Last Update  :  2024-04-18 21:39:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket ගුජරාට් පිලට ලකුණු 7 ක තියුණු ජයක්
අයි.පී.එල්. 2023

ගුජරාට් පිලට ලකුණු 7 ක තියුණු ජයක්

editorial - 2023 අප්‍රේ මස 23 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ 30 වැනි තරගයේදී ලක්නව් සුපර් ජයන්ට් කණ්ඩායමට එරෙහිව ලකුණු 7 ක තියුණු ජයක් වාර්තා කිරීමට ගුජරාට් ටයිටන්ස් කණ්ඩායම ඊයේ (22 වැනිදා) සමත් විය. ගුජරාට් කණ්ඩායම මෙවර තරගාවලියේදී ලැබූ 4 වැනි ජයග්‍රහණය මෙය විය.

ජයග්‍රහණය සඳහා ලකුණු 136 ක ඉලක්කයක් හඹාගිය ලක්නව් කණ්ඩායමට ඕවර 20 කඩුලු 7 ක් දැවී ලබාගත හැකි වූයේ ලකුණු 128 ක් පමණි. දක්ෂ පන්දු යැවීම්හි නිරත වූ මෝහිත් ශර්මා ලකුණු 17 කට කඩුලු 2 ක්ද, නූර් අහමඩ් ලකුණු 18 කට කඩුලු 2 ක්ද බිඳහෙළමින් ලක්නව් කණ්ඩායමේ ජයග්‍රාහී මාවත අවහිර කර දැමූහ.

නායක ලෝකේෂ් රාහුල් පන්දු 61 කදී හතරේ පහර 8 ක් සමග ලකුණු 68 ක් රැස්කළ අතර පළමු කඩුල්ල සඳහා කයිල් මේයර්ස් (24) සමග එක්ව ලකුණු 55 ක්ද, කෘනාල් පාණ්ඩ්‍යා (23) සමග එක්ව දෙවැනි කඩුල්ල සඳහා ලකුණු 51 ක්ද එක් කළේය. එහෙත් මැද පෙළ සහ පසු පෙළ අසාර්ථක වීම හේතුවෙන් ඔවුන්ට ජයග්‍රහණය කරා යෑමට නොහැකි විය.

කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදුන් ගුජරාට් ටයිටන්ස් කණ්ඩායම ඕවර 20 අවසානයේ කඩුලු 6 ක් දැවී ලකුණු 135 ක් ලබාගත් අතර එහිදී නායකත්වයේ පිතිහරඹයක නිරත වූ හර්දීක් පාණ්ඩ්‍යා පන්දු 50 කින් ලකුණු 60 ක් රැස්කළේ හයේ පහර 4 ක් සහ හතරේ පහර 2 ක් සමගිනි.


ගුජරාට් ටයිටන්ස් පිල - ඕවර 20 කදී කඩුලු 6 කට 135
(රිධිමන් සාහා 47, හර්දීක් පාණ්ඩ්‍යා 66, කෘනාල් පාණ්ඩ්‍යා 16/2,  මාකස් ස්ටොයිනිස් 20/2)
 
ලක්නව් සුපර් ජයන්ට්ස් පිල - ඕවර 20 කදී කඩුලු 7 කට 128
(ලෝකේෂ් රාහුල් 68, කයිල් මේයර්ස් 24, කෘනාල් පාණ්ඩ්‍යා 23, මෝහිත් ශර්මා 17/2, නූර් අහමඩ් 18/2)

-036


අදහස් (0)

ගුජරාට් පිලට ලකුණු 7 ක තියුණු ජයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.