Last Update  :  2025-08-14 18:24:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket කොදෙව් පිලට ලකුණු 399 ක ඉලක්කයක්

කොදෙව් පිලට ලකුණු 399 ක ඉලක්කයක්

editorial - 2020 ජුලි මස 26 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(සැකසුමඃ රොෂාන් ගුණරත්න)

සංචාරක බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සහ එංගලන්ත කණ්ඩායම අතර එංගලන්තයේ මැන්චෙස්ටර්හිදී පැවැත්වෙන තෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගයේ ජයග්‍රහණය සඳහා ලකුණු 399 ක ඉලක්කයක් හඹායන කොදෙව් කණ්ඩායම තෙවැනි දිනය වූ අද (26 වැනිදා) තරගය අවසන් කරන විට ලකුණු 10 කට කඩුලු 2 ක් අහිමිකරගෙන සිටියේය. ඒ අනුව කඩුලු 8 ක් අතැති කොදෙව් කණ්ඩායමට ජයග්‍රහණය සඳහා තවත් ලකු 389 ක් අවශ්‍යවේ.

දෙවැනි ඉනිම සඳහා පන්දුවට පහරදුන් එංගලන්ත කණ්ඩායම කඩුලු 2 ක් දැවී ලකුණු 229 ක් රැස්කර සිටියදී ඉනිම අත්හිටුවා පන්දුවට පහරදීමට කොදෙව් කණ්ඩායමට ආරාධනා කළේය.

මුල් පෙළ පිතිකරුන්වන්වූ රොරී  බර්න්ස් (90), ඩොමිනික් සිබ්ලි (56) සහ ජෝ රූට් (නොදැවී 68) අර්ධ ශතක රැස්කරමින් එංගලන්ත ලකුණු පුවරුව ඉහළ දැමීමට දායක වූහ.

එංගලන්ත දෙවැනි ඉනිමේ පළමු කඩුල්ල ලෙස ඩොමිනික් සිබ්ලි ලකුණු 56 කට දවාගැනීමට ජේසන් හෝල්ඩර් සමත්විය. කඩුල්ල මුවා කිරීමේ වරදට හසුව සිබ්ලි දැවී යනවිට පන්දු 132 කට මුහුණදුන් ඔහු හතරේ පහර 7 ක් සිය ඉනිමට එක්කරගෙන සිටියේය.

පන්දු 163 කට මුහුණදුන් රොරී බර්න්ස් හතරේ පහර 1 ක් සමගින් ලකුණු 9 ක් රැස්කර සිටියදී රොස්ටන් චේස්ගේ පන්දුවක් හමුවේ කඩුලු රකිනා ජොශුවා ද සිල්වා අතට උඩපන්දුවක් දෙමින් දැවී ගියේය. 

නායක ජෝ රූට් වේගවත් පිතිහරඹයක නිරත වෙමින් පන්දු 56 කදී හයේ පහරක් සහ හතරේ පහර 8 ක් සමගින් ලකුණු 68 ක් රැස්කළ ඔහු රොරී බර්න්ස්ගේ දැවීයාමත් සමගින් ඉනිම අත්හිටුවීමට තීරණය කළේය. 

බටහිර ඉන්දීය කොදෙව් නායකයා පන්දු යවන්නන් 5 දෙනෙකු යොදාගනිමින් එංගලන්ත පිතිකරුවන් මෙල්ල කිරීමට උත්සහ දැරුවද එය අසාර්ථක විය.

කොදෙව් පිලේ නිත්‍ය කඩුලු රකින්නා වන ෂේන් ඩව්රිච්ගේ කටේ පන්දුවක් වැදීමෙන් තුවාල සිදුවී ක්‍රීඩාගාරයට යෑම නිසා ඔහු වෙනුවට කඩුලු රැකීම සඳහා පැමිණි ජොශුවා ද සිල්වාගෙන් ස්ටම්ප්ස් කිරීමක් මඟහැරුණි. ඒ වනවිට ලකුණු 12 ක් ලබාසිටි රොරී බර්න්ස්ට තවදුරටත් කඩුල්ලේ රැඳී සිටීමේ වාසනාව හිමිවිය.

පිත්තෙන් තමන්ගේ වගකීම ඉටුකළ ස්ටුවර්ට් බ්‍රෝඞ්ගේ (31/6) විශිෂ්ඨ පන්දු යැවීම හමුවේ පළමු ඉනිම සඳහා පන්දුවට පහර දුන් බටහිර ඉන්දීය කොදෙව් පිලට සියලුදෙනා දැවී රැස්කිරීමට හැකිවූයේ ලකුණු 197 ක් පමණි.

