Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
අන්තර් පාසල් වයස 19 න් පහළ ‘සිංගර් කුසලාන’ කි‍්‍රකට් තරගාවලියේ I කාණ්ඩයේ අර්ධ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබාගැනීමට ඉකුත් වසරේ ශූරයන් වූ මහුනවර ති‍්‍රත්ව විදුහල සමත් විය.
මරදාන සහිරා විදුහලට එරෙහිව අස්ගිරියේදී පැවැති පෙර අර්ධ අවසන් පූර්ව වටයේ තරගයෙන් පළමු ඉනිමේ ජයක් අත්කර ගනිමින් ති‍්‍රත්ව විදුහල අර්ධ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබාගත්තේය.
ති‍්‍රත්ව විදුහල වෙනුවෙන් අර්ධ ශතක ලබාගැනීමට ශනෝගීත් ශන්මුගනාතන් (71), තසිල දොඩන්වල (නොදැවී 52), හසිත බෝයගොඩ (51), ශවිඳු අමරසිංහ (53), ඩිලාන් ජයලත් (නොදැවී 59) යන කී‍්‍රඩකයෝ සමත් වූහ.
රවින් සේයර් ලකුණු 39 කට කඩුලූ 6 ක් දවාගනිමින්ද, රෂ්මික දේෂාන් ලකුණු 26 කට කඩුලූ 5 ක් දවාගනිමින්ද පන්දුවෙන් දස්කම් දැක්වූහ.
ති‍්‍රත්ව විදුහල පළමු ඉනිම - ඕවර 90 කදී කඩුලූ 9 ක් දැවී 367
(ශනෝගීත් ශන්මුගනාතන් 71, තසිල දොඩන්වල නොදැවී 52, හසිත බෝයගොඩ 51, ශවිඳු අමරසිංහ 53, රවීන් සේයර් 31, ඉෂාම් සම්සුදීන් 106/3, මොහොමඞ් අල්තාෆ් 76/3)
සහිරා විදුහල පළමු ඉනිම - ඕවර 30.3 කදී සියලූ දෙනා දැවී 70
(ඉරෝෂන් ලක්රුවන් 16, රෂ්මික දිල්ෂාන් 26/5, දුවිඳු තිලකරත්න 23/3)
ති‍්‍රත්ව විදුහල දෙවැනි ඉනිම - ඕවර 15 කදී කඩුලූ 3 ක් දැවී 92
(ඩිලාන් ජයලත් නොදැවී 59)
සහිරා විදුහල දෙවැනි ඉනිම - ඕවර 36.1 කදී කඩුලූ 9 ක් දැවී 99
(සජිත් සමීර 47, රවීන් සේයර් 39/6)
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.