ඉන්දීය ප‍්‍රීමියර් ලීග් (අයි.පී.එල්.) ක‍්‍රිකට් තරගාවලියේ 40 වැනි තරගය ලෙස කටාක්හිදී අද (14) පැවැති දිනයේ දෙවැනි තරගයේදී කොල්කටා නයිට් රයිඩර්ස් පිල කඩුලූ 6 කින් මුම්බායි ඉන්දියන්ස් පිල පරාජය කළේය.
කොල්කටා පිතිකරුවෝ ඕවර 18.4 කදී කඩුලූ 4 ක් දැවී ලකුණු 142 ක ඉලක්කය සම්පූර්ණ කළහ. මුම්බායි පිල මේ දක්වා සහභාගි වූ තරග 10 දී ලැබූ හත්වැනි පාරජය මෙය වේ. කොල්කටා පිල තරග 10 න් පහක් ජය ලබා ප‍්‍රසාද ලකුණු සටහනේ සිවුවැනි ස්ථානයේ පසු වෙයි.
ශ්‍රී ලංකා විස්සයි 2-0 පිලේ නායක වේග පන්දු යවන ලසිත් මාලිංග පිට පිටම 11 වැනි තරගයට සහභාගි වෙමින් ඕවර 3.4 ක් යවමින් ලකුණු 30 කට එක කඩුල්ලක් දවා ගත්තේය.
මාලිංග තරග 11 කදී කඩුලූ 15 ක් දවා ගනිමින් පන්දු යවන්නන් අතර තෙවැනි ස්ථානයේ පසු වෙයි. රොබින් උත්තප්පා අනගි ඉනිමක් ක‍්‍රීඩා කරමින් පන්දු 52 කදී ලකුණු 80 ක් රැස් කළ අතර එයට හතරේ පහර 9 ක් සහ හයේ පහර 3 ක් ඇතුළත් විය.
පළමුව පන්දුවට පහර දුන් මුම්බායි පිලේ නායක රෝහිත් ශර්මා පන්දු 45 කදී හතරේ පහර 4 ක් සහ හයේ පහර 2 ක් සමගින් ලකුණු 51 ක් රැස් කළේය. කාසියේ වාසිය ලැබූ කොල්කටා පිලේ නායක ගෞතම් ගාම්බීර් පළමුව පන්දු යැවීමට තීරණය කළේය.
මුම්බායි ඉන්දියන්ස් පිල ඕවර 20 කදී කඩුලූ 5 ට 141 (ලින්ඞ්ල් සීමන්ස් 12, අම්බාටි රයිදු 33, රෝහිත් ශර්මා 51, කොරි ඇන්ඩසන් 18, මොනේ මොර්කල් 35/2)
කොල්කටා නයිට් රයිඩර්ස් පිල ඕවර 18.4 කදී කඩුලූ 4 ට 142 (රොබින් උත්තප්පා 80, ගෞතම් ගාම්බීර් 14, මනීෂ් පාණ්ඬේ 14, යූසුප් පතාන් නොදැවී 20, හර්බජාන් සිං 22/2)
- 048
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.