Last Update  :  2026-03-18 11:46:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket ක‍්‍රිකට් ක‍්‍රීඩිකාවන්ගේ වර්ණ රාත‍්‍රිය අද

ක‍්‍රිකට් ක‍්‍රීඩිකාවන්ගේ වර්ණ රාත‍්‍රිය අද

දිලිනි මල්රුක්ෂි - 2013 අගෝ මස 16 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

කොළඹ දිස්ත‍්‍රික් කාන්තා ක‍්‍රිකට් සංගමය හිටපු ක‍්‍රිකට් ක‍්‍රීඩිකාවන් ඇගයීම වෙනුවෙන් සංවිධානය කරන ආදි ක‍්‍රිකට් ක‍්‍රීඩිකාවන්ගේ වර්ණ රාත‍්‍රිය සහ සුහද හමුව අද (16) පස්වරුවේ කොළඹ සිංහල ක‍්‍රීඩා සමාජ (එස්. එස්. සී.) ශ‍්‍රවනාගාරයේදී පැවැත්වේ.

මෙහිදී පත්මා කරුණාරත්න, වැනේසා ද සිල්වා, නිරූපා පීරිස්, මනෝරි කොඩිතුවක්කු, තිලකා නිල්මිණි, සැලෝමි ද සිල්වා, චාමේන් ඩිලියි, රන්දිකා ගල්හේනගේ, චන්ද්‍රිකා ලක්මාලි, රෝස් ප‍්‍රනාන්දු, ඉන්දිකා ගලගෙදර, හිරුකා ප‍්‍රනාන්දු, වරුණි සිගේරා, සී. සිංහබාහු, පද්මිලා මධුෂානි සහ සුභද්‍රා පෙරේරා සම්මාන ලැබීමට නියමිතය.  

මේ අවස්ථාවට විශේෂ ආරාධිත අමුත්තා ලෙස ශ්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනයේ උප සභාපතිවරයකු වන මොහාන් ද සිල්වා මහතා සහභාගි වීමට නියමිතය.


අදහස් (0)

ක‍්‍රිකට් ක‍්‍රීඩිකාවන්ගේ වර්ණ රාත‍්‍රිය අද

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.