Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ශ්‍රී ලංකාවට එරෙහිව පැවැත්වෙන ටෙස්ට් තරගාවලියේදී බටහිර ඉන්දීය කොදෙව් පිලේ නායකයා ලෙසින් ක්‍රෙග් බ්‍රැත්වෙයිට් පත්කර තිබේ. හිටපු නායක ජේසන් හෝල්ඩර් වෙනුවට බ්‍රැත්වෙයිට් කණ්ඩායමේ නායකත්වය දරන බව කොදෙව් ක්‍රිකට් පාලක මණ්ඩලය නිවේදනය කළේය.
බ්‍රැත්වෙයිට් මීට පෙර ටෙස්ට් තරග 7 කදී කණ්ඩායමට නායකත්වය දී ඇති අතර හෝල්ඩර්ගේ උපනායකයා වශයෙන්ද කටයුතු කළේය. මෑතකදී බංග්ලාදේශයට එරෙහිව බංග්ලාදේශයේදී පැවැති ටෙස්ට් තරගාවලිය 2-0 කින් ජයගැනීමටද බ්‍රැත්වෙයිට්ගේ කොදෙව් කණ්ඩායම සමත් විය.
“බටහිර ඉන්දීය කොදෙව් ටෙස්ට් කණ්ඩායමට නායකත්වය දීම ඉමහත් ගෞරවයක්... කණ්ඩායමට නායකත්වය දීම සඳහා කොදෙව් ක්‍රිකට් මණ්ඩලය සහ තේරීම් කමිටුව මට අවස්ථාව සහ වගකීම ලබා දී තිබීම ගැන මා අතිශයින් ආඩම්බර වෙනවා” යයි බ්‍රැත්වෙයිට් පැවසීය.
“මෑතකදී බංග්ලාදේශයේ පැවති ටෙස්ට් තරගමාලාවේ ජයග්‍රහණය අපූරු ජයග්‍රහණයක්. මම ශ්‍රී ලංකාවට එරෙහිව එළඹෙන ටෙස්ට් තරගාවලිය ආරම්භවන තුරු බලා ඉන්නවා” යයිද බ්‍රැත්වෙයිට් පැවසීය.
වසර 2015 දී කොදෙව් පිලේ නායකත්වයට පත් ජේසන් හෝල්ඩර් කොරෝනා අවදානම හේතුවෙන් බංග්ලාදේශයේ සංචාරය නොකිරීමට තීරණය කළ ක්‍රීඩකයන් කිහිප දෙනාගෙන් අයෙක් විය. අන්තර්ජාතික ශ්‍රේණිගතකිරීම් අනුව, මේ වන විට ලෝකයේ සිටින හොඳම තුන් ඉරියව් ක්‍රීඩකයා වන හෝල්ඩර් ටෙස්ට් තරග 37 කදී කොදෙව් පිලට නායකත්වය දී තිබේ. ඉන් ටෙස්ට් තරග 11 ක් ජයගෙන ඇති තරග තරග 21 ක් පරාජය වී තිබේ.
ශ්‍රී ලංකාවට එරෙහිව මාර්තු 21 සිට 25 දක්වා පැවැත්වීමට නියමිත පළමු ටෙස්ට් තරගය සඳහා වන සංචිතය සිකුරාදා ප්‍රකාශයට පත් කිරීමට නියමිතව තිබිණ.
- 213
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.