Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
පිය පදවිය ලත් විරාට් කෝලි ඉන්දීය කණ්ඩායම මෙහෙයවීම සඳහා නැවතත් පිටියට පිවිසෙද්දී එංගලන්ත නායක ජෝ රූට් තමාගේ 100 වැනි ටෙස්ට් තරගය ක්‍රීඩා කිරීමට සූදානම් වෙයි. එහෙත් මේ දෙදෙනාගේම ඉලක්කය තම තමන්ගේ පෞද්ගලික කඩයිම් නොව, මේ වසරේ ජූනි මාසයේදී ලෝඩ්ස් පිටියේදී පැවැත්වීමට නියමිත ලෝක ටෙස්ට් ශූරතාවලියේ අවසන් මහ තරගයයි.
ඉන්දියාව සහ එංගලන්තය අතර චෙන්නායිහිදී අද (5 වැනිදා) ආරම්භ වන ටෙස්ට් තරගාවලිය තරග 4 කින් සමන්විතය. එහි එක් තරගයක් දිවා/රාත්‍රී තරගයක් වන අතර එය අහමදාබාද් නුවර පිහිටි මොටෙරා ක්‍රීඩාංගණයේදී පැවැත්වේ.
ලෝක ටෙස්ට් ශූරතාවලියේ අවසන් මහ තරගය සඳහා නවසීලන්තය දැනටමත් සුදුසුකම් ලබා සිටින අතර ඕස්ට්‍රේලියානු පිලේ දකුණු අප්‍රිකානු සංචාරය කල්දැමීම හේතුවෙන් අවසන් මහ තරගයේ අවස්ථාවක් ලබාගැනීම ඕස්ට්‍රේලියානු පිලට බෙහෙවින් දුෂ්කර වී තිබේ. එබැවින් ලෝක ටෙස්ට් ශූරතා ප්‍රසාද ලකුණු සටහනේ 4 වැනි ස්ථානයේ සිටියද ඉන්දියාව පරාජය කරගැනීමට සමත් වුවහොත් ශූරතාවලියේ අවසන් මහ තරගයේ ස්ථානයක් සොයා ගැනීමට එංගලන්තයට හැකිවනු ඇත.
ලෝක ටෙස්ට් ශූරතාවලියේ අවසන් මහ තරගයට සුදුසුකම් ලබාගැනීමට නම් ඉන්දියාව විසින් එංගලන්තය (4-0), (3-0), (3-1), (2-0) හෝ (2-1) ක් ලෙසින් පරාජය කළ යුතුය. එංගලන්තය පිල එම අවස්ථාව ලබාගැනීමට නම් (3-1), (3-0) හෝ (4-0) ක් ලෙසින් ඉන්දියාව පරාජය කළ යුතුව තිබේ. මේ දෙකින් එකක් නොවුණහොත් නවසීලන්තයට එරෙහිව තරග කිරීම සඳහා ඕස්ට්‍රේලියාව ලෝක ටෙස්ට් ශූරතාවලියේ අවසන් මහ තරගයට සුදුසුකම් ලබනු ඇත.
කෙසේ වෙතත් තරගාවලිය ඉන්දියාවේදී පැවැත්වෙන බැවින් තරගාවලියේ වැඩි වාසිය ඉන්දය කණ්ඩායමට හිමිවන බව නොරහසකි. ප්‍රශ්නාර්ථයකට ඇත්තේ තරග 4 ම පැවැත්වෙන්නේ ක්‍රීඩාංගණ දෙකකදී වීමෙන් විශාඛාපට්නම් හෝ කාන්පූර් වැනි දඟපන්දු යවන්නන්ගේ පරාදීසයන්හිදී විදේශීකයන් අමාරුවේ දැමීමට ඉන්දියාවට නොහැකි වීමයි.
චෙන්නායිහිදී මෙන්ම අහමදාබාද්හිදීත් දඟ පන්දු යවන්නන්ට යෝග්‍ය තණතීරු සූදානම් කළ හැකි නමුත් එංගලන්ත පිල සතුව සිටින ඩොම් බෙස් සහ ජැක් ලීච් වැනි පන්දු යවන්නෝ අභියෝගයට මුහුණ දීමට සූදානමින් සිටිති.
බෙන් ස්ටෝක්ස් සහ ජොෆ්රා ආචර් දෙදෙනාත් යළි කණ්ඩායමට එක්ව සිටින බැවින් වේග පන්දුවෙන් පිතිකරුවන් මෙල්ල කළ හැකි තුන් ඉරියව් ක්‍රීඩකයන්ගෙන් කණ්ඩායම පුරවා දැමීමට එංගලන්තයට පුළුවන.
- 213
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.