Last Update  :  2025-10-15 21:03:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket කොළඹ රාජකීය අවසන් පූර්ව වටයට
19න් පහළ පළමු කොටස ‘ඒ’ තලයේ පාසල් ක්‍රිකට්

කොළඹ රාජකීය අවසන් පූර්ව වටයට

editorial - 2025 ඔක් මස 15 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(රජන්ත බමුණුකොටුව)

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ අනුග්‍රහය ඇතිව ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය විසින් සංවිධානය කරනු ලබන වයස අවුරුදු 19න් පහළ පළමු කොටයේ ‘ඒ’ තලයේ අන්තර් පාසල් එක්දින ක්‍රිකට් තරගාවලියේ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලැබීමට කොළඹ රාජකීය විද්‍යාලය සමත්විය. 

රාජකීය විදුහල් ක්‍රීඩාංගණයේ පැවැති අර්ධ අවසන් පූර්ව තරගයේදී  මොරටුව ශාන්ත සෙබස්තියන් විද්‍යාලයට එරෙහිව කඩුලු 7ක්  ජයක් ලබමින් කොළඹ රාජකීය විද්‍යාලය අවසන් පූර්ව වටයට සුදුසුකම් ලැබීය.

කොළඹ රාජකීය විද්‍යාලය වෙනුවෙන් නායක රෙහාන් පීරිස් පිත්තෙන් දස්කම් දක්වමින් ලකුණු 75 ක් රැස් කළ අතර, ශ්‍රී ලංකා යොවුන් ක්‍රිකට් පිලේ නායක විමත් දින්සර ලකුණු  53 ක් රැස් කරමින් තම පිලේ ජයග්‍රහණයට මාවත විවර කළේය. 

අවසන් පූර්ව වටයේදී කොළඹ මහානාම විද්‍යාලය සමගින් කොළඹ රාජකීය විද්‍යාලය තරග වදිනු ඇත.


මොරටුව ශාන්ත සෙබස්තියන් විද්‍යාලය - ඕවර 49.1 කදී 213 යි 
(මෙෂෝන් ෆර්ඩිනැන්ඩෝ 62, කොෂේන්ද්‍ර ප්‍රනාන්දු 46, කවීෂ පෙරේරා 24, ෂෙෆාන් ප්‍රනාන්දු 22, මලින්ත සිල්වා 21, හිමරු දේශාන් 40/2)

කොළඹ රාජකීය විද්‍යාලය -ඕවර 43.4 කදී කඩුලු 3 ට 217 යි
(රෙහාන් පීරිස් 75, විමාත් දින්සර 53, උදන්ත ගඟේවත්ත 39, තෙවිඳු වේවැල්වල 34, මලින්ත සිල්වා 30/2)

 


විමාත් දින්සර


අදහස් (0)

කොළඹ රාජකීය අවසන් පූර්ව වටයට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.