Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
(රජන්ත බමුණුකොටුව)
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ අනුග්‍රහය ඇතිව ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය විසින් සංවිධානය කරනු ලබන වයස අවුරුදු 19න් පහළ පළමු කොටස ‘ඒ’ තලයේ අන්තර් පාසල් එක්දින ක්‍රිකට් තරගාවලියේ අවසන් පූර්ව වටයට අපරාජිකව සුදුසුකම් ලැබීමට කොළඹ මහානාම විද්‍යාලය සමත්විය.
නාරාහේන්පිට , කිරිමණ්ඩල මාවත ක්‍රීඩාංගණයේදී පැවැති අර්ධ අවසන් පූර්ව තරගයේදී මොරටුව වේල්ස් කුමර විද්‍යාලයට එරෙහිව ලකුණු 106 ක ජයක් ලබමින් කොළඹ මහානාම විද්‍යාලය අපරාජිතව අවසන් පූර්ව වටයට සුදුසුකම් ලැබීය.
තරගයේ පළමුව පන්දුවට පහරදුන් කොළඹ මහානාම විද්‍යාලය ඕවර 47.5 කදී සියලු දෙනා දැවී ලකණු 268 ක් රැස් කළේය. පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ මොරටුව වේල්ස් කුමර විද්‍යාලයට ඕවර 43.3 කදී සියලු දෙනා දැවී රැස්කරගත හැකිවූයේ ලකුණු 162 ක් පමණි.
කොළඹ මහානාම විද්‍යාලය වෙනුවෙන් තුන් ඉරියව් දස්කම් දැක්වීමට වෙනුර කවීත්‍ර සමත්විය. වෙනුර කවීත්‍ර පිත්තෙන් දස්කම් දක්වමින් ලකුණු 65 ක් රැස් කළ අතර, පන්දුවෙන් දස්කම් දක්වමින් ලකුණු 24 කට කඩුලු 2 ක් දවාලීය. පිත්තෙන් දස්කම් දැක්වූ සනුල් වීරරත්න ලකුණු 78 ක් රැස් කළේය. මොරටුව වේල්ස් කුමර විද්‍යාලය වෙනුවෙන් රුසඳු සිල්වා තුන් ඉරියව් දස්කම් දැක්වීය.
තරගාවලියේ අවසන් පූර්ව වටයේදී කොළඹ මහානාම විද්‍යාලය සමගින් කොළඹ රාජකීය විද්‍යාලය තරග වදිනු ඇත.
කොළඹ මහානාම විද්‍යාලය - ඕවර 47.5 කදී 268 යි
(සනුල් වීරරත්න 78, වෙනුර කවීත්‍ර 65, සිනෙත් වීරරත්න 26, චාමික හීනටිගල 23, සිතුම් විහඟ 20, රුසඳු සිල්වා 55/3, මතීෂ අපෝන්සු 59/3, නෙතුල් අනුහස් 30/2)
මොරටුව වේල්ස් කුමර විද්‍යාලය -ඕවර 43.3 කදී 162 යි
(රුසඳු සිල්වා 69, පසන් කුරේ 28, ගීත් සඳරුවන් 23/2, දුල්නිත් සිගේරා 23/2, චාමික හීනටිගල 30/2, වෙනුර කවීත්‍ර 24/2, සිතුම් විහඟ 34/2)
සනුල් වීරරත්න
වෙනුර කවීත්‍ර
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.