දෙවැනි දිනය වූ ඊයේ තරගය අවසන් කරනවිට ලකුණු 137 කට කඩුලු 6 ක් අහිමිකරගෙන සිටි බටහිර ඉන්දීය කොදෙව් පිලට අද උදෑසන ඉතිරි කඩුලු 4 ත් අහිමිවනවිට කොදෙව් පිතිකරුවන්ට සිය කණ්ඩායම සඳහා එක්කිරීමට හැකිවූයේ තවත් ලකුණු 60 ක් පමණි.

ජේසන් හෝල්ඩර් ලකුණු 38 ක් රැස්කර සිටියදී ක්‍රිස් වෝක්ස්ගේ පන්දුවක් හමුවේ ලබාදුන් උඩපන්දුව මිඞ්විකට් කළාපයේ පන්දු රකිමින් සිටි ඔලී පෝප් විසින් ගුවනේ පාවී යමින් ඉතා දක්ෂ ලෙස පන්දුව සිය දෑත් අතර හිරකර ගත්තේය. නමුත් දැවීයාමකදී ප්‍රධාන විනිසුරු විසින් තෙවැනි විනිසුරුගෙන් එම පන්දුව නිපන්දුවක්ද යන්න පරීක්‍ෂා කරන අතර මෙහිදීද ප්‍රධාන විනිසුරුවරයා කළ විමසීමේදී පන්දු යැවූ ක්‍රීස් වෝක්ස් සීමා ඉර පසුකර ගොස් තිබිණ. ඒ හේතුවෙන් එම පන්දුව නිපන්දුවක් ලෙස ප්‍රධාන විනිසුරු විසින් සංඥා කිරීමත් සමගින් ජේසන් හෝල්ඩර්ට තවදුරටත් කඩුල්ලේ රැඳී සිටීමේ වාසනාව හිමිවිය.

කෙසේ වෙතත් ජේසන් හෝල්ඩර්ට වැඩි වේලාවක් කඩුල්ලේ රැඳී සිටීමට අවස්ථාවක් නොදුන් ස්ටුවර්ට් බ්‍රෝඞ් කඩුල්ල මුවා කිරීමේ වරදට හසුකරගනිමින් ඔහු දවාගත්තේය. පන්දු 82 කට මුහුණදුන් හෝල්ඩර් දැවීයන විට සිය ඉනිමට හතරේ පහර 6 ක් ඇතුළත් කර තිබිණ. 

ෂේන් ඩව්රිච් සමගින් එක්ව 7 වැනි කඩුල්ල සඳහා ලකුණු 68 ක සම්බන්ධතාවයක් ගොඩනගමින් කොදෙව් ඉනිමේ ලකුණු සංඛ්‍යාව ඉහළ දැමීමට ජේසන් හෝල්ඩර් උත්සහ කළද එය අසාර්ථක විය. ලකුණු 37 ක් රැස්කර සිටියදී ස්ටුවර්ට් බ්‍රෝඞ්ගේ පන්දුවක් හමුවේ ක්‍රිස් වොක්ස්ට උඩපන්දුවක් දෙමින් ෂේන් ඩව්රිච් දැවි ගියේය. පන්දු 63 කට මුහුණදුන් ඔහුගේ ඉනිමට හතරේ පහර 5 ක් ඇතුළත් විය.

කොදෙව් ඉනිමේ අවසන් කඩුලු ලෙස ජේසන් හෝල්ඩර්, ෂේන් ඩව්රිච්, කෙමාර් රෝච් සහ රකීම් කෝල්වෝල් දවාගත් ස්ටුවර්ට් බ්‍රෝඞ් සිය ටෙස්ට් දිවිය තුල අවස්ථා 18 කදී කඩුලු 5 බැගින් දවාගෙන ඇත. ඊයේ දවාගත් කඩුලු 6 ත් සමගින් ස්ටුවර්ට් බ්‍රෝඞ් කඩුලු 500 කඩයිමට ළංවී සිටී. තවත් කඩලු 4 ක් දවාගතහොත් ටෙස්ට් කඩුලු 500 ක් දවාගත් දෙවැනි එංගලන්ත පන්දු යවන්නා බවට පත්වීමට ස්ටුවර්ට් බ්‍රෝඞ්ට පිළිවන. 

එංගලන්තය - පළමු ඉනිම 369

බටහිර ඉන්දීය කොදෙව් පිල - පළමු ඉනිම සියලුදෙනා දැවී 197
(ජෝන් කැම්බල් 32, ෂායි හෝප් 17, ජර්මේන් බ්ලැක්වුඩ් 26, ජේසන් හෝල්ඩර් 46, ෂේන් ඩව්රිච් 37, ජේම්ස් ඇන්ඩසන් 28/2, ස්ටුවර්ට් බ්‍රෝඞ් 31/6)

එංගලන්තය - දෙවැනි ඉනිම කිසිවකු නොදැවී 86
(රොරී බර්න්ස් නොදැවී 38, ඩොමිනික් සිබ්ලි නොදැවී 40)


අදහස් (0)

කොදෙව් පිලට ලකුණු 399 ක ඉලක්කයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.