Last Update  :  2025-09-08 14:33:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket කුලරත්න විදුහලට මුල් ඉනිමේ ජයක්

කුලරත්න විදුහලට මුල් ඉනිමේ ජයක්

සංජය එරමුදුගොඩ - 2016 පෙබ මස 21 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

අන්තර් පාසල් වයස 19 න් පහළ ‘සිංගර් කුසලාන’ කි‍්‍රකට් තරගාවලියේ II කාණ්ඩයේ අර්ධ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබාගැනීමට අම්බලන්ගොඩ පී. ද එස්. කුලරත්න විදුහල සමත් විය.

කළුතර තිස්ස විදුහලට එරෙහිව කරන්දෙණියේදී පැවැති පෙර අර්ධ අවසන් පූර්ව වටයේ තරගයෙන් පළමු ඉනිමේ ජයක් අත්කර ගනිමින් පී. ද එස්. කුලරත්න විදුහල අර්ධ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබාගත්තේය.

පී. ද එස්. කුලරත්න විදුහලේ නිපුන් රන්සික නොදැවී ලකුණු 104 ක් රැස්කරමින් පිත්තෙන් දස්කම් දැක්වීය. ප‍්‍රභාත් සමීර (97) සහ මල්ෂ හර්ෂජීව (70) එහිදී අර්ධ ශතක ලබාගැනීමට සමත් වූහ.


තිස්ස විදුහල පළමු ඉනිම - ඕවර 54.1 කදී සියලූ දෙනා දැවී 184  
(සඳුන් චතුරංග 43, භානුක ප‍්‍රමුදිත 57/3, නිපුන් රන්සික 57/3)
 
පී. ද එස්. කුලරත්න විදුහල පළමු ඉනිම - ඕවර 110 කදි කඩුලූ 8 ක් දැවී 432
(නිපුන් රන්සික නොදැවී 104, ප‍්‍රභාත් සමීර 97, මල්ෂ හර්ෂජීව 70, ලෂාන් හර්ෂණ 62/4, නවෝද් ප‍්‍රබෝධන 94/3)

තිස්ස විදුහල දෙවැනි ඉනිම - ඕවර 3.1 කදී කිසිවකු නොදැවී 21

 


අදහස් (0)

කුලරත්න විදුහලට මුල් ඉනිමේ ජයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.