දිනෙත් කන්නන්ගරගේ (39/8) දක්‍ෂ පන්දු යැවීම නිසා රාජගිරිය ජනාධිපති විද්‍යාලයට එරෙහිව ගල්කිස්සේදී පැවැති වයස 19 න් පහළ අන්තර් පාසල් ක‍්‍රිකට් තරගයෙන් ගල්කිස්ස ශාන්ත තෝමස් විද්‍යාලය ඉනිමක සහ ලකුණු 29 ක ජයක් ලැබීය.
දකුණතින් පා දඟ පන්දු යවන ක‍්‍රීඩක දිනෙත් කන්නන්ගර ලකුණු 39 ට කඩුලූ අටක් ලබාගනිමින් ජනාධිපති විදුහල් පිලේ දෙවැනි ඉනිම ලකුණු 112 කට සීමා කළේය.
ගල්කිස්ස ශාන්ත තෝමස් විද්‍යාලය පළමු ඉනිම 200
(රවිඳු කොඩිතුවක්කු 55, දිලේන්ද්‍ර ගුණතිලක 42, යොහාන් පෙරේරා 19, නෙත්මිණ කොඩිප්පිලි 43/3, ඒ. චමෝද 49/3)
රාජගිරිය ජනාධිපති විද්‍යාලය පළමු ඉනිම 59
(නෙත්මිණ කොඩිප්පිලි 15, සචිත ජයතිලක 14/5, යොහාන් පෙරේරා 15/3)
රාජගිරිය ජනාධිපති විද්‍යාලය දෙවැනි ඉනිම 112
(ළහිරු මෝසස් 26, හිරුණ සිගේරා 23, දිනෙත් කන්නන්ගර 39/8, යොහාන් පෙරේරා 4/2)
- 090
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.