Last Update  :  2024-04-30 23:41:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket කෝලි - ඩු’ප්ලෙසි එක්ව රාජස්තානයට තලති
අයි.පී.එල්. - 2024

කෝලි - ඩු’ප්ලෙසි එක්ව රාජස්තානයට තලති

editorial - 2024 අප්‍රේ මස 06 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

 

අයි.පී.එල්. තරගාවලි ඉතිහාසයේ පස්වැනි වතාවටත් පළමු කඩුල්ල වෙනුවෙන් ශතක සම්බන්ධතාවක් පැවැත්වූ විරාට් කෝලි (113) සහ ෆෆ් ඩු’ප්ලෙසි (44) දෙදෙනා එක්ව බැංගලෝර් පිල වෙනුවෙන් ඕවර 14 කින් ලකුණු 125 ක් එක්කළහ. මැද පෙළ පිතිහරඹය අසාර්ථක වූ හෙයින් රාජස්තානයේ ක්‍රිකට් බලකොටුව වන ජායිපූර්හි සවායි මන්සිං ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන තරගයේදී රජස්තානයට එරෙහිව බැංගලෝර් පිලේ ලකුණු සංඛ්‍යාව 183 කට සීමා විය. 

අවසන් ඕවර දෙක යැවූ නන්ඩි්‍ර බර්ගර් (4) සහ අවේශ් ඛාන් (14) දෙදෙනාගෙන් අවසන් ඕවරයේදී විරාට් කෝලි ලකුණු 13 ක් උදුරා ගත්තේ හතරේ පහර තුනකින්ම වේග පන්දු යවන්නාට සංග්‍රහ කරමිනි.

පන්දු 67 කින් සිය 8 වැනි අයි.පී.එල්. ශතකය සම්පූර්ණ කළ විරාට් කෝලිගේ ඉනිම හතරේ පහර 12 කින් සහ හයේ පහර 4 කින් අලංකාර විය. එය ජායිපූර් නුවරදී විරාට් කෝලී ලකුණු 50 සීමාව ඉක්මවා ගිය පළමු අවස්ථාව ද විය. 

නවසීලන්ත ක්‍රීඩක ටේ‍රන්ට් බෝල්ට් ඕවරයකදී කඩුලු දෙකක් දවාගැනීම විමතියට කරුණක් නොවූවත් අද තරගයේදී ෆෆ් ඩු’ප්ලෙසිගෙන් හොඳ හයේ පහර දෙකක් කෑම නම් විමතියට කරුණක් විය. බෝල්ට්ගේ තුන්වැනි ඕවරයෙන් ලකුණු 16 ක් උදුරාගත් ෆෆ් ඩු’ප්ලෙසි 9 වැනි ඕවරය නිමා වන විට බැංගලෝර් පිලේ ලකුණු සංඛ්‍යාව 79 දක්වා ඉහළ දැම්මේය. එහෙත් අයි.පී.එල්. තරග ඉතිහාසයේ හොඳම දඟ පන්දු යවන්නා වී සිටින යුෂ්වේන්ද්‍ර චාහල් විසින් කෝලි - ඩු’ප්ලෙසි සම්බන්ධතාව බිඳ දමන ලදි. 


රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් - ඕවර 20 කදී කඩුලු 3 ක් දැවී 183 යි
(විරාට් කෝලි නොදැවී 113, ෆෆ් ඩු’ප්ලෙසි 44, යුෂ්වේන්ද්‍ර චාහල් 34/2)

- 213


අදහස් (0)

කෝලි - ඩු’ප්ලෙසි එක්ව රාජස්තානයට තලති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.