස තරිඳු මධුශංක කටයුතු කරන අතර ඔහු 6 වන වසරේ වර්ණලාභියෙකි. ලකුණු 700 ඉක්මවා ඇති මධුශංක දකුණතින් වේග පන්දු යවන්නෙක්ද වෙයි.


ධර්මාලෝක පිලේ උප නායකයා ලෙස රවිඳු තිවංක කටයුතු කරන අතර ඔහු තරඟ 08කදී කඩුලූ 59 ලබා ඇත. ලකුණු 500 ඉක්මවා ඇති රවිඳු තරග 08 කදී අර්ධ ශතක තුනක් ලබා ඇත. වමත් පිතිකරුවකු ලෙසත් වමත් දඟපන්දු යවන්නකු ලෙස කටයුතු කරයි. රිසිත් උපමාල්ද කඩුලූ රකින්නා ලෙසත් කටයුතු කරන අතර සචිත රංග ද දක්ෂ පිතිකරුවෙකි. ගුරුකුල විදුහල්පති අනිල් ගීතලාල් අබේගුණවර්ධන මහතා සහ ධර්මාලෝක විදුහල්පති නිමල් ජයවීර මහතාගේ උපදෙස් පරිදි මෙවර තරගය සංවිධානය කෙරේ.

ගුරුකුල විද්‍යාලයේ ක‍්‍රීඩාභාර ආචාර්යවරයා ලෙස ආනන්ද ජයවීර මහතා කටයුතු කරන අතර ධර්මාලෝක විද්‍යාලයේ ක‍්‍රීඩාභාර ආචාර්යවරයා ලෙස පී.කේ. රන්කොත් මහතා කටයුතු කරයි.


ගුරුකුල විදුහලේ පුහුණුකරුලෙස ලාල් සේනාරත්න මහතා කටයුතු කරයි. ධර්මාලෝක පිලේ පුහුණුකරු ලෙස ගාමිණී ¥ෂාන්ත මහතා කටයුතු කරයි.


ගුරුකුල විද්‍යාලයෙන් බිහිවූ ක‍්‍රීඩකයන් වන හෂාන් දුමිඳු, රොෂාන් අනුරුද්ධ 19 න් පහළ ශ්‍රී ලංකා කණ්ඩායම නියෝජනය කළහ. ශ්‍රී ලංකා ක‍්‍රිකට් කණ්ඩායමේ 102  වැනි ටෙස්ට් ක‍්‍රීඩකයා වූ ගයාන් විජේකෝන් ගුරුකුල විද්‍යාලයෙන් බිහිවූ ක‍්‍රීඩකයෙකි.

 


ගුරුකුල විදුහල් සංචිතය


ජයමාල් වන්නිආරච්චි (නායක), තරිඳු තාරක ද සිල්වා (උපනායක), උදාර රවිඳු, අශින්ත මල්ෂාන් මලිඳු විදුරංග, සිතුම් රූසර, ලසිඳු අරෝෂ, විජිත ගොහගොඩ, යොහාන් නිමේෂ්, දුමින්ද සුධාරක, සචින්ත චමිත්, පැතුම් මහේෂ්, නුවන් චානක, එන්. නවින්ද්‍යා, කවීෂ නඳුන්, ෂානක ඉෂාර, ලහිරු චාමර, සංඛ කවින්ද

 


ධර්මාලෝක විදුහල් සංචිතය


තරින්ද්‍ර මධුශංක ද සිල්වා (නායක), රවිඳු තිවංක කැකුලාවල (උප නායක), රිසිත් උපමාල්, සමිත රංග, මාධව කවිඳු, ඉමේෂ් රශ්මිත, හිමාලක ඉදුරංග, මධුමාධව අනුරාධ, මනුර අක්ෂර, වොෂාන් දනංජය, යුගිෂ ඩිල්ෂාන්, විශ්ව ගුණසේකර. වෙනුර ගයාෂාන්. කවිශ්ක බිම්සර, යසින්ත යොහාන්, හරිත ක‍්‍රිෂාන්, ෂෙනාල් නිවන්ත, සචින්ත ලක්ෂාන්.

 

-090

 


අදහස් (0)

ගුරුකුල-ධර්මාලෝක තරගය හෙට-අනිද්දා

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.