කොළඹ කේරි විදුහල සහ බලපිටිය රේවත මැදි විදුහල අතර බලපිටියේදී පැවැති වයස 19 න් පහළ ‘සිංගර් කුසලාන’ අන්තර් පාසල් කි‍්‍රකට් තරගයෙන් පළමු ඉනිමේ ජයක් අත්කර ගැනීමට කේරි විදුහල සමත් විය.
ජයග‍්‍රහණය සඳහා ලකුණු 192 ක ඉලක්කයක් හඹාගිය රේවත විදුහල, තරගය නිමාවන විට කඩුලූ 9 ක් දැවී ලකුණු 173 ක් ලබා සිටියේය.
කේරි විදුහල වෙනුවෙන් දිලූෂ ලක්ෂාන් ලකුණු 58 කට කඩුලූ 6 ක් දවාගනිමින් පන්දුවෙන් දස්කම් දැක්වීය.
කේරි විදුහල පළමු ඉනිම - සියලූ දෙනා දැවී 195
(රනුෂ් දීමන්ත 34, චමල් චාමිකර 31, ප‍්‍රමුඛ ෆෙන්සේකා 29, ජනිත් ලක්ෂාන් 22, තමිඳු මලීෂ 22, ලසිත් විමලසේන 22, මෙහොමඞ් ඉශ්රාත් 66/5, චරිත් සසලංක 32/2, දිල්ෂාන් මධුසංක 50/2)
රේවත විදුහල පළමු ඉනිම - සියලූ දෙනා දැවී 153
(ගයාන් අසංක 29, චරිත් සසලංක 26, පසිඳු කිරුල 20, සචින් මධුසංක 56/4, රනුෂ් දීමන්ත, 44/3)
කේරි විදුහල දෙවැනි ඉනිම - සියලූ දෙනා දැවී 150
(සචින් මධුසංක 49, අශාන් චතුරංග 20/3, සහන් මධුවන්ත 31/3)
රේවත විදුහල දෙවැනි ඉනිම - කඩුලූ 9 ක් දැවී 173
(චරිත් සසලංක 64, පසිඳු සම්පත් 41, දිලූෂ ලක්ෂාන් 58/6)
-036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.