Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
අන්තර් පාසල් වයස 15 න් පහළ ‘සිංගර් කුසලාන’ ක්‍රිකට් තරගාවලියේ මීගමුව ශාන්ත පීතර විදුහල සහ කොට්ටේ ශාන්ත තෝමස් විදුහල අතර කටානේදී පැවැති I කොටසේ තරගයෙන් පළමු ඉනිමේ ජයක් වාර්තා කිරීමට ශාන්ත තෝමස් විදුහල සමත් විය.
එහිදී ශාන්ත තෝමස් විදුහල වෙනුවෙන් දක්ෂ පන්දු යැවීමක නිරත වූ අචිත කාවින්ද ලකුණු 28 කට කඩුලු 7 ක් දවාගත් අතර එම විදුහලේම සිතුම් සන්දීර (68) අර්ධ ශතකයක් ලබාගත්තේය.
ශාන්ත පීතර විදුහල් පළමු ඉනිම - ඕවර 54.1 කදී සියලු දෙනා දැවී 154
(මහේන් ප්‍රනාන්දු 44, රුසිත් නවෝද් 33, අචිත කාවින්ද 28/7)
ශාන්ත තෝමස් විදුහල් පළමු ඉනිම - ඕවර 44 කදී කඩුලු 8 ක් දැවී 162
(සිතුම් සන්දීර 68, සවින් මනිඳු 20, එරංග ආලෝක 13/3, ලසිත් ඉසල්ක 33/2)
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.