Last Update  :  2025-12-22 21:13:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket ගාල්ල - කොළඹ කණ්ඩායම් අවසන් තරගයට

ගාල්ල - කොළඹ කණ්ඩායම් අවසන් තරගයට

රොෂාන් ගුණරත්න - 2018 මැයි මස 17 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

අන්තර් පළාත් එක්දින ක්‍රිකට් තරගාවලියේ අවසන් මහ තරගය සදහා සුදුසුකම් ලබාගැනීමට ගාල්ල සහ කොළඹ කණ්ඩායම් අද (17 වැනිදා) සමත්වූහ.

උපුල් තරංග නායකත්වය දරන ගාල්ල කණ්ඩායම ප්‍රසාද ලකුණු 19 ක් ලබාගනිමින් ලකුණු සටහනේ පෙරමුණ ගැනීමට සමත්වූ අතර තිසර පෙරේරා නායකත්වය දරන කොළඹ කණ්ඩායම ප්‍රසාද ලකුණු 15 ක් ලබාගනිමින් ප්‍රසාද ලකුණු සටහනේ දෙවැනි ස්ථානයට පත්විය.

තරග හයකට සහභාගීවූ ගාල්ල කණ්ඩායම තරග 4 ක් ජයගත් අතර එක් තරගයක් පරාජයට පත්වී තවත් තරගයක් ජය පරාජයෙන් තොරව අවසන් කරගෙන ඇත. කොළඹ කණ්ඩායම තරග 6 කට සහභාගිවී ඉන් තරග 3 ක් ජයගත් අතර තරග 2 ක් පරාජයට පත්වී එක් තරගයක් ජය පරාජයෙන් තොරව අවසන් කරගෙන ඇත.

ප්‍රසාද ලකුණු 12 ක් ලබාගනිමින් ප්‍රසාද ලකුණු සටහනේ තෙවැනි ස්ථානයට පත්වූ මිලින්ද සිරිවර්ධන නායකත්වය දරන දඹුල්ල කණ්ඩායමට අද පැවැති තරගය වර්ෂාවට සේදීයාම හේතුවෙන් අවසන් මහ තරගයට සුදුසුකම් ලබාගැනීමට තිබූ අවස්ථාව ගිලිහී ගියේය.

ප්‍රසාද ලකුණු සටහනේ අවසන් ස්ථානයට පත්වූ ජීවන් මෙන්ඩිස් නායකත්වය දරන මහනුවර කණ්ඩායමට හිමිවූයේ ප්‍රසාද ලකුණු 6 ක් පමණි.

තරග 5 කට ක්‍රීඩාකරමින් ශතකයක් සහ අර්ධ ශතක දෙකක් සමගින් ලකුණු 279 ක් රැස්කළ අශාන් ප්‍රියංජන් අන්තර් පළාත් එක්දින ක්‍රිකට් තරගාවලියේ මේ වනවිට වැඩිම ලකුණු රැස්කළ පිතිකරුවන් අතර පෙරමුණේ පසුවන්නේය. කොළඹ කණ්ඩායමේ ශෙහාන් ජයසූරිය (275), ගාල්ල කණ්ඩායමේ උපුල් තරංග (272) සහ කොළඹ කණ්ඩායමේ ළහිරු තිරිමාන්න (270) වැඩිම ලකුණු රැස්කළ පිතිකරුවන් අතර පිළිවෙලින් දෙවැනි, තෙවැනි සහ සිවුවැනි ස්ථානවල පසුවන්නේය.

ගාල්ල කණ්ඩායම වෙනුවෙන් පන්දුවෙන් දස්කම් දැක්වූ මාලින්ද පුෂ්පකුමාර තරග 5 කදී කඩුලු 12 ක් දවාගනිමින් වැඩිම කඩුලු දවාගත් පන්දු යවන්නන් අතර පෙරමුණේ පසුවන්නේය. කඩුලු 10 ක් දවාගත් මහනුවර කණ්ඩායමේ ඉසුරු උදාන වැඩිම කඩුලු දවාගත් පන්දු යවන්නන් අතර දෙවැනි ස්ථානයේ පසුවන්නේය.

අවසන් තරගය මේ මස 20 වැනිදා දිවා රාත්‍රී තරගයක් ලෙස ආර්.ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී රූපවාහිනී සජීවි විකාශයක් සමගින් පැවැත්වීමට කටයුතු යොදා ඇත. 

 

ප්‍රසාද ලකුණු සටහන

කණ්ඩායම තරග ජය පරාජ වි.තො. ප්‍රසාද ලකුණු ද.ල.වේ
ගාල්ල 6 4 1 1 19 0.764
කොළඹ 6 3 2 1 15 -0.295
දඹුල්ල 6 2 3 1 12 1.021
මහනුවර 6 1 4 1 6 -1.453
වි.තො. - විසදුමකින් තොර, ද.ල.වේ - දළ ලකුණු වේගය

අදහස් (0)

ගාල්ල - කොළඹ කණ්ඩායම් අවසන් තරගයට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.