Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන වයස 19 න් පහළ අන්තර් පළාත් ක්‍රිකට් තරගාවලියේ තෙවැනි ස්ථානය තෝරා ගැනීම සඳහා රංගිරි දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ අද (22 වැනිදා) පැවැති තරගයේදී මහනුවර කණ්ඩායමට එරෙහිව ලකුණු 9 ක තියුණු ජයක් අත්කර ගැනීමට ගාල්ල කණ්ඩායම සමත් විය.
ජයග්‍රහණය සඳහා ලකුණු 303 ක ඉලක්කයක් හඹාගිය මහනුවර කණ්ඩායමට ඕවර 49.1 ක් අවසානයේ සියලු දෙනා දැවී ලබාගත හැකි වූයේ ලකුණු 293 ක් පමණි. එහිදී දක්ෂ පන්දු යැවීමක නිරත වූ සඳුන් මෙන්ඩිස් ලකුණු 47 කට කඩුලු 3 ක් දවාගත් අතර අම්ෂි ද සිල්වා සහ දුනිත් වෙල්ලාලගේ කඩුලු 2 බැගින් දවාගනිමින් මහනුවර කණ්ඩායමේ ජයග්‍රාහී මාවත අවහිර කිරීම සඳහා සඳුන්ට අනගි සහායක් දුන්හ.
මහනුවර ඉනිමේ පළමු කඩුල්ල වෙනුවෙන් පන්දු 124 කදී ලකුණු 115 ක සම්බන්ධතාවක් ගොඩනැගීමට කවිඳු වික්‍රමසිංහ (59) සහ අවිෂ්ක පෙරේරා (55) සමත් වුවද, ඉන් අනතුරුව සාර්ථක සම්බන්ධතා ගොඩනැගීමට මැද පෙළ පිතිකරුවන් අපොහොසත් වීම නිසා ඔවුන්ට තරගය ජයගැනීමට නොහැකි වූහ.
පන්දු 69 කදී වාර්තා වූ කවිඳුගේ අර්ධ ශතකයට හයේ පහරක් සහ හතරේ පහර 9 ක් ඇතුළත් වූ අතර පන්දු 63 කදී වාර්තා වූ අවිෂ්කගේ අර්ධ ශතකය හයේ පහරකින් සහ හතරේ පහර 6 කින් සමන්විත විය. ලොහාන් ද සොයිසා පන්දු 51 කදී හතරේ පහර 6 ක් සමග ලකුණු 44 ක් රැස්කළ අතර අභිෂේක් ආනන්දකුමාර පන්දු 38 කදී හතරේ පහර 4 ක් සමගින් ලකුණු 36 ක් රැස්කළේය.
පළමුවෙන් පන්දුවට පහරදුන් ගාල්ල කණ්ඩායම ඕවර 46.4 ක් අවසානයේ සියලු දෙනා දැවී ලකුණු 302 ක් ලබාගත් අතර එහිදී වේගවත් පිතිහරඹයක නිරත වූ ආරම්භක පිතිකරු නවෝද් පරණවිතාන පන්දු 58 කදී හයේ පහරක් සහ හතරේ පහර 15 ක් සමග ලකුණු 91 ක් රැස්කිරීමට සමත් විය.
චිලාන් කලිඳු (76) සමග එක්ව ආරම්භක කඩුල්ල වෙනුවෙන් පන්දු 100 කදී ලකුණු 147 ක වේගවත් සම්බන්ධතාවක් ගොඩනැගීමටද නවෝද් සමත් වූ අතර ඔහුගේ දැවී යෑමෙන් අනතුරුව චිලාන් සමග එක්වූ තවීෂ කහතුඩුවාරච්චි (57) දෙවැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 56 කදී ලකුණු 67 ක සම්බන්ධතාවක් ගොඩනැගුවේය.
පන්දු 64 කට මුහුණදුන් චිහාන් හයේ පහර 2 ක් සහ හතරේ පහර 6 ක් සමගින් ලකුණු රැස්කළ අතර පන්දු 51 කදී වාර්තා වූ තවීෂගේ අර්ධ ශතකයට හයේ පහර 3 ක් සහ හතරේ පහර 3 ක් අන්තර්ගත විය. ගාල්ල ඉනිමේ අවසන් ඕවර කිහිපයේදී පන්දු 30 කට ක්‍රීඩා කළ අෂේන් දිල්හාර හයේ පහරක් සහ හතරේ පහර 2 ක් සමග ලකුණු 21 ක් රැස්කළේය.
මහනුවර කණ්ඩායම වෙනුවෙන් දක්ෂ පන්දු යැවීමක නිතර වූ ලොහාන් ද සොයිසා ලකුණු 48 කට කඩුලු 5 ක් බිඳහෙළමින් ගාල්ල පිතිකරුවන් පීඩනයට පත්කළ අතර ඒ සඳහා ඔහුට අනගි දුන් රොහාන් සංජය ලකුණු 55 කට කඩුලු 2 ක්ද දවාගත්තේය.
ගාල්ල කණ්ඩායම - ඕවර 46.4 කදී සියලු දෙනා දැවී 302
(නවෝද් පරණවිතාන 91, චිලාන් කලිඳු 76, තවීෂ කහතුඩුවාරච්චි 57, අෂේන් දිල්හාර 21, තෙවින් අමරසිංහ 15, ලොහාන් ද සොයිසා 48/5, රොහාන් සංජය 55/2)
මහනුවර කණ්ඩායම - ඕවර 49.1 කදී සියලු දෙනා දැවී 293
(කවිඳු වික්‍රමසිංහ 59, අවිෂ්ක පෙරේරා 55, ලොහාන් ද සොයිසා 44, අභිෂේක් ආනන්දකුමාර 36, දුනිත් ජයතුංග 21, අවිෂ්ක තරිඳු 19, උමයංග සුවාරිස් 19, කවිඳු නදීෂාන් 17, සඳුන් මෙන්ඩිස් 47/3, අම්ෂි ද සිල්වා 43/2, දුනිත් වෙල්ලාලගේ 63/2)
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